බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

පුරා දශක හතක් දළදා පෙරහර වෙස් නැටුමින් හැඩ කළ මහා නර්තන පෞරුෂය – පීටර් සූරසේන දිවි සැරිය නිමා කරයි!

by editor
පෙබරවාරි 25, 2025
in කලා
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහැරේ අඛන්ඩව හැත්තෑ වසක් රැඟුම් දක්වා ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය සම්භාවනීය වෙස් නැටුම් ශිල්පියා වූ පීටර් සූරසේන අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඔහු 85 වැනි වියේ පසුවූයේය. ඔහු කලක් තිස්සේ සිටියේ අයපහත් සෞඛ්‍ය තත්ත්වයෙනි. හෘදයාබාධයක් වැළඳී අප අතරින් සමුගත්  පීටර් සූරසේනයන් නික්ම යන්නේ  මහා විශාල සලකුණක් දේශීය කලා සම්ප්‍රදාය තුළ තබමිනි.

මේ විශිෂ්ට කලා ශිල්පියා ගැන දේශීය නර්තන සම්ප්‍රදාය පිළිබඳව අත් පොත් තැබූවෝ පවා දනිති. දළදා පෙරහැරට පෙම්බැඳි සියල්ලෝ ඔහුගේ රැඟුමින් මත්වූ ඉතිහාසයක් තිබිණි.

ජීවිත මංපෙතේ හැත්තෑවන කඩ ඉම පසු කර සිටිදීත් හේ කිලෝ හතරක පමණ බරින් යුත් වෙස් නැටුම් කට්ටලට ඇඟ දරා රැඟුම් පෑවේ ජවසම්පන්න තරුණයකු මෙනි .

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ඉදිරියේ ගමන් ගන්නා උඩරට වෙස් නැටුම් කණ්ඩායමට දශක ගණනාවක් තිස්සේ නායකත්වය දුන් ඔහු මෙයට සිව් වසරකට පෙර අවසන් වරට පෙරහැරේ ගමන් ගන්නා අවස්ථාවේදීද ජව සම්පන්න තරුණයින් පරදා නැටුමින් සැමගේ නෙත් සිත් පැහැර ගන්නට සමත් විය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

පීටර් සූරසේනයන් යනු උඩරට නැටුම් කලාවේ ගෞරවය ආරක්ෂාකර ගනිමින් එය තවත් උසස් ගෞවරණීය තැනකට ඔසවා තබන්නට ජීවිතය පුරා වෙහෙසුනු කලා කරුවෙකි.

ඉංග්‍රීසි පාලන සමයේ ආණ්ඩුකාරවර සෝල්බරි සාමිවරයා පිනවන්නට නව වැනි වියේදී උඩැක්කිය වාදනය කරමින් වේදිකාවට පිවිසි ඉතිහාසයක් ඇත.

සූරසේන ගුරුන්නාසේ පාඨශාලාචාර්යවරයකු ලෙස 1966 සිට 1993 දක්වා කටයුතු කළේය. ඔහු විශ්‍රාම ගියේ දක්ෂ නර්තන ශිල්පීන් රැසක් රටට දායාද කරමිනි. මහනුවර අරුප්පොළ පිහිටි සූරසේන ගුරුන්නාන්සේගේ නිවසේ පවත්වා ගෙන යන සේසත සූරසේන කලායතනය තුළින්ද උඩරට පාරම්පරික නර්තන ශිල්පීන් බොහෝ පිරිසක් බිහි කළේය.

සූරසේන ගුරුන්නාසේ ගේ පියා මුණ්ඩාදෙණියේ ගෙදර ගුණයාය. බලි පරම්පරාවක කෙනෙක් පියා විවාහ වන්නේ උඩරට නර්තන පරම්පරාවකින් පැවත එන කාන්තවක් සමඟය. මේ සංකලනය කුඩා අවධියේ සිට සූරසේන ගුරුන්නාසේ ගේ ජීවිතට බලපෑවේය.

සූරසේන ගුරුන්නාසේ උපන්නේ 1940 ජනවාරි මාසේ 13 වෙනිදාය. හත් දෙනෛකුගේ පවුලේ හය වැනියා සූරසේන ගුරුන්නාසේය. අමුණුගම සුරඹා ගුරුන්නාන්සේ සූරසේන ගුරුන්නාසේ ගේ ගුරුවරයාය. නිත්තවෙල ගුණයාගේ හොඳම ගෝලයා වූ හීන් බබා ධර්මසිරි සූරසේන ගුරුන්නාසේ ගේ සොයුරාය.

ඔහු උඩැක්කිය වාදනය කරමින් මුල් වරට නුවර පෙරහැරේ ගමන් කරන්නේ 1952 වසරේ දී ය. පසුව හෙතෙම නෛයඩි ශිල්පියකු ලෙස පෙරහැරට සම්බන්ධ විය.

සංස්කෘතික අමාත්‍යාංශය මගින් මුල්වරට ලංකාවේ රාජ්‍ය නැටුම් කණ්ඩායමක් ඇති කළේ 1959 අවුරුද්දේය. ඔහු එම ආරම්භක නැටුම් කණ්ඩායමේ සාමාජිකයෙකි. ඔහු වෙස් බඳන්නේ රාජ්‍ය නැටුම් කණ්ඩායමට තෝරාගත් පසුය.

1959 වසරේ දී ඔහුගේ හිසේ වෙස් තට්ටුව තබා ඇත්තේ අමුණුගම සුරඹා,නිත්තවෙල ගුණයා,තිත්තපජ්ජල සුරඹා,නිත්තවෙල උක්කුවා යන උඩරට පාරම්පරික වෙස් නැටුම් කලාව රක්ෂා කළ ප්‍රධාන පරම්පරා හතරේ පතාක යෝධයින් සිවුදෙනා වීම ඉතිහාස ගත සිද්ධියක් සේ සැලකේ.

ලංකාවේ පළවෙනි රාජ්‍යය නැටුම් කණ්ඩායටමට සාමාජිකයින් 17 ක් ඇතුළත් වූහ. පණිභාරත නැටුම් කණ්ඩායමේ නායකයා ය. ට ගායකයකු ලෙස ඩබ්ලියු ඩී අමරදේවයන් ද නර්තන ශිල්පිනියක ලෙස විමලා අමරදේව මැතිනිය ද වූහ.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ වෙස් නැටුම් ශිල්පියෙකු ලෙස ඔහු වසර 60 කට ආසන්න කාලයක් ගමන් ගෙන තිබේ. ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් මහනුවර ඇසළ පෙරහැරට සම්බන්ධව අති විශිෂ්ට දක්ෂතා දක්වන කලා කරුවන් ඇගයීම පිණිස 1978 දී ඇතිකළ ජනපති සම්මාන පිරි නැමීමේ උත්සවයේදී සූරසේනයන් තම ජීවිතයේ මුල් වරට ජනපති සම්මානයකින් පිදුම් ලැබීය.

ඉන් පසු ආර්.ප්‍රේමදාස,ඩී.බී විජේතුංග,චන්ද්‍රිකා කුමාරතුංග,මහින්ද රාජපක්ෂ යන මෙරට බිහිවූ විධායක ජනතිවරුන් සිව් දෙනකු ගෙන්ම ඇගයීම් ලබන්නට හෙතෙම සමත් විය.

මේ විශිෂ්ට කලාකරුවාට නිවන් සුව පතමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ පාලන මිල තුට්ටුවකට නොසලකා වැඩි මිලට සහල් බෙදන පොලොන්නරුවේ මහ මෝලෙක් සම්බන්ධව විශේෂ තීරණයක් ගන්න රජය සැරෙයි!

Next Post

රෝහිණී නලීන් හේවගේ ගෙන් ගේම ඉල්ලයි…

Related Posts

Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026
කලා

මාලනියගේ අවසන් රංඟන පෙළහර සමග “මලකි දුවේ නුඹ” සිනමා කෘතිය 02 දා සිට දිවයින පුරා සිනමාහල්වල!

දෙසැම්බර් 29, 2025

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.