බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

කොවිඩ් අතරේ ඉස්කෝලවල වෙන්නෙ මොනව ද? ගුරුවරියක් කියන ඇත්තම කතාව!

by editor
දෙසැම්බර් 14, 2021
in ජීවිතය
Share on FacebookShare on Twitter

දරුවන් ට ඉගැන්වීම ලේසි පහසු කටයුත්තක් නොවේ. ගනුදෙනු සිදු වන්නේ ජීවිත සමඟය. සැලසුම් හදන්නේ ඒ නිසාය. අධ්‍යාපන කළමනාකරණය අවශ්‍ය වන්නේ එනිසාය. ගුරුවරියක ලෙස ඒ කිසිවක් සාක්ෂාත් කරගත නොහැකිව හැම දවසක්ම අපිළිවෙළට ගෙවා දමන්නට සිදු වන කාලවකවානුවක් අත්විඳිමින් සිටිමි .

කොවිඩ් 19 තත්වය යටතේ ආරම්භ කෙරුණු පාසල්වල දැනට තත්ත්වය කෙබඳු දැයි ඔබ දන්නවා දැයි අසන්නට සිතේ. මෙවැනි වාතාවරණයක් උඩ අධ්‍යාපනයේ අරමුණුවලට ලඟා වන්නේ කෙසේදැයි නොදනිමි.  විභාග මඟහැරෙනවාටත් වඩා දුක තියෙන්නේ ජීවිත මඟ හැරෙන  නිසාය .

ගුරුවරියක ගේ ඒ අත්දැකීම මරණය තරම්ම වේදනාකාරීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ ජනවාරි 22 ය. දරුවන් සූදානම් කළ යුතුය. විෂය කරුණු කියා දිය යුතුය. ඒත් ඒවා පිළිවෙළට කරන්නට තරම් තත්ත්වයක් තවම උදා වී නැත. covid-19 වසංගත තත්වය හමුවේ දරුවන් මෙන්න ගුරුවරු දන්ත අසරණ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දරුවන්ට ශිෂ්‍යත්වෙ හෙට අනිද්දා. පන්ති කාමර ඉඩ  මදි නිසා දරුවො ඉස්කෝලෙ ගෙන්නන්නේ කණ්ඩායම් වශයෙන් අද එන කණ්ඩායම හෙට එන්නෙ නෑ . හෙට වෙන කණ්ඩායමක් වශයෙන් තමයි දරුවො ඉස්කෝලෙ ට ගෙන්නන්න වෙලා තියෙන්නෙ. දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව ගැන උනන්දුවෙන් ඉන්න ඕන. පොඩි දරුවෝ නිසා එයාලට තේරුම මදි. ගිය සතියේ හතර වසර පන්තිය වහලා දැම්මා positive දරුවෙක් නිසා. ඉතින් විභාගයට වාඩි කරගන්නකම්වත් මේ දරුවෝ රැකගන්න ලැබෙයිද දන්නෑ. මේක අකීකරු වසංගතයක්. අතරින් පතර දරුවො ලෙඩ වෙනවා. මං පුදුම පරිස්සමින් ඉන්නේ. මං  ලෙඩ උනොත් දරුවන්ගේ අනාගතය ඉවරයි. එයාලට අලුත් ගුරුවරයකුට පුරුදු වෙන්න වෙලාවක් නැහැ . ”

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට උගන්වන ගුරුවරියක් තම අත්දැකීම් පැවසුවේ එලෙස ය .

විෂය නිර්දේශවල හැටියට මේ ගමන වේගයෙන් යන්න වෙලා තියෙන්නේ .ඒත් දරුවො පාසලට එන්නේ සති යක් හැර  සතියක්. ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ .ඒක අපහසු කාර්යයක් ..ඉස්කෝලේ උගන්වලා ගිහින් ගෙදර ඉන්න දරුවන්ට ඒ ටිකම ඔන්ලයින් උගන්නනවා. ඒත් ඒක හරිම අසාර්ථකයි කියලයි මට හිතෙන්නේ.මොකද සියලු ම දරුවන් ට සහභාගි වෙන්න නොහැකි හේතු තියෙනවා ….අපි ආයෙ ආයෙ මඟ හැරෙන දරුවන් වෙනුවෙන් වෙහෙසෙනවා…. ජනවාරි 22 වැනිදාට මේ දරුවො ශිෂ්‍යත්වයට පෙනී ඉන්න ඕන. මම හිතන්නේ නෑ අපි අරමුණු වලට ලඟා වෙන්න පුලුවන් වෙයි කියලා ..මේක හරිම අභාග්‍යසම්පන්න කාලයක් ..” තවත් ගුරුවරයෙක් තම අදහස් ප්‍රකාශ කළේ එලෙසය .

සාමාන්‍යයෙන් දැනට  පාසල්වලට දරුවන්ගෙන් වන්නේ කණ්ඩායම් වශයෙනි. ඒ පන්ති කාමර ඉඩ පහසුකම් තියෙන ආකාරයටය .

“ප්‍රින්සිපල්  කොවිඩ් පොසිටිව් වෙලා හොස්පිට්ල් ඉන්නේ. සර් ගෙන් ලෙඩේ ආසාදනය උන අය පාසලේ ඉන්න පුළුවන්. ඒත් කවුරුත් හොයලා බලන්නේ නැහැ. අපි අපි ම  ගිහින් ඇන්ටිජන්, පීසීආර්  පරීක්ෂණ වලට මුහුණ දුන්නා එතකොට ගුරුවරු කිහිප දෙනෙක්ම positive. ඒ අය  ආශ්‍රිත ගුරුවරු ටිකත් ගෙවල්වලට වෙලා ඉන්නවා .පාසලේ වැඩ කටයුතු අඩාලයි .”

අර්ධ නාගරික පාසලක ගුරුවරයෙක් පැවසීය වැනි කතාවකි

“එක දරුවෙක් ගෙ ගෙදර කිරි අම්මා කොවිඩ්  නිසා මිය ගිහින් ..සීයටත් පොසිටිව්.. නංගිට මල්ලිට ත් එහෙම යි. ඒ තියෙද්දිත් දෙමව්පියෝ මේ දරුවාව    පාසලට එවලා. අපි දැනගත්තේ දවස් තුනකට පස්සෙ. දැන් ඒ දරුවටත් පොසිටිව් .මුළු පන්තියේම වහලා දාන්න සිද්ධ වුනා. මමත් ඉන්නේ අවදානමේ . මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැහැ. අද එන ළමයා හෙට නෑ . හෙට එන ළමයා ආයෙ දකින්නෙ  සතියකට පස්සේ. මං දැන් එක පාඩම මාස ගාණක් තිස්සේ උගන්වනවා. අපි කොහොමද මේ වගේ තත්ත්වයක් උඩ ඉගැන්වීම් කටයුතුවල යෙදෙන්නේ. හැමදේම හරිම අපිළිවෙළයි. එක්කො  ඉස්කෝල වහල දාන්න ඕනේ . නැත්තම් නිසි වැඩපිළිවෙළක්   තියෙන්න ඕන .ඒ මොකුත් නෑ . දරුවන්ට මේ ලෙඩේ හැදෙන අවදානම අඩුයි කීවට ඉස්කෝලේ දරුවො ගොඩක් positive වෙලා. සමහර කාරණා අපි දන්නෙත් නැහැ . දෙමවුපියොත් ඒවා හංගනවා …”

අද වන විට පාසල් පවත්වාගෙන යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ . අච්චාරු හැලිය මීට වඩා  පිළිවෙළ සිතෙන්නේ අප මේ විඳින පොළොවේ අත්දැකීම එක්කය.  මේ උභතෝකෝටිකය විසඳා ගත යුතුය.  වසංගතයක් සමග ජීවිතයේ යහ පැවැත්ම සහතික වන්නේ පුද්ගල විනය මත පමණි. අඩුම තරමින් වසංගතයට අවංක විය යුතුය. මහා සමාජයේ මේ අවුල තියනතාක්    ඉස්කොලේ අවුල ලිහෙන්නේ නැත.

පාසලත් සමාජයේම එක් කුලකයක් වන බැවිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස්සයි 20 ලෝක කුසලානයේ පුහුණු උපදේශක දීමනා එපා කී මහෙලට රුපියල් ලක්ෂ 30ක්  අනුමත කරලා…

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ කුණු කූඩයට දැමූ එල්පීඑල්…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
සංස්කෘතිය

ජාතියේ අභිමානය ලේඛණගත කරන විශිෂ්ට ශාස්ත්‍රීය ප්‍රයාමයක තුන්වන අදියර – “උරුමයක අරුමය – දෙගල්දෝරුව“ හෙට එළි දකී…

ජූලි 6, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.