බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

තමන්ගේ සංස්කෘතියට  ගරු කරමින් අනෙක් සංස්කෘතීන් ඉගෙන ගන්න… ලෝකය ලස්සන වේවි… බුද්ධාගමට A ගත් මුස්ලිම් දියණිය

බුද්ධාගමට සහ සිංහල විෂයයන්ට  A සාමාර්ථ ගත් වැල්ලවායේ  මුස්ලිම් දියණිය රටට කියන කතාව

by editor
සැප්තැම්බර් 25, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දුව ඉගෙන ගන්නේ වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේය.

අයිෂා අමිනා දුව ගැන බොහෝ දෙනෙක් අමුතු ආශ්වාදයකින් කතා කරමින් සිටින්නේය. ඒ මේ මුස්ලිම් දියණිය  2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බුද්ධ ධර්ම විෂය හදාරා අති නිසාය.  ඉන් ඒ සාමාර්ථයක් ලබාගෙන සමත් වී ඇති නිසාය.  ඇය බුද්ධ ධර්මයට පමණක් නොව සිංහල විෂය ඇතුළු විෂයයන් නවයටම ඒ සාමාර්ථ ගෙන සමත් වී ඇත්තීය.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දුවගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන අයෙකි. අම්මා ගෘහණියකි.

සිය ජයග්‍රහණය ගැන ඇය අමුතු කතා නොකීවාය. ඉතාම දැනෙන සුළු සේ ඇය අපට කීවේ ඇයගේ අම්මා සහ තාත්තා ගැනය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මට නිදහසේ ඉගෙන ගනන් දුන්නු අම්මටයි තාත්තටයි ගොඩක් ස්තුතියි. ඒ දෙන්නට මුලින්ම ඒ ගෞරවය දෙන්න ඕන.

බුද්ධ ධර්මය කියන්නෙ මට සංස්කෘතිකව ආධුනික විෂයයක්.  බුද්ධ ධර්මය විෂය ඉගැන්වුවේ ජිනරතන ස්වාමින් වහන්සේ. උන්වහන්සේ මේ විෂය ඉගැන්නුව විදිහ හරිම ආකර්ෂණීයයි.

මට අරමුණක් තිබ්බා විභාගය හොඳටම සමත් වෙන්න. මා ඒ වෙනුවෙන් වැඩ කළා. මගේ ජයග්‍රහණය පිටිපස්සේ සිටියේ පන්ති භාර සුපුන් ගුරුතුමා ඇතුළු ගුරුවරුන් පිරිසක්.

මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා

ගාථා ඉක්මනින් පාඩම් හිටිනවා…

මම 1 වසරේ ඉඳලම සිංහල බුද්ධාගම ඉගෙන ගත්තා. මට ඒ විෂයන් ගැන ලොකු අමුත්තක් දැනුණේ නෑ. බුද්ධාගම ඉගෙන ගන්න කොට ගාථා කවි වගේ දේවල් මට හරි ඉක්මනින්ම පාඩම් හිටිනවා. ඒවයෙ තියෙන තේරුම් වලට මම හරි කැමතියි. ඇත්තටම ආයාසයකින් තොරව මට ඒවා මතක හිටිනවා. ජාතක කතා වුණත් එහෙමයි. ඒ කතාවල ඇතැම් චරිත අපිට හරිම සමීපයි.“ ඇය කීවාය.

අත් අකුරු කියන්නේ කෙනෙකුගේ අනන්‍ය තාවය. අමීනා සිංහල අකුරු මුතු ඇට සේ ලියන්න දක්ෂය. ඇය පාසලේ සහ සෙසු පාසල් අතර පැවති අත්අකුරු තරඟ වලට සහභාගී වී ඇත. සිංහල භාෂාව උනන්දුවෙන් ප්‍රගුණ කර ඇති අමීනා රචනා තරඟ සිංහල භාෂා දින තරග ආදියට සහභාගි වෙමින් සිය දක්ෂතාවයන් තවදුරටත් ඔප් නංවා ගෙන සිටී.

” සිංහල කියන්නේ තවත් එක් භාෂාවක්. එහි තිබෙන ව්‍යාකරණ රසාස්වාදය වචන හරිම සරලයි. ඒ වගේම හරිම අර්ථවත් මේවා අපේ ජීවිතේටත් වැදගත්. මම සිංහල ඉගෙන ගත්තෙ හරිම ආසාවෙන්. බුද්ධාගම ඉගෙන ගන්න  මම අමතර පන්ති ගියේ නැහැ. සිංහල ඉගෙන ගත්තෙ සුපුන් සර්ගෙන් නවය වසරෙදි විතර. මම සුපුන් සර් ළඟටම සිංහල ඉගෙන ගන්න   අමතර පන්ති ගියා. ඒත් අසාවෙන් කරනවා නම් පාසලේ උගන්වන දේ හොඳටම ඇති.“

ඒ වගේම මටම ගේ යහළුවොත් හුඟක් උදව් කළා.

අපිට ලෝකෙ වෙනස් කරන්න පුලුවන්.

“පුතාගේ අවසන් බලාපොරොත්තුව මොකක් ද?. “ අපි ඇයගෙන් ඇසුවෙමු.

“මගේ බලාපොරොත්තුව ඉංජිනේරුවරියක් වෙන්න.“ ඇය කීවාය.

”ඒ වගේම මට කියන්න තවත් දෙයක් තියෙනවා. සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරු වුනත් අපේ ආගමට භාෂාවට ගරු කරමින් ඒ අදහමින් ඉන්න ඕනෑ.  ඒ අතරම සෙසු ආගම් හා භාෂා ඉගෙන ගන්නත් ඕනෑ. එවිට අපට අනිත් ජාතීන් ආගම් පිළිබඳ ලොකු අවබෝධයක් එනවා. මම හිතන්නේ අපේ අනාගතයට වැදගත් වෙන්නේ අන්න ඒ කාරණාව. “

“මොකද එතකොට ශ්‍රී ලාංකිකයෝ විදිහට අපට හැම ආගමක් ගැනම හැම භාෂා වක් ගැනම හොඳ අවබෝධයකින් කටයුතු කරන්න පුළුවන්…. එවිට රටක් ඇතුලේ ජාතීන් අතර කිසිම අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.“

ඇය මොනතරම් අපූරු දුවක් දැයි අපි තවම කල්පනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඟුරාන සීනි කිලෝවක් හදන්න රුපියල් 216.72ක් වියදම් වෙලා… මහබැංකුව කියයි!

Next Post

01 දා රට විවෘත කරන හැටි සෞඛ්‍ය ඇමති කෙහෙළිය කියයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.