බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

ජෝතිපාලයන් අවසන් උපන් දින සාදයේදී මරණයේ පෙර නිමිති දුටු හැටි

by editor
පෙබරවාරි 12, 2021 - Updated on පෙබරවාරි 13, 2021
in කලා
Share on FacebookShare on Twitter

ප්‍රවීණ ගායන ශිල්පී එච්.ආර් ජෝතිපාලයන්ගේ 85 වැනි ජන්ම සංවත්සරය යෙදී ඇත්ත් අදය. (පෙබරවාරි 12).  ඒ නිමිත්තෙන් රන් එෆ් එම් ගුවන් විදුලියේ රන්සර රාත්‍රියට සහභාගී වූ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සහ නිෂ්පාදකයකු මෙන්ම එච් ආර් ජොතිපාලගේ සමීපතම සගයකු වන පද්මසිරි කොඩිකාර ජෝතිපාල පිළිබඳව බොහෝ දෙනකු නෑසු කතාවක් දිග හැරියේය.

පද්මසිරි කොඩිකාර

දේශීය සංගීත ක්ෂේත්‍රයේ යෝධ ලකුණු දෙකක් වුවද ආචාර්ය අමරදේවයන් සහ එච් ආර් ජෝතිපාලයන් සිටියේ අන්ත දෙකකය. එහෙත් ඔවුන් දෙදෙනා එක් ගීතයක දී එකට එක්ව ඇත්තේ පුදුම ආකාරයටය. පද්මසිරි කොඩිකාර   මේ ගැන කීවේ මේ ආකාරයෙනි.

“ බොහෝ දෙනෙක්  දන්නැති කරුණක් තමයි ආචාර්ය අමරදේව මාස්ටර් සංගීතවත් කළ සිංදුවක් ජෝතිපාල ගායනවා කරනවා කියන එක. මේ කතාවට මමත් සම්බන්ධයි. ඒ නිසා මම ඒ විස්තර් හොඳටම දන්නවා. දවසක් ජොතිපාල මට කතා කළා. පද්මේ හෙට මොනව හරි වැඩක් දාගෙන තියෙනවද කියල මගෙන් ඇහුවා.මට එදා විශේෂ වැඩක් නොතබුණු නිසා මමත් ජෝති එක්ක මේ ගමනට ගියා.“

“ගියේ සිංදුවක් පටිගත කරන්න ස්ටූඩියෝ එකකට. එතනදී තමයි මමත් දැනගත්තේ මේ සිංදුවේ සංගීත අධ්‍යක්ෂණය අමරදේව මාස්ටර් කියල. මේ ගීතය කියන්න සූදානම් කර තිබුණේ ශ්‍රිමති තිලකරත්න ගායන ශිල්පිණියත් එක්ක. අපි ස්ටූඩියෝ  එකට යනකොට ඒ අය ඇවිත් හිටියා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කිසිම පුහුණු කිරීමක් පෙරහුරුවක් නැතිව ජෝති කිව්ව හරි මාස්ටර් වැඩේ කරමු කියල. අමරදේව මාස්ටර් ගේ මුහුණේ ඉරියව්වලින්ම කියන්න පුළුවන් වුණා  ඔහු හිටියේ සතුටකින් නෙවේ කියල.    කිසිම පුහුණු කිරීමක් වත් නැතිව එක පාරටම ස්ටූඩියෝ එකට ගිය එකට මාස්ටර්ට නොරිස්සුම් වෙන්න ඇති කියල මම හිතුවා. අමරදේව මාස්ටර් එයට අනුමැතිය දුන්නට එය කැමැත්තකින් නොකළ බව මට තේරුණා.“

“දැන් සිංදුව පටිගත වෙනවා… අමරදේව මාස්ටර් එහා පැත්තේ ඉන්නවා… අපිත් ඉන්නවා… සිංදුව පටිගත කිරීම් ඉවර වුණා. අමරදේව මාස්ටර් ඉතාම සතුටින් හිනාවෙලා ඕ.කේ ජෝති කියල කිව්වා. දැන්  මාස්ටර් සතුටින්… අපි පටිගත කරලා අමරදේව මාස්ටර්ට සමුදෙන්න හදන වෙලාවේ මාස්ටර් ඇවිත් ජෝතිපාලට කියනව සොරි ජෝති කියල.“

“මට මේක ප්‍රශ්නයක් . මම වාහනේ ආපහු එනකොට ජෝතිගෙන් ඇහුව මොකද අර මාස්ටර් සොරි ජෝති කිව්වේ කියල.“

“ඒ වෙලාවේ ජෝති මාස්ටර් කියපු කතාව කිව්වා මේ විදිහට“

“පද්මේ…මම මේ රෙකෝඩින් එක කරල ඉවර වුණාම ඇතුළට ආපු මාස්ටර් මාර කතාවක් කිව්ව. මාස්ටර් ඇහුව මගෙන් ජෝති  ඔයාට මතකද හැටේ දශකයේ මුල දවසක මම ඔයාට සිංදුවක් කරල දෙන්නම් කියල කියනවා. මම කිව්ව නෑ මාස්ටර් මට මතක නෑ කියල. එහෙනම් මතක් කර ගන්න. ඔයාට මම සිංදුවක් කරල දෙන්නම් කියල කියද්දී කරමු මාස්ටර්. මාස්ටර් හදන්න මම ඇවිත් එකපාරම වැඩේ දෙන්නම් කියල  ඔයා කිව්වා. “

පස්සෙ බලනකොට ඒ කතාවට මාස්ටර්ගේ හිත රිදිලා.. මොකද ඒ වෙනකොටත් විශාල පෞරුෂයක් තිබුණු මාස්ටර් ලඟට ඇවිත් ප්‍රවීණයො  කලින් පෙරහුරු පුහුණුවීම් කරල රෙකෝඩින්වලට යන්නේ. මම කිසිම   ගාණක්  නැතිව වැඩේ දෙන්නම් කීවම මාස්ටර් හිතලා තියෙන්නෙ මම එතුමාව ගණන් අරගෙන නෑ කියලා. “

“මම කවදාවත් ආයේ ජෝතිපාලට සිංදුවක් දෙන්නේ  නෑ කියල එදා හිතාගත්තා කියල අමරදේව මාස්ටර් මට කිව්වා . ඒත් මම මේ සිංදුව එකපාරටම කිව්ව එක ගැන මාස්ටර් පුදුම වෙලා… එතුමා ඔහු මාව අගය කළා. ඔයා ගැන හිතාගෙන සිටි ආකාරය වැරදියි කිව්වා. එහෙම කියල සොරි ජෝති කිව්වා . යන්න යනකොටත් ආපහු සොරි ජෝති කියල කිව්වා.“

ජෝති මට කිව්වා.

තරංගා චිත්‍රපටි අධ්‍යක්ෂ විමල් වෛද්‍යසේකර අමරදේව මහත්තයාට කියල කියෙන්නේ මේ චිත්‍රපටයේ කන්දෙන් ලන්දට කියන සිංදුව ශ්‍රිමති තිලකරත්න එක්ක ජෝතිපාලම  කියන්න ඕන කියල. ඒ නිසාම අමරදේව මාස්ටර්ට ජෝතිට සිංදුවක් කිරන්න  සිදුවී තිබෙනවා. ජොතිපාල කිව්ව වගේම ආපු ගමන් වැඩේ හරියටම දීල තියෙනවා. ඔහුගේ දක්ෂතාව ගැන අමරදේව මාස්ටර් එතෙක් තබාගෙන සිටි අවතකස්සේරුව නිසා ඔහු අවසානයේ සොරි ජෝති  කිව්වා.

ගීතය

https://www.youtube.com/watch?v=YSn63NwxDDY

මේ කතාව අවසන් කළ පද්මසිරි කොඩිකාර ජොතිපාලයන් ජීවත් සිටි සැමරූ අවසාන උපන් දිනය ගැන ද අමරණීය මතකයක් අවදි කළේය.

“මේ 1987 වසරේ පෙබරවාරි මාසේ 12 වැනිදා යෙදුණු උපන් දිනේ. ඊට දින දෙකකට විතර කලින් මට ජෝති කිව්වා මම මගේ උපන් දිනේට පොඩි පාටියක් දානවා.  කාටවත් කියන්නේ නෑ. ඒත් ඔයයි විජයයි එන්න. විජයටත් කියන්න කියලා.  මම විජය කුමාරතුංගට කිව්වම ඔහු  වැඩේට යන්නම ඕන කියල දින වෙන් කර ගත්තා.

“ කතා කර ගත්ත විදිහට විජයයි මායි කොළඹ බුලර්ස් පාරේ හිතවතකුගේ නිවසේ තිබුණු මේ උපන් දින උත්සවේට ගියා. එතනදී විනෝදයෙන් සිටි ජෝති එකපාරටම කීව විජේ මේ මගේ අන්තිම උපන් දිනේ. සමහර විට ඊළඟ උපන් දිනේට මට ඉන්න බැරි වෙයි. ඔයා ගේ ළමයි හතරදෙනා කරදරයක් නොවන්න හොඳින් බලා ගන්න කියලා. ඒ වෙලාවේ විජය පිස්සු කෙළින්න එපා. ඔයා කොහොමද එහෙම වෙන්නේ? කියල ඇහුවා. ඒත් ජොතිපාල කිව්ව සමහර විට මම මිය යයි ඒ දරුවෝ ගැන බලන්න කියල.“

“විජය ඒ වෙලාවේ කිව්වා හරි මම ඒ දේ බලන්නම් තාත්ත වගේම කියල. ඇත්තටම අපි නොසිතූ විදිහට ඒ අවුරුද්දේම ජූලි මාසේ 07 වැනිදා ඔහු මිය ගියා. විජය ඒ වෙලාවේ රටේ හිටියේ නැහැ. ඒත් ආපු ගමන් මාත් එක්ක ජෝතිපාලයන්ගේ බිරිය සහ පවුලේ අය හමුවෙන්න නුගේගොඩ හයවෙනි පටුමගේ පිහිටි නිවසට ගියා. ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුනොත් දරුවන් සම්බන්ධ ඕන දේකට මට කියන්න කියල ජෝති කී ආකාරයෙන්ම ඔහු දරුවන් බලාගන්න බවට පොරොන්දු වුණා.“

පද්මසිරි කොඩිකාර මහතා කතාව හමාර කළේය. එහෙත් එසේ පොරොන්දු වූ විජය කුමාරතුංගට ජීවත් වීමට හැකි වූයේ ජෝති මියගොස් පැමණි පළමු උපන් දිනය පසුකර හරියටම දින හතරක් පමණි. සාහසික වෙඩි පහරකින් ඔහුද කලා ලෝකයේ හිදැසක් තබා යන්න ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“විවේචන සාධාරණව සලකා බුද්ධියෙන් රට මෙහෙයවන්න..”

Next Post

අද කොවිඩ් මරණ 05යි … දෙවන රැල්ලේ ෙකොවිඩ් ආසාදිතයන් 70000 ඉක්මවයි…

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.