බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගල්ගමුව දුම්රිය ස්ථානාධිපතිගේ කොන්ත්‍රාත්තුවෙන් මරා දැමූ  අඹන්පොල ග්‍රාම සේවක ගේ කතාව

දුම්රිය ස්ථානාධිපතිට අවුරුදු 28යි... ගහපු ගැට ඔක්කොම ඉවරයි...  

by editor
ඔක්තෝබර් 7, 2021
in ජීවිතය
එස්. එම්. කේ. පී. සපුකුමාර

එස්. එම්. කේ. පී. සපුකුමාර

Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයෙකුට තම රාජකාරිය නිදහසේ ඉටු කිරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙමින් තිබේ. පසුගිය හතරවෙනිද අඹන්පොල දී රාජ්‍ය සේවකයෙකු මහමග මරා දමා තිබිණි.

පසුගිය 4 වැනිදා උදෑසන 8. 50ට පමණ මහමගදී අඹන්පොල දකුණ වසම භාර ග්‍රාම නිලධාරීවරයා වූ එස්. එම්. කේ. පී. සපුකුමාර මරා දමන්නේ සියලු දෙනාම බලා සිටියදීය. ඇසිපිය ගහන වේගයට සිදු වූ මේ මිනීමැරුම පිළිබඳ ප්‍රදේශවාසීහු වික්ෂිප්ත වී සිටිති. අඹන්පොල රොලව පිහිටි තම නිවසේ සිට පෙරවරු 8. 40ට පමණ ග්‍රාම නිලධාරිවරයා පිටත් වී තිබුණේ එදින පැවැත්වෙන ජන සභාවට සහභාගි වීමටය.   නමුත් අඹන්පොල උඩංගාව  ප්‍රදේශයට පැමිණෙනවාත් සමගම කහබිලියාවැටිය වත්ත ඉදිරියේ දී ඔහු පසුපස ආ ඝාතකයෝ තිදෙනෙක් ඔහුව කපා කොටා මරා දැමූහ.

ඒ මොහොතේම ග්‍රාම නිලධාරියා රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීහු කටයුතු කළහ. එහෙත් රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව අඹන්පොල රෝහල සනාථ කළේය.

ඝාතනය සිදුවූ ස්ථානය

පොලිස් පරීක්ෂණ

මේ සිදුවීම සැලවීමත් සමග වහාම ක්‍රියාත්මක වූ  අඹන්පොළ පොලිසිය ඝාතකයන් සොයා මෙහෙයුම් දියත් කළේය. අපරාධ ස්ථානයට පැමිණි අඹන්පොළ පොලිසිය විසින් ග්‍රාම  නිලධාරීවරයාගේ දුරකථනයට ඇමතුමක් ලබා ගැනීමේදී  එයට පිළිතුරු දී තිබුණේ කාසිකොටේ  ප්‍රදේශයේ අලි වැට සකස් කරමින් සිටි පුද්ගලයෙකි. එම දුරකථනය පාර අසල වැටී තිබූ බවත්  එය නාද වූ පසු එම  ඇමතුමට පිළිතුරු දුන් බවත් එම පුද්ගලයා විසින් පවසා තිබුණි. එයින් පැහැදිලි වූයේ ඝාතකයන් විසින් එය කාසිකොටේ ප්‍රදේශයේ දී විසිකර ගොස් තිබූ බවය. එයිනුත් සුළු  වේලාවකට පසු ඝාතකයන් ඝාතන සඳහා පැමිණි වෑන් රථය ගල්ගමුව පාළුකඩවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දී සොයා ගැනිණි .

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

එම වාහනයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී එය මහව ප්‍රදේශයේ කුලියට වාහන ලබා දෙන ස්ථානයක වෑන් රථයක්  බවත්, එදින උදේ එය කුලියට ලබාගෙන තිබුණේ ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති වරයා විසින් බවත් හෙළි කර ගන්නා ලදී. මේ දුම්රිය ස්ථානාධිපතිවරයා  28 හැවිරිදි කේ. කේ . චානක නිලාන් කුමාරය. මුලින්ම අඹන්පොළ පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය .

අඹන්පොළ පොලිසිය පවසන අන්දමට ඝාතන සැලැස්ම සිදුව තිබුණේ මෙසේය .

දුම්රිය ස්ථානාධිපති චානක නිලාන් කුමාරය පදිංචිව සිටියේ ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේය. නමුත් ඔහුගේ   බිරියගේ පවුලට අයත් ඉඩමක ආරවුලක් විසඳීම භාරව තිබුණේ එහි ග්‍රාම නිලධාරිවරයා ලෙස කටයුතු කළ එස්. එම්. කේ. පී. සපුකුමාරය.

ග්‍රාම නිලධාරිවරයා විසින් එම ඉඩම් ආරවුල විසඳා තිබුණේ නීතියට අනුවය. එහෙත් මේ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ බිරියගේ පාර්ශවය හිමිකම් කියන මේ ඉඩමේ බලහත්කාරයෙන් පදිංචි වී සිටි පවුල සමග සමීප හිවත්කමක් ගොඩනගාගෙන සිටි ග්‍රාමසේවකවරයා ඔවුන්ට වාසිදායක වන සේ එම ඉඩම් ප්‍රශ්නය තීන්දු කළේ යැයි පොලිසියට ද යම් යම් අය තොරතුරු ලබා දී තිබිණි.

මේ තීන්දුව නිසා කුපිත වූ  ස්ථානාධිපති චානක ග්‍රාම නිලධාරීවරයාට පාඩමක් ඉගැන්වීමට  හිතා ගත්තේය.

හික්කඩුවේ කණ්ඩායම

ගල්ගමුවේ පදිංචි  සංජීව නොහොත් සඳුන් නැමැත්තාට කීවේ මෝලා කියාය. මෝලා  දුම්රිය ස්ථානාධිපති චානක  හා හිතවත් අයෙකි. ඔහු හික්කඩුව ප්‍රදේශයේ අයෙකු වූ අතර   විවාහ වී සිටියේ ගල්ගමුව ප්‍රදේශයෙනි.

මෝලා වෙනත් විදිහේ මානසික තත්වයක සිටි අයෙකි. ඔහුත් ඔහුගේ කණ්ඩායමත් කාන්තාවන්ට හිංසා කරන හෝ අනියම් සම්බන්ධකම් පවත්වන පුද්ගලයින්ට නීතිය අතට ගෙන දඬුවම් කිරීමෙන් අමුතු ආශ්වාදයක් ලබන පුද්ගලයෙකි.

මෝලාව හමුවන දුම්රිය ස්ථානාධිපතිවරයා කියන්නේ අමුතු කතාවකි. ඔහු ඉඩම් ආරවුලක් ගැන මෝලා සමග කියන්නේ නැත. ඔහු කියන්නේ තමන්ගේ සහෝදරිය හා අඹන්පොල ග්‍රාම නිලධාරීවරයා අතර පවතින අනියම් සම්බන්ධයක් ගැනය. ඒ සම්බන්ධය නිසා තමන් බරපතල අවුලක සිටින බවත් මේ තැනැත්තාගෙන් සහෝදරයිට ගැලවීමක් නැති බවත්  මේ තැනැත්තාට මතක හිටින පාඩමක් උගන්වන ලෙසත්ය. මෝලා වැඩේ බාරගත්තේය. වැඩේ සඳහා ලක්ෂ එක හමාරකට කොන්ත්‍රාත්තුව කතා විය.

වැඩේ පටන් ගැනීමට පෙර රුපියල් හැත්තෑදාහක මුදලක්  අත්තිකාරමක් ලෙසත් මෝලාට ලැබෙන්නේය.

කොන්ත්‍රාත්තුව බාරගත් මෝලා කෙලින්ම යන්නේ හික්කඩුවටය.  එහි ගොස් සිය   හිතවතුන් තිදෙනෙක් ද සමග  පසුගිය තුන්වැනිදා හික්කඩුවෙන් පිටත් වී  අඹන්පොල ට පැමිණ   තිබුණේ රතුපැහැති ඇල්ටෝ කාර් එකකය.

රාත්‍රී සාදය

කණ්ඩායම වෙනුවෙන් එදින රාත්‍රියේ විශේෂ සාදයක් දළදාගම අසල අයිස්බර්ග් අවන්හලේ  සංවිධානය කර තිබිණි.  ඒ ගල්ගමුව දුම්රිය ස්ථානාධිපති චානක විසිනි. කණ්ඩායමට නවාතැන් ගැනීමට සකස් කර තිබුණේ මහගල්කඩවල තුරුවදුල හෝටලයේය.  සාදය අතර දුම්රිය ස්ථානාධිපතිවරයා ඉලක්ක ග්‍රාමසේවකගේ නිවස පෙන්වීම සඳහා මැර කණ්ඩායම සමග ගොස් ආවේය.

තමන් හික්කඩුවේ සිට පැමිණි මෝටර් රථය ග්‍රාමසේවකට ප්‍රහාරයක් එල්ල කිරීමට භාවිත කිරීමට මොලා ප්‍රතික්ෂේප කළේය.  ඒ අනුව වැඩේට වාහනයක් හොයා ගන්නට දුම්රිය ස්ථානාධිපතිවරයාට සිදුවිය. ඔහු සිය බිරියට බෙහෙත් ගැනීමට රැගෙන යෑම අවශ්‍ය බව කියා  වෑන් රථයක් කුලියට ගෙන කණ්ඩායමට ලබා දුන්නේය. ඒ සමග කඩු සහ පිහි ඇතුළු ආයුද ද මැර කණ්ඩායමට සැපයුවේය.

කුලියට රැගෙන දුන් වෑන් රථයෙන් පැමිණි කණ්ඩායමේ තිදෙනෙක් සිටියේය. මෝලා සහ දුම්රිය ස්ථානාධිපතිවරයා    හික්කඩුවේ සිට පැමිණි ඇල්ටෝ රථයෙන් පැමිණ අඹන්පොල කැත්තපහුව ප්‍රදේශයේ රැඳී සිටිමින් ග්‍රාමසේවක එනතුරු කල් මැන්නේය.

ග්‍රාමසේවක නිවසින් පිටත්වන බවට ඔවුන් දුන් තොරතුර අනුව ඔහු   උඩංගාව  කහඹිලියා වැටිය වත්ත දෙසට පැමිණෙනවා ත් සමගම අපරාධකරුවො සිය ගොදුර ඩැහැ ගත්හ.

ඒ කාලකණ්ණි අවස්ථාව සී.සී.ටී.වී දර්ශනයක සටහන්ව තිබුණේ මෙසේය.

ඝාතනයෙන් පසු…

ග්‍රාමනිලධාරීවරයා ඝාතනයෙන් පසු පිරිස කෙළින්ම ගියේ මෝලාගේ නිවසටය. ඔවුහු ලේ වැකි ඇඳුම් ඉවත් කර නාගෙන දුම්රිය ස්ථානාධිපතිවරයා දකින්නට ගියේය. ඔහු ඒ වනවිටත් තුරුසෙන හෝටලයේ මත් පැන් පානය කරමින් සිටියේය. පිරිස හෝටලයට ගොස් සිය ඇඳුම් පැලඳුම් ද රැගෙන හික්කඩුව බලා පිටත් වූයේ ස්ථානාධිපතිවරයාගේ මත් පැන් බෝතලයෙන් ද කොටසක් පානය කරමිනි.

වාහනයේ බිල 18500කි. නවාතැන් හා සාදයේ බිල රුපියල් විසි දහසකි. ඒ බිලත් ගෙවා දමා දුම්රිය ස්ථානාධිපතිවරයා පොලිසියට යන්නට හැදුවේ උදෑසන තමන්ට පහර දී තමන් ගමන් කරමින් සිටි වෑන් රථය පිරිසක් කොල්ල කෑ බවට පොලිස් පැමිනිල්ලක් දමන්නටය. එහෙත් පොලිසිය ඉස්සර වුනේය. හිතාගන්න බැරි ඉක්මනින් පොලිසිය දුම්රිය ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත්තේය.

අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා

සිද්ධිය එකින් එක හෙළිදරවු වන්නේ ඉන් අනතුරුවය. හික්කඩුවේ සිට පැමිණි අපරාධකරුවන් දෙදෙනෙක් හා ඇල්ටෝ රථය අත්අඩංගුවට පත් වන්නේය.  ඉඩම් ආරවුල් සඟවා මෝලාට දුන් කොන්ත්‍රාත්තුව හෙළි වන්නේය. ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායමේ සිටි ටෙක්සි ඩෙනිස් නැමැත්තෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත් වන්නේය. ග්‍රාමසේවකගේ දෑත් කපා නොමරා මරන්නට යද්දී එල්ල කළ පහරක් ගෙලට වැදීම නිසා ඔහු මිය ගිය ආකාරය ගැන හෙළි වන්නේය. මේ වනවිටත් මොලාත් ඔහුගේ සොයුරු අකිලත් ආගිය අතක් නැත. අඹන්පොල පොලිස් ස්ථානාධිපති සමන් පෙරේරා ගේ මෙහෙයවීමෙන් අඹන්පොල ගල්ගමුව පොලිස් ස්ථාන හා නිකවැරටිය පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකක නිලධාරීන් විසින් පරීක්ෂණ මෙහෙයවමින් ඇත.

අත්අඩංගුවට ගත්  දුම්රිය ස්ථානාධිපති වරයා   මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබී ඇත.

මේ මහා කම්පනය මැද ග්‍රාමසේවක කුමාරගේ බිරිය අපට එදා සිද්ධිය කීවාය.   අයි.එම්. කාන්ති විජේකුමාරි වූ ඇය සේවය කරන්නේ මහව අධ්‍යාපන කලාප කාර්යාලයේ ය.

“එදා උදේ මහත්තයා ජන සභාවට යන්න ලෑස්ති වෙලා ඉද්දි තවත් ගොවි මහත්තයෙක් ආවා අපේ ගෙදරට. ඒ ඇවිත් හිටියෙ වගාවක් සම්බන්ධයෙන් අපෙ මහත්තයගෙන් උපදෙස් අරගන්න. ඒ අතර මහත්තයාගේ දුරකථනයට දුරකතනයට ඇමතුමක් ආවා. ඒකට උත්තර දුන්නේ මම. මහත්තයා දැන්ම එන්නෙ නැද්ද කියලා ඇහුවා. මම කිව්වා මේ දැන් පිටත් වෙන්නයි ලෑස්ති කියල. ඒත් එයා ගෙදරින් පිටත් වෙලා ගිහින් සුළු මොහොතකින් ලැබුණු ආරංචිය මට  අදහා ගන්න බැරුව ගියා. මහත්තයා නීතියට පිටින් කවදාවත් වැඩ කරලා නැහැ. එහෙම වැඩ කරන රාජ්‍ය නිලධාරියෙකු ට අත් වෙන ඉරණම මේකද දෙයියනේ. “

“ එයා කවදාවත් රැකියාවෙන් ලැබෙන වැටුප දිහා බලන් හිටියෙ මනුස්සයෙක් නෙමෙයි . අපි ගෙදරට පිටින් ගේන්නේ ලුණු විතරයි. අපේ මුළු ගෙවත්ත ම වස විසෙන් තොර ආහාර වගා කරපු උයනක්. එයා අපි දරුවන්ට කවදාවත් වස විස කන්න දුන්නේ නැහැ . එයා ළඟ ලොකු ව්‍යාපෘති සැලැස්මක් තිබුණා මුළු රටේම දරුවන්ට වස විසෙන් තොර ආහාර ලබා දෙන්න.  ඒ  ඔක්කොම ඉවරයි.“ ඇයට හඬා වැටෙන්නට ඉඩ දී ආයාසයෙන් මුනිවත රැක්කෙමි.

මියගිය ග්‍රාම නිලධාරි වරයාට 14 හැවිරිදි සහ 18 හැවිරිදි දියණියන් දෙදෙනෙකි. දියණියන් දෙදෙනා සිදුවූ කිසිවක් ගැන සිතා ගැනීමට නොහැකිව වේදනාවෙන් තුෂ්නිම්භූතව බලා සිටිති .

අද හවස් යාමයේ මීට ස්වල්ප වෙලාවකට පෙර මුළු ප්‍රදේශයම හඬවමින් ඔහුගේ දේහය මිහිදන් කෙරුණි .

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෛත්‍රීපාල සිරිසේනට පොහොට්ටුවෙන් ප්‍රහාරයක් – තාත්තා ලෙඩ ඇ‍‍ඳ‍ේ ඉද්දී දරුවො දේපළ බෙදාගන්නා

Next Post

තවත් කොවිඩ් මරණ 44ක්

Related Posts

සමාජ

ඉදිරි සති තුන තුළ ලෝකයේ ඉරණම තීරණය කිරීමට නියමිත ඇමෙරිකා-ඉරාන ගැටුම! උන්ගේ යුද්ධයකට අපි අපේ බත් පතෙන් ණය ගෙවන්නේ ඇයි?…

ජූනි 1, 2026
vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
trump-khameni
සමාජ

කෙටුම්පත් වෙමින් ඇත්තේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවයි….  “ඇමෙරිකා – ඉරාන සාම ගිවිසුම”   අවසන් කෙටුම්පත ගැන කතාවක්…

මැයි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.