අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

තාත්තා ඉන්දීය අත්අඩංගුවෙන් මුදවා ගන්න කඳුළු හෙළන ලංකාවේ ඔලිම්පික් තරුව…

by editor
මැයි 9, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

පාරමී වසන්ති මාරිස්ටෙලා දියණිය ගැන සමහර විට ඔබට අමතක ඇත. ඇය මෑත කාලයේ ලංකාව සතුව සිටි ප්‍රභාමත්ම ක්‍රීඩා තාරකාවය.  එකම අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවය.   බුඑනෝ අයර්ස් හි 2018 දී පැවති තුන් වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ මීටර 2000 බාධක දිවීම තරගයේ ලෝකඩ පදක්කම දිනා ගන්නී ඇයය.  ඇය ඉතිහාසගත වන්නේ  යොවුන් ඔලිම්පික්  ඉතිහාසයේ ලංකාව වෙනුවෙන් මුල්ම පදක්කම දනූ ලාංකිකයා ලෙසය.

ඇය ලද  එම ජයග්‍රහණය , ඩන්කන් වයිට් (1948 ලන්ඩන් ) සහ සුසන්තිකා ජයසිංහට (2000 සිඩ්නි) පසුව ඔලිම්පික් වර්ගීකරණය හිමිවන ජාත්‍යන්තර තරගයක දී ලංකාව දිනූ මුල්ම පදක්කම ය. එමෙන්ම 2008 වසරේ පූනේහි පැවති පොදු රාජ්‍යමණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේ දී ෂෙහාන් අඹේපිටිය සහ සහාය දිවීමේ කණ්ඩායම දිනූ රන් පදක්කම්වලට පසුව ශ්‍රී ලංකාව ලෝක මට්ටමේ මළල ක්‍රීඩා තරගයකදී ලද මුල්ම පදක්කම ද මෙය ය.

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමි වසන්ති මාරිස්ටෙලාගේ පියා ධීවර කාර්මිකයෙකි. මීට මාස තුන හමාරකට කලින් ඉන්දීය මුහුදු සීමාවේදී එරට ආරක්ෂක අංශ විසින් ඔහුව අත්අඩංගුවට  ගත්තේය. ඒ වග ආරංචි වී තිබුණේ මුහුදේ සිට ගොඩ පැමිණි තවත් බහුදින යාත්‍රාවකිනි.  ඒ තොරතුර පමණි. ඔහු ගැන මේ වනතුරුත් කිසිම ආරංචියක් නැත.

පාරමී මෙවර උසස් පෙළ විභාගය කරන්නීය. පාරමීගේ අක්කා මේ වනවිට සබරගමුව සරසවියේ අධ්‍යාපනය ලබන්නීය. තාත්තාගැන ආරංචි මාත්‍රයක් නැතිව ජාත්‍යාන්තරය දිනූ, අනාගත ශ්‍රී ලාංකිකක බලාපොරොත්තුවක් වූ මේ යොවුන් ක්‍රීඩිකාව දැන්  ඉන්නේ බිඳ වැටුණු අසරණියක ලෙසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පාරමී ගේ අම්මා රීටා මාග්‍රට්ය. රීටා නෙත් නිවුස්වෙත   ඇයගේ වේදනාව කියා තිබුණාය.
“ එයා ජනවාරි 06 දා ත්‍රී කුණාමලේ වරායෙන්  පසුගිය ජනවාරි 06 වැනිදා මුහුදු ගියා. බහුදින යාත්‍රාවකින් ගියෙ. ජනවාරි 28 දා අපට ආරංචි උනා ඉන්දීය සීමාවට ගියා කියලා  එයා එක්ක තවත් පුද්ගලයො 05ක්  ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත්තා කියලා.

අපි මේ බව බෝට්ටුව අයිති මහත්තයට කිව්වා.   බෝට්ටුව අයිති මහත්තයා ධීවර අමාත්‍යාංශයට වගේම දැනුම් දෙන්න ඕන හැම තැනටම  දැනුම් දීලා තිබුණා.  අපි දැන් අන්ත අසරණයි. මට මගෙ මහත්තයා ගෙන්නලා දෙන්න.  ලොකු දූ ක්‍රීඩා විෂය හදාරන්න සබරගමුව කැම්පස් එකේ. පොඩි දූ මේ අවුරුද්දෙ උසස් පෙළ කරනවා.  පොඩි දූ පාරමී අහන්නෙ තාත්තා කවද්ද එන්නෙ කියලා. එයාලගෙ අධ්‍යාපනයවත් හිත එක ලඟ තියාගෙන කරගන්න බැරි වෙලා තියනවා.“  පාරමීගේ අම්මා කියන්නී ඒ දියණියගේ අනාගතය විසිරෙමින් ඇති ආකාරයයි.

පාරමී කතා කරන්නී  හැඬුම්බරවය.

තාත්තා රස්සාවට ගියෙ වියදම් හොයාගන්න. එයා කළේ දවසෙ රස්සාවෙ. මෙහෙම බහුදින යාත්‍රාවක ගියේ පළවෙනි පාර.  අනේ පළවෙනි වතාවටම ගිය ගමනෙදි තමයි තාත්තා මේ අහුවුනේ. ““

“එයා ඉන්නවා කියන්නෙ ඉන්දියාවෙ අන්දමන් දූපත්වල. තාම තොරතුරු ලැබිලා තියෙන්නෙ එහෙම. තාත්තා දැන් ගිහින් මාස තුන හමාරකට වැඩියි.  කතාවත් කළේ නෑ. මම දන්නෙ නෑ තාත්තා හොඳින් ඉන්නව ද නැද්ද කියලවත්.“

“ මේ ඔක්තොම්බර් මාසෙ තමයි මම ඒ ලෙවල් කරන්නේ.  මට තාත්තා මතක් වෙනවා. පාඩමක් කරගන්නවත් බෑ. අක්කා කැම්පස් එකේ. මගෙ වියදම් ටික අක්කගෙ වියදම් ටික කළේ තාත්තා.  අම්මා කොහොම ද දැන් මේ ඔක්කොම කරන්නෙ.  අපිට ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. අනේ තාත්ත කොහොම හරි ගෙනත් දෙන්න.“

අපට  කතා කරන්නට බැරි තරමට අප රාජ්‍ය තාන්ත්‍රිකව අවුලකය. අපේ ධීවරයින් කිසිම තොරතුරක් නොදී මාස ගණන් සිර කරගෙන සිටින්නේ ඉන්දියානු ධීවරයින් අපේ මුහුදු සීමාව ආක්‍රමණය කරන විට නාවික හමුදාව යොදවා ආපසු හරවා යවමින් සිටිය දීය. අත් අඩංගුවට ගත් ධීවරයින්ව සතියක්වත් තබා නොගෙන නිදහස් කරන්නට සිදුවන වටපිටාවක දී ය.

මේ රටේ සෑම පුරවැසියෙකුටම ඇත්තේ එකම වටිනාකමක් බව සැබෑය. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් කරන්නට අවශ්‍ය  පෞරුෂය ඇත්නම් මේ මිනිසුන් ඉන්දියාවේ අන්දමන් දූපත්වල මෙසේ අතුරුදන් වන්නට ඉඩක් නැත. එහෙත් මේ අතර ඉන්නේ ශූර දියණියක් බිහි කර ඇය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කර මේ රටේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක් ගොඩ  නැගූ දිරිමත් ධීවරයෙකි.  මේ අසරණයින් වෙනුවෙන් මැදිහත් වීමට කොන්දක් මේ රටේ ධීවර අමාත්‍යවරයාට නැති නම් ඉන්දියානු මුහුදු සීමාවට ගොස්  උද්ඝෝෂණය කිරීම  මහා කතා මොන ප්‍රලාපයන් දැයි සිහි බුද්ධිය ඇති මිනිස්සුන් කල්පනා කළ යුතුය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාව ඇතුළෙත් අමෙරිකානු ඩොලර් හොරට ගහලා මාට්ටු

Next Post

චීන රොකට්ටුවේ සුන් බුන් ලංකාව සහ ඉන්දියාව අතර සාගරයට ඇද වැටේ

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.