සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

‘මන්ද පමා..’ ගීතය ලිව්වෙ උමාරියාගෙ මහත්තය හැදුව ඊජිප්තු හැඩයේ තනුවකට

මන්ද පමා ගීතය හැදුව මයුරංග සමග කතා බහක්....

by Lanka Sara Editor
සැප්තැම්බර් 4, 2020 - Updated on සැප්තැම්බර් 5, 2020
in කලා
manda-pama

උමාරියා - මන්ද පමා ගීතයේ රූප රාමුවක

Share on FacebookShare on Twitter

ෂර්ලි සමරසිංහ –

  • මන්දපමා ගීතය හැදෙන්නෙ කණ්ඩායමක සාමුහික කටයුත්තක් විදිහට

  • කලාව කරන්නත් කළමනාකරණය හා ගිණුම්කරණය ගැන දැනුමක් ඕනි

  • ශුද්ධවු කලාව කරගෙන නිදහසේ ඉන්න පුළුවන් මේ විවෘත වෙළෙඳපලට පය ගහන්නෙ නැතිනම්

උමාරියා සිංහවංස ගයන “මන්ද පමා” ගීතය මේ දිනවල වඩාත්ම ජනප්‍රිය youtube මාධ්‍ය තුළයි.

මෙහි ගීත රචකයා වන්නේ මනුරංග වික්‍රමසේකර,

මිලියන නවයකට ආසන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර තියන මේ ගීතය ගැන අපි මනුරංග එක්ක කතා කළා .

“මන්ද පමා” ගීතය නිර්මාණය වන පසුබිම මුලින්ම කියලා අපේ කතාව පටන් ගමුනිමු.“ අප මනුරංගට සංවාදය සඳහා ඇරයුම් කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මනුරංග වික්‍රමසේකර

උමාරියා මගේ හොඳ මිතුරියක්. ඒ වගේම ඇයගේ සැමියා මගේ හොඳ යාළුවෙක්.
දවසක් උමාරියා ගේ ගෙදරදී මේ තනුව ගීතයක් බවට පත් කරන්න උමාරියා ගේ සැමියා මට බාර දුන්නා.

ඔහු ප්‍රංශයේ සංගීතය පිළිබඳ කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරන කෙනෙක්. ඔහු අතින් නිර්මාණය වුණු ලස්සන මෙලඩි එකකට තමයි මේ පද ටික මා අතින් නිර්මාණය වන්නේ.එය උමාරියා සිංහවංශ හරි අපූරුවට ගායනා කළා

මේ ගීතය සම්පූර්ණ කරන්න මොන තරම් කාලයක් ගත වුනාද.?

“ගීතය හදන්න අපිට වැඩි කාලයක් ගත වුණේ නැහැ. ගීතය නිර්මාණය කරන්නේ උමාරියාගේ ගෙදරමයි. පද රචනය ලියවෙනවා. සංගීතය නිර්මාණය වෙනවා. ගීතය පටිගත වුණාට පස්සේ රූප රචනාව කරන්න තමයි කාලයක් ගත වුණේ. අවසාන ඵලය ඉතාම හොඳ එකක් වුණා. “මන්ද පමා” ගීතය විශාල වශයෙන් මිනිසුන් අතරට ගියා. පහුගිය කාලයේ සමාජ මාධ්‍යය තුළම “මන්ද පමා” කියන වචනය යොදාගෙන බොහෝ පෝස්ට් පවා නිර්මාණය වුණා.

umaria
උමාරියා – මන්ද පමා ගීතයේ රූප රාමුවක…

දේශපාලන කාරණා හාස්‍යයෙන් මෙයට ඈඳා ගෙන තිබුණා. ඒ හරහා ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඇයගේ නිර්මාණශීලී දායකත්වය රූප රචනාවලටත් ඇය ලබා දීලා තියෙනවා. උමාරියා මේ ගීතයට ගොඩක් මහන්සි වුණා. එහි ප්‍රතිඵල තමයි මං හිතන්නේ මේ ලැබිලා තියෙන්නනේ.

මන්ද පමා ගීතය රචනා කිරීමේදී ඒ අත්දැකීම මොන වගේ දෙයක් ද?.

මෙලඩි එකේ අරාබි සහ ඊජිප්තු හැඩයක් තිබුණා. ඒ සම්ප්‍රදාය ඇසුරෙන් හිතන්න සහ මගේ අදහස මතු කරන්න එය එක්තරා ආකාරයක හේතුවක් වුණා.

ජනතාවගේ ප්‍රතිචාර ගැන මට බොහෝ සතුටුයි. ඒ වගේම මා වාසනාවන්තයි කියලා හිතෙනවා. කාලෙන් කාලෙට මගේ ගීත ජනප්‍රිය වෙලා තියෙනවා. ලහිරු පෙරේරා ගායනා කරපු “රම්බරි” සනුක වික්‍රමසිංහ ගයන “සරාගයේ” වැනි වෙනස් ආකාරයේ මතකයේ හිටින ගීත රචනා කරන්න ලැබීම ගැනත්, හැම නිර්මාණයකටම ලැබෙන ප්‍රතිචාර ගැනත් මට සතුටුයි.

වර්තමාන පරම්පරාවේ නිර්මාණ පිළිබඳව පෙර පරම්පරාව සෑහීමකට පත්වන බවක් පේන්නෙ නැහැ. ඒ ගැන ඔබට හිතෙන්නෙ මොකක් ද?

මට හිතෙන දේ තමයි පරම්පරාවෙන් පරම්පරාවට හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක. මම නියෝජනය කරන්නේ නූතන පරම්පරාව. මගේ පරම්පරාවට මගේ ගීත වඩාත් ග්‍රහණය වෙනවා ඇති. ඒ බව ප්‍රතිචාරවලින් පේනවා. මේ මගේ ප්‍රකාශනය. මට හැඟෙන දැනෙන දේ තමයි මගේ රචනා තුළින් එළියට ගන්නේ. ලෝකයම කිසියම් ආකාරයක දිය රළක් වගේ. ගලාගෙන යනවා. ඒක විවිධ කලාපවලට විවිධ හැඩතලවලට අපට දකින්නට ලැබෙනවා. පුංචියට ආරම්භවන දිය සීරාව ගඟක් වෙලා මහා සාගරය අවසානයේදී එයට මුණගැහෙනවා. ඒ වගේ තමයි ජීවිතයත්. නිර්මාණ කාලානුරූපීව වෙනස් වෙනවා.Manuranga

ඔබේ පළමු ගීතය “රම්බරී” උණුසුම් විචාරයට සහ විවේචනයට ලක්වුණා.?

ඔව්. එය විවේචනයට ලක් වුණා. විචාර රාශියක් ලැබුණා. ඒ ගීත රචනාව අමුතු පර්යේෂණාත්මකව කරපු නිර්මාණයක් නෙවෙයි. මගේ සැහැල්ලු ප්‍රකාශනයක්. විචාරයේදි ආපු විවේචනයන් ප්‍රවණතාවක් විදිහට මගේ ගමනට මම එකතු කරගත්තා. සමහර විචාර පටුයි. අපේ රටේ හොඳ විචාරකයන් ඉන්නවා. ඒ දේවල් අපි උකහා ගන්න නිහතමානී ⁣වෙන්න ඕන. ඉන් ලැබෙන ආභාසය අපේ ඉදිරි නිර්මාණ වලට ඉවහල් වෙනවා

විනාඩි තුනක පමණ කාලයකට සීමාවන අදහසක් ගීතයක් විදිහට සමාජගත කරන්නට පහසු කාර්යයක් නෙවෙයි. ඔබ ඒ අභියෝගයට මුහුණ දෙන්නෙ කොහොම ද?

මම හැම වෙලාවෙම බලනවා මතුපිට ග්‍රහණය කරගන්න පුළුවන් අදහසක්. මට අවශ්‍ය ඇතැම් විට ගී පද රචකයන් නොකරන දෙයක් කරනවා වෙන්න පුළුවන්. එය මටසිළුටු නොවෙන්නත් පුළුවන්. එහෙම දේවල් මං ගීත රචනාවල දී භාවිතා කරනවා. මේ විනාඩි තුන ඇතුළත ජීවිතය කියවනවා වගේ දෙයක් මේක. ඇත්තටම ගීතය කැඩපතක් වගේ. ඒ දිහා බැලුවම තමන්ට තමන්ව පෙනෙනවා.

ඇතැම් රචකයකුට ගීතයක් අළෙවි කරන්න ලේසි පහසු කටයුත්තක් නොවෙයි.?

කළමනාකරණය හා ගිණුම්කරණය පිළිබඳ දැනුමක් අපට අවශ්‍යයි. නිර්මාණකරුවෙක් විදිහට තමන්ට ශුද්ධවු කලාව කරගෙන නිදහසේ ඉන්න පුළුවන් අපි මේ විවෘත වෙළෙඳ පොළට පය තියන්නේ නැත්නම්. වෙනත් වෘත්තියක වුණත් වෙළඳපොල පිළිබඳ අවබෝධයක් නැතිව රඳා පවතින්න අමාරුයි. අපි දැනගත යුතුයි අපිට මිලක් නියම කරගන්න.

Umaria
උමාරියා සිංහවංශ

ඒ මිල සාධාරණද කියලා තීරණය කරන්න ඕන මම. නැත්තං හිතුමතේ මං ඉල්ලන ගාන කිසිවෙක් ගෙවන්න එකඟ වෙන්නේ නැහැ.

ඔබේ ස්ථාවරය පිළිබඳව ඔබ සෑහීමට පත් වනවාද.?

මට දැනෙන විදිහට දැනට වැඩිපුරම මිලක් අය කරන ගී පද රචකයෙක් මම. ඒ කියන්නේ කිසියම් දැනෙන මුදලක් මම අය කරනවා. නමුත් මම සින්දු කෝටියක් ලියන්න අදහසක් නෑ.

මට කියලා ගීතයක් ලියා ගන්න එන මනුස්සයෙක්ගේ ඉදිරි ගමන ගොඩනඟන්නට මට උදව් වෙන්න පුළුවන් නම් ඒකයි මගේ බලාපොරොත්තුව.

මම ගීත රචකයෙක් විදිහට ලැබූ ස්ථාවරය තුළ මේ ක්ෂේත්‍රයේ නිවේදකයෙක්, වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක්, යූටියුබ් ක්‍රියාකාරිකයෙක් බවට පත් වන්න උදව් උපකාර වුණා. දැන් ක්ෂේත්‍රයට ඇවිල්ල අවුරුදු දොලහක් විතර වෙනවා. කිසියම් පරිණත බවක් මට දැන් දැනෙනවා. නිර්මාණකරණයේ දී ඒ වෙනස්කම දැන් එන්න පටන් ගෙන තියෙනවා. වැඩක් කරද්දි ටිකක් හිතන්න මතන්න වෙනවා

අන්තර්ජාල අවකාශ හරහා එළියට එන්න උත්සහාකරන අලුත් පරපුරක් ඉන්නවා.?. ඔවුන් ගැන ඔබ දකින විදිහට මොනවගේ ද?.

අලුත් පරම්පරාවට ඉඩ දෙන්න ඕන කියන තැන මම ඉන්නේ. පටු පරමාර්ථයෙන් වැඩකරන තරුණ පිරිසක් ඒ අතර ඉන්නවා. ඒ වගේම පර්යේෂණාත්මකව තමන්ගේ වැඩේට අවංක වන තරුණ පිරිසකුත් ඉන්නවා.

මේ තරුණයන්ට තමන්ගේ හැඩය හදාගන්න හොඳ ඉඩකඩක් නිර්මාණය වෙලා තියෙනවා.

මට කියන්න තියෙන්නෙ YouTube කාරයෙක් වෙන්න එපා. YouTube කරුවෙක් වෙන්න. කරන දේ හුදු ජනප්‍රියත්වය උදෙසා නම් කරන්නේ එය ඔබේ හදවතට දැනෙන නිර්මාණයක් නොවෙයි. ඔබේම හදවතට එකඟ නැත්නම් ඒ කිසි දෙයක් දීර්ඝකාලීන පවතින්නේ නැහැ. ඔබේ අරමුණ පුළුල් විය යුතුයි.

ඒ තුළ දීර්ඝ ගමනක් ස්ථිරයි.

වර්තමානයේ සංගීතය ගැන ඔබට තියෙන අදහස මොකක්ද?

දක්ෂ පිරිසක් බිහි වෙමින් ඉන්නවා. ඔවුන් ලෝකයේ තියෙන උසස් නිර්මාණ පරිශීලනය කරන බවක් දකිනවා.

ප්‍රවීණ පරම්පරාවත් අලුත් පරම්පරාවත් එක්ක මිශ්‍ර වෙන්න ඕන. ප්‍රවීනයන් සමඟ වැඩ කරලා ලබා ගන්න අත්දැකීම් අලුත් පරපුරට හොඳ අත්වැලක් සපයනවා. ඒ සංකලනය යහපත් හෙටක් බිහි කරයි.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

තෙල් නැවේ ගින්නෙන් පරිසර හානි වළක්වාගන්න ජනපති-අගමැති මැදිහත් වේ

Next Post

ක්‍රීඩා පනතත් සංශෝධනය වෙයි

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.