බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

මා දැන් මිත්තණියක්… ජීවිතේ බොහෝ දේ දිනා ගත්තු තෘප්තිමත් ගැහැණියක්… චම්පා ශ්‍රියානි

by editor
නොවැම්බර් 23, 2021
in කලා
Share on FacebookShare on Twitter

තරීෂා අබේවික්‍රම

පසුගිය කාලේ චම්පා ශ්‍රියාණි රට හැර ගියා කියලත් සමහරු කිව්වා. ඒත් ඉතින් එහෙම කොහෙවත් ගිහිල්ලා නම් නැහැ. ඒ වුණාට චම්පා නම් කියන්නේ එයා ලෝකයක් දිනුවා කියා යි.

“දූලා දෙන්නා නිසා මට බොහෝ අවස්ථා අහිමි වුණා. රංගන ශිල්පිනියක් හැටියට මගේ තාරුණ්‍යයේ මට ලැබුණු විශිෂ්ට චරිත දූලා දෙන්නා නිසා මං ප්‍රතික්ෂේප කළා. හැබැයි ඉතින් මට ඒ ගැන දුකක් නෑ. ඒ දෙන්නා අද හොඳින් යහපත් දරුවෝ විදිහට ඉන්නේ අම්මා හැටියට මං එයාලාව ඇස්දෙක වගේ බලා ගත්ත නිසයි. සැමියා උපයලා ගෙනත් දෙන දේ අරපරෙස්සම් කරගෙන පවුල් ජීවිතයක් සාර්ථක ව පවත්වාගෙන යන එක තරම් ගැහැනියකට තවත් ජයග්‍රහණයක් නැහැ. ඒ අතරේ මම හොඳ නිර්මාණවලටත් දායක වුණා. අපි මොන දේ කරන්නෙත් දරුවන් හොඳින් රැක බලා ගන්නයි. ඉවක් බවක් නැතුව නිර්මාණ පස්සේ හඹා ගියා නම් මට දරුවෝ, සැමියා, පවුල් ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යන්න බැරි වෙන්නත් ඉඩ තිබුණා. දැන් දරුවෝ ලොකුයි. ලොකු දුව විවාහ වෙලා. එයාට චූටි පුතෙක් ඉන්නවා. පුතෙක් ගැන තියෙන ආදරයත් දැන් මට සම්පූර්ණ යි.”

චම්පා දියණියන් දෙදෙනා සහ සැමියා සමග…

“ඒත් රංගන ජීවිතයේ ලොකු අවස්ථාවක් මට පසුගිය දවසක මග හැරුණා. ජයන්ත චන්ද්‍රසිරි අය්යා වෙස්මුහුණු නාට්‍යයට මට කතා කරපු කාලෙ මට ලොකු දුව ලැබෙන්න හිටපු නිසා ඒ අවස්ථාව මගහැරුණා.
ජයන්‍ත අය්යාගේ නවතම නිර්මාණයටත් මට ඇරයුම් ලැබුණා. පුංචි මුණුබුරාගේ උපත නිසා මට ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න සිදු වුණා. ඇත්තට ම ඒ ගැන නම් දුකක් තියෙනවා. ඒත් ඉතින් ලොකු දුවට මාව අත්‍යවශ්‍ය ම වෙලාවක් නිසාත්, මගේ ජීවිතයේ පුතෙක් ලද අවස්ථාව නිසාත් මට ජයන්ත අය්යාගේ නිර්මාණයට යන්න බැරි වුණා. ජයන්ත අය්යා මට කිව්වා දුක් වෙන්න එපා නංගී, ජීවිතයේ තව අවස්ථා උදා වේවි කියලා.”

“ඒ වගේ තව බොහෝ අවස්ථා මට මග හැරුණා. තාරුණ්‍යයට මග හැරුණු චරිත අද ලැබුණත් මට කරන්න බැහැ. මං දැන් තාරුණ්‍යය පසු කරලා ඇවිත් ඉන්නේ. දැන් මට ගැලපෙන චරිතයක් ලැබුණු නිසාත්, විවේකයක් තියෙන නිසාත් ‘සකර්ම’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. මේ දවස්වල ඒක විකාශය වන නිසා බොහෝ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩාක් කාලෙකින් රඟපෑව නිසා මටත් පොඩි චකිතයක් මුලදි තිබුණා. අධ්‍යක්ෂ ප්‍රියන්ත ප්‍රනාන්දු හරි ලස්සනට, දක්ෂ විදිහට ශිල්පීන් ව මෙහෙයුවා. අතීතයේ මා තුළ තිබුණු හැකියාවන් තව ම ගිලිහී ගොස් නැති බව මටත් අවබෝධ වුණා. ප්‍රියංකර රත්නායක, කෞෂල්‍යා ප්‍රනාන්දු ඇතුළු ව ජ්‍යෙෂ්ඨ, සමකාලීන හා නවක ශිල්පීන් එක්ක බොහොම සතුටින් රූගත කිරීම් කළා. සාමුහික ක්‍රියාවක සාර්ථකත්වය ප්‍රතිචාරවලින් අත්දකිමින් ඉන්නවා.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සකර්ම නාට්‍යයේ රූගත කිරීම් අතර…

බැද්දේ ගෙදර, වන වදුලේ වසන්තය, කටු ඉඹුල, හිමි අහිමි, ගංගා සහ නිශශංක නාට්‍යවල චම්පා කළ රඟපෑම් අදටත් බොහෝ අයට අමතක නැත. පසුගිය කාලේ ඒවා නැවත විකාශය වීම නිසා අලුත් පරපුරට ද ඒවා දැකගත හැකි විය.

“ඇත්තට ම පැරණි නිර්මාණවල සමාජයට ගතයුත්තක් තිබුණා. කාලයක් ප්‍රේක්ෂකයෝ රූපවාහිනියෙන් ඈත්වෙලා හිටියා. වසංගත කාලේ පැරණි නිර්මාණ නැවත විකාශය වූ නිසා ගෙවල්වල ඉඳගෙන ඒවා නැවත නරඹන්න හැකි වුණා. දරුවන්ට, දෙමව්පියන්ට එකට ඉඳලා නරඹන්න පුළුවන් හොඳ නිර්මාණ බලන්න නැවත ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබුණා. දැන් නම් ආයෙමත් ටික ටික හොඳ නිර්මාණ බිහි වෙමින් තිබෙනවා. ඒ ගැන සතුටුයි.”

Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 24ක්

Next Post

රත්තරන් පාලම් හැදෙන රටේ පාලම් පාරු පෙරළී මිය යන මිනිස්සු….

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.