බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

“ශෘංගාරය කුණුහරපයක් නම් මේ ලෝකය කියන්නෙ බිලියන 07ක කුණුහරපයක්…”

'තී හා තා' ලියූ සුරත් ද මැල්

by Lanka Sara Editor
සැප්තැම්බර් 17, 2020 - Updated on සැප්තැම්බර් 18, 2020
in කලා
Share on FacebookShare on Twitter

මේ සාහිත්‍යය කාර්තුවේ වැඩි වශයෙන්ම සංවාදයට ලක්වුණු පාඨක අවධානයට ලක් වුණු කෘතියක් තිබිණි. ඒ සුරත් ද මැල් ගේ ‘තී හා තා’ නවකතාවය. ස්වකීය මුල්ම නවකතාවෙන් සිංහල නිර්මාණ භාවිතයේ දී සිදුවන මනුෂ්‍ය ජීවිත විවරණයට සම්ප්‍රදායික ලේඛණයේ පනවාගෙන තිබූ අප්‍රකාශිත සම්මතයන් අතිශය විධග්ද ලෙස බිඳ දැමු ඔහු නිර්මාණකරණයේ දී නිදහස් ලේඛණ අවකාශයක් නොමැති බව කියමින් උකටලී වූ බොහෝ දෙනෙකුට එය හුදු ප්‍රලාපයක් බව පැහැදිලි කර දුන්නේය.

සුරත් ද මැල් ‘තී හා තා’ කෘතිය මුල් කරගෙන ලංකාසර හා කළ කෙටි සංවාදයකි.

තී හා තා ප්‍රේම කතාවක් ද?

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේක ප්‍රේම කතාවක් කියලා මා කියන්නෙ නෑ… සමාන්‍ය පිළිගැනීම රොමැන්ටික් නවල් කියන එකනෙ. ඒවට ආකෘතියක් තියනවා. ප්‍රේමවන්තයෙක් ඉන්නවා. ප්‍රේමවන්තියක් ඉන්නවා. ඒ රමණීය ප්‍රේමයට බාධාවක් තියනවා. ඒ ගැටුම තමයි ප්‍රේම කතාවල තියෙන්නෙ. කතාව පුරා යන්නෙ මේ ගැටුම. ගැටුමෙදි ප්‍රේමවන්තයො එක්කො දිනනවා. නැතිනම් පරදිනවා. උන් දෙන්නට කිසිම ප්‍රශ්නයක් නෑ. උන් ඉන්නෙ උපන් දා ඉඳන් දිව්‍යලෝක ආදරේකින් බැඳිලා. උන්ට එන ප්‍රශ්න උන් අතර ඇතිවන ඒවා නෙමෙයි. පිටන් ආනයනන කරපුවා.

මේක ඔය ශානරෙයේ නම් නෙමෙයි. මං ගොඩ නගන්නේ ප්‍රේමයෙන් බැඳුනා කියලා කියන දෙන්නෙකුගෙ පැවැත්ම පිළිබඳ කතාවක්. අපි උදාහරණයක් විදිහට මෙහෙම බලමු. ඇනා කරලිනා කියන්නෙත් ප්‍රේම කතාවක්. ඇනා කැරලිනා කෘතිය ප්‍රේමය ගැන නොකියවෙන තරමටම සංකීර්ණ ප්‍රකාශනයක්. ප්‍රේමයේ තියන බොළඳ අවස්ථාවලින් වෙන් උනාම සැබෑ ලෝකයේ තියන ගැඹුරු යථාර්ථය ගන්නෙ කොහොමද කියන එකයි කෘතිය ඇතුළෙ තියෙන්නෙ.

ප්‍රේමයේ පැවැත්ම ගැන පදනම් කතාවක් ඔබ ගොඩ නගනවා. ඒත් මේක පුරාම තියෙන්නෙ කාමය. සංකීර්ණ ලිංගික පැවතුම් පිළිබඳ සංවාදයක්.

මුලින්ම පැහැදිලි කළා ඔබට මේ කතාව ප්‍රේමය ගිවිසා ගත්තු දෙදෙනෙකුගෙ පැවැත්ම පිළිබඳ කතාවක්. එතනදි පුරුෂ චරිතය තමයි ඉස්මතු වෙන්නෙ. එතැනදි ඒ තරුණයාගේ ශෘගාර ප්‍රේමය ප්‍රේමයත් වැදගත් කොටසක්. ඔහු තව තව කාන්තාවන් එක්ක ආලිංගන ප්‍රේමයක බැඳෙද්දි තමන්ගෙ පරමාදර්ශී ප්‍රේමය එක් තැනකට කොටු කරලා තියන්න උත්සාහ කරනවා. සාමාන්‍ය ප්‍රේම කතාවල පරමාදර්ශී තෘප්තිය ගත්තට සාමාන්‍ය ලෝකයෙ වෙන්නෙ මේකනෙ. ඇත්තටම මෙතන ගැටලුව වෙන එකක්. ඇයි උඹ මෙහෙම ලිව්වෙ කියන එක නෙමෙයි ගැටලුව. ඇයි උඹ ඇත්ත ලිව්වෙ කියන එකයි ගැටලුව.

ඇයි ඇත්තටම ඇත්ත ලිව්වෙ?

මේකයි කතාව. මිනිස්සු ආදරේ ගැන ලියන්න ගියාම ඇත්තටම මිනිස්සුන්ට වෙන දේ ගැන ලියන්නෙ නෑනෙ. ලෝකයෙ අපි පෙන්න චරිත නෙමෙයි නේ ඉන්නෙ. ආදරය සම්බන්ධව ගත්තොත් අපි ඉන්නෙ පොඩි රංගනයක නෙ. රංගනය තීරණය කරන්නෙ අප ඉස්සරහා තියලා තියන සදාචාරා රාමුව. හැබැයි මේ හැම කෙනාම සදාචාර රාමුවෙන් රිංගනවා. හැබැයි ඒ සදාචාර රාමුව ඇතුළෙ ඉන්නවා කියලා බෝඩ් එක අල්ලගෙනත් ඉන්නවා. ඒ ඇත්ත මම කතාව තුළ සාකච්ඡා කරනවා. කතාවෙ ප්‍රධාන චරිතයත් එක්ක ආදරයෙන් බැඳෙන හෝ ලිංගිකව බැඳෙන අවශේෂ චරිතත් ඒ අයගෙ ලෝකයෙ සදාචාර රාමුව ඇතුලෙ ඉන්නවා.

තී හා තා ග්‍රන්ථය රචනා කළ සුරත් ද මැල් මහතා

මේ විදිහට මිනිස්සුන්ගෙ අභ්‍යන්තරය නිරුවත් කරන්න නිර්මාණයක් කරන්න හිතුවෙ ඇයි.?. ඇයි මේ තරම් අපේ සදාචාර රාමුව ප්‍රශන්න කරන්නෙ. ඇයි මේතරම් ඒ සම්මත චර්යාවන් කුඩු කරලා දාන්න හදන්නෙ.

ඇත්තම කතාව කියන්නම්. මට දැනුනෙ මේ යථාර්ථය. හැම එකාටම තමන්ගෙ කතාවක් තියනවා කතාව ඇතුලෙ. හැම එකාම තමන්ට සාපේක්ෂව තමන් හරි කියන එකනෙ කියන්නෙ. ආදරය ගත්තම සාපේක්ෂ දෙයක්. එක එකා එක එක විදිහට එක විදිහට ආදරය ගැන අර්ථ දක්වන්නෙ. ආදරය කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් ඒකට නිශ්ඡිත උත්තරයක් දෙන්නෙ නෑ. ආදරය ගැන හැමෝටම කියනවා පරමාදර්ශ ටිකක්. අපි කරන්නේ අපි ආදරය කරන කෙනාට ඒ පරමාදර්ශ ටික ආදේශ කරන එක. ටික කාලකෙන් අපිට තේරෙනවා අපි බලාපොරොත්තු වෙන ටික ඒ පුද්ගලයා ලඟ නෑ කියලා. ඇත්තටම ඒ පුද්ගලයා ගැන එහෙම තිබිලත් නෑ. ඒත් ඊට පස්සෙ අපි කරන්නෙ අපේ පරමාදර්ශ ඔහු හෝ ඇය ලඟ නෑ කියලා ඔවුන්ට බනින එක.

එතනදි මගෙ විශේෂය මම තේරුම් ගන්නවා මමත් වැරදියි කියලා. ගොඩක් උන් කරන්නෙ නැති දේ තමයි අපි හිතන එක අපි පරමාදර්ශී කියලා. අපිව විශ්ලේෂණය කරලා පෙන්නන්න කවුරුත් උත්සාහ කරන්නෙ නෑ. කවුරු ලියන්න ගියත් අනිත් එකාගෙ ප්‍රශ්න ටික ලියනවා මිසක් තමන්ගෙ ප්‍රශ්නය ලියන්නෙ නෑ. තමන් කොයිතරම් ජඩ ද කියන එක පෙන්නන්නෙ නෑ. ඒක හැම වෙලාවෙම වහලා ලියන්නෙ.

දැන් නිර්මාණයේ චරිත පෙළ ගස්වන ජඩකම අන්තිමට ලේඛකයටත් ආරෝපණය වෙනවනෙ. ඔබේ සමීපතමයන්ගෙන් ඔබට ලැබුණු ප්‍රතිචාරය කොහොම ද?

සමාජය ගත්තොත් ප්‍රචාරය සරලයිනෙ. කතා කරලා ගොඩ දෙනෙක් අහන්නෙ මේ ලියලා තියෙන්නෙ ඔයාගෙ කතාව ද කියලා. ඒකට බොහොම සරලව දෙන්න තියන උතරය මේ මගෙ කතාව නෙමෙයි කියලනෙ. සමීපතමයන් නම් කවුරුත් මේ ගැන කතා කරන්නෙ නෑ. ඒ කියන්නෙ මගෙ පොත කියවලා කියවලා නෑ වගේ, මම මෙහෙම පොතක් ලියලා නෑ වගේ ඉන්නවා.

පොතේ භාෂාව ගැන හැමෝම වර්ණනා කරනවා. මල්වෙඩි පුපුරණව වගේ ඒ වික්‍රමය කළ වග කියනවා. ඒත් ඔබ ඒ අතරෙ අමු කුණුහරප ලිව්වා කියලත් කියන අයත් ඉන්නවා. මේ කුණුහරුප කතාව ගැන ඔබට කියන්න තියෙන්නෙ මොනව ද?

අමු අමුවෙ කුණුහරප පොත ඇතුලෙ තිබුණා කියන එක නම් මම පිළිගන්නෙ නෑ. ඒ වගේම ඇහැට පේන විදිහට ලිංගික දර්ශනයක් විස්තර කරන ගැෆික් සෙක්ස් පොත ඇතුළෙ නෑ. හැබැයි මේ තියෙන්නෙ ආදරයෙන් බැඳුනු දෙන්නෙක් සහ ඒ දෙන්නා මුල් කරගෙන ගොඩනැගෙන සම්බන්ධතානෙ. වෙන වෙනත් සම්බන්ධතා රැඳිලා තියෙන්නෙ ලිංගික උවමනාවන් මත ලිංගික ආශාව පදනම් කරගෙන ගොඩනැගෙන ලිංගික සම්බන්ධතා විදිහට. මිනිසාගේ ප්‍රධාන ප්‍රේමනීය සම්බන්ධතාවලින් පිට ගොඩනැගෙන සමබන්ධතාවලට මුල් වෙන්නෙ ශෘංගාරය. ඒ ශෘංගාරය ලිංගිකත්වය නැතිව මේ කතාව ලියන්න බෑ. එහෙම ලිව්වා නම් ඒ මේ කතාව නෙවෙයි. අනිත් එක මේ ලෝකෙ කොහොමත් තියෙන්නෙ ශෘංගාරය ලිංගිකත්වය මතනෙ. ශෘංගාරය ලිංගිකත්වය කුණුහරපයක් නම් ලෝකය කියන්නෙම බිලියන 7ක කුණු හරපයක්. මේ චෝදනා කරන අය මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ ශෘංගාරය හා ලිංගිකත්වයෙන් නම් ඔවුනුත් කුණුහරපයක්. ඔය විහිදහට මේක මනින්න බෑ. මිනිස්සු හැදිලා තියෙන්නෙ මේ කුණුහරපයෙන්. ඒත් උන් ජීවත් වෙන්නෙ ඒ කුණුහරපයෙන් නෙමෙයි වෙනත් කුණුහරපයකින් හැදිලා වගේ. ඒක ඉතින් දරාගන්න බැරි නම් ඒ ගැන කරන්න දෙයක් ඇත්තෙම නෑ. මොකද මේ ජිවිතය.

ඇයි ඔබ සංස්කෘතියට අභියෝග කළේ. අපට ආරංචි විදිහට ඔබේ කෘතියට සම්මානය නොලැබෙන්නත් හේතුව පොතේ සංස්කෘතික සංකේතවලට  අභියෝග කිරීම …

ඒ ගැන නම් මුකුත් කියන්න බෑ. සම්මානයට පාත්‍ර වෙනවා කියන කෘතිය කෘතිය කුමක් උවත් සම්මාන උළෙලවලදී මැනෙන්නෙ කෘතියට වඩා ඒ කෘතිය නිර්දේශ කරන විනිශ්චය මණ්ඩලය ය කියලා අදහසක් තියනවා. මෙතනදිත් කියන්න තියෙන්නෙ ඒකයි.

Share69Tweet43
Previous Post

කැළණිතිස්සෙන් මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

Next Post

විපක්ෂයේ දොළහක් ආණ්ඩුවට එන්න ඇමතිකම් සමග ලොකු පැකේජ් එකක් ඉල්ලති

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.