අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය කලා

කලං අප හැර යන්නට නොබෝ දිනකට කලින් අපට කියා ගිය අතීත කතාව….

by editor
අප්‍රේල් 1, 2023
in කලා
Share on FacebookShare on Twitter

තුෂාරී කළුබෝවිල –

සිංහල සිනමාවේ සම්මානනීය, ප්‍රවීණ, ජ්‍යෙෂ්ඨ ශිල්පී අමරසිරි කලංසූරිය දිවි සැරියෙන් සමුගෙනය. ඒ සොඳුරු මිනිසා දිවි ගමන නිමා කිරීමට නොබෝ කලකට පෙර ඔහු සමග සොඳුරු පිළිසඳරක යෙදීමේ දුලබ භාග්‍ය ලදිමි.  හැමදාමත් මුව පුරා නැගුන අව්‍යාජ සිනහාවෙන් ඔහු සිය හඬ අවදි කළ හැටි මතකය.   ගලා හැලෙන මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ තැවරී ඇති බොහෝ  ආගිය කතා අතර වූ සංවාදය මැද  ඔහු අතීතයේ මියුරු මතක  වැලකට මා කැටුව ගිය හැටි මතකය. ඒ සටහන ඔහු අප සමුගෙන ගිය මේ වේදනාත්මක මොහොතේ ඔබ අභිය දිග හරිමි.

එදා ඔහු මේසේ සිය මතක වැල අවදි කළේය.

අහස්ගව්ව සහ අපේක්ෂා චිත්‍රපට…

“මගේ අම්මයි, තාත්තායි විවාහයෙන් පස්සේ මහනුවර බහිරවකන්දේ පුංචි ගෙයක් හදාගෙන පදිංචියට ඇවිත් තියෙනවා. මගේ තාත්තා බොහොම සරුවට වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරමින් සිටියා. අය්යායි, මායි, මල්ලිලා දෙන්නයි හිටියා. අම්මා මට අවුරුදු හයේදි මිය ගියා. මට අවුරුදු 15 වෙද්දි තාත්තාත් හදිසියේ මිය ගියා. ජීවන අරගලයට මුහුණ දීමට සිදු වුණා. අපමණ දුක් විඳිමින් විවිධ රැකියා කළා. අන්තිමට මගේ ම කියලා රෙදි ව්‍යාපාරයක් පොඩියට පටන් ගත්තා. ඒක ටික ටික දියුණු වුණා.

ඒ අතරේ සිනමාවටත් සම්බන්ධ වුණා.”

සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘හන්තානේ කතාව’ චිත්‍රපටයට නවක නළු නිළියන් තේරූ අවස්ථාවට ජැන්ඩියට ඇඳ පැළඳ පැමිණ සිටි දහසක් තරුණ පිරිස අතර අමරසිරි කලංසූරිය ද සිටියේ ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එදා පිට්ටනිය පිරෙන්න හිටිය සෙනග ගොඩේ විජය කුමාරතුංගයි, මායි හිටියා. කවුරුවත් මාව ගණන් ගත්තේ නෑ. ඒ වුණාට විජය යි, මායි අතරේ මිත්‍රත්වයක් ඇති වුණා. විජය ප්‍රධාන චරිතයට තේරුනා. මම සහාය නළුවා වුණා. ඒ මිත්‍රත්වය කොයි තරම් බලවත් වුණාද කියනවා නම් මම විජයවත් මගේ බිස්නස්වලට හවුල් කර ගත්තා. ‘හන්තානේ කතාව‘ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් එක්ක විජය හුඟක් කාර්යබහුල වුණා. ඊට පස්සේ එයාට වෙලාවක් තිබුණේ නෑ මගේ ව්‍යාපාර කටයුතුවලට එක් වෙන්න. හැබැයි මම දිගටම මගේ ව්‍යාපාර කාර්යයේ රැඳිලා හිටියා. මම වඩුගොඩපිටිය වීදියේ අංක 32 දරණ ස්ථානයේ කුලියට අරගත්ත පොඩි කඩ කෑල්ලක් දියුණු කරලා ‘My Inn’ නමින් රෙදිපිළි සාප්පුවක් විවෘත කළා. ඒ ආරම්භය කඩ සාප්පු දෙක තුනක ම හිමිකරු බවට මා පත් කරමින් දියුණු වුණා.

අමරසිරි කලංසූරිය…

මගේ මුල් වෙළෙඳසැලට නිතරම ආවා මහනුවර පුෂ්පදාන විද්‍යාලයෙන් පේරාදෙණිය සරසවියට තේරීපත් වූ යුවතියක්. ඇය ගැන මට ලොකු ඇල්මක්, උනන්දුවක් ඇති වුණා. අප අතරේ ආදර සම්බන්ධයක් ගොඩ නැඟුණා.

ඇය තරමක ප්‍රභූ පවුලක කෙනෙක් නිසා ඇයගෙ දෙමව්පියෝ මුලදි විරුද්ධ වුණත් පස්සේ අපට ආශිර්වාදය ලබා දුන්නා. අදටත් මගේ ජීවිතයේ සෙවනැල්ල වගේ ඉන්න ඇය අජන්තා තලතා කුමාරි ඒකනායක.”

කලං රඟපෑම ජීවනෝපාය කරගත්තේ නැත. ඔහු හැම විට ම මුල් තැන දුන්නේ ඔහුගේ ව්‍යාපාරික කටයුතුවලට සහ පවුලේ කටයුතු වෙනුවෙනි.

“ව්‍යාපාරවලින් මම ඉහළ ම දියුණුවක් ලබා සිටි කාලයේ 1977 වර්ෂයේ රටේ පැවති දෙශපාලන වාතාවරණය නිසා මගේ ව්‍යාපාරයේ රෙදි මහා ගොඩක් එක්ක මුලු ගෙදර ම ගිනි තියලා අළු බවට පත් වුණා. ඒත් මම ආයෙමත් නැගිට්ටා. ඒ අතරේ රඟපෑමට ලැබුණු අවස්ථාත් ප්‍රතික්ෂේප කළේ නැත. ඉඩ ලැබෙන ලෙස හොඳ නිර්මාණවලට දායක වුණා.”

ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’, ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘අක්කර පහ’ සහ රංජිත් ලාල්ගේ ‘නිම්වලල්ල’ යන චිත්‍රපටවල ද ඔහු රඟපෑවේ ය.

කලංගේ දෙවන චිත්‍රපටය වූ “පරිත්‍යාගය” ඔහුට ඕ.සී.අයි.සී. සහ සරසවිය වෙතින් තවත් සම්මාන දිනා දුනි.
1982 වසරේදී සහාය චරිත සඳහා පිදෙන හොඳම නළුවා සරසවිය සිනමා සම්මානයත්, 1986 වසරේදී සරසවිය සිනමා සම්මානයත්, ජනාධිපති සම්මානත් ඔහුට හිමි විය.

රඟපෑ චිත්‍රපට ප්‍රමාණය සංඛ්‍යාත්මක ව පනහකට අඩු වුවත් බඹරු ඇවිත්, අනුපමා, පරිත්‍යාගය, වජිරා, සක්විති සුවය, යස ඉසුරු, අහස් මාලිගා, ඩොරින්ගේ සයනය, මල් වරුසා, පූජා, පොඩි විජේ, දොළොස් මහේ පහන, සාගරයක් මැද වගේ චිත්‍රපටවල ඔහුගේ චරිත නිරූපණයන් ප්‍රේක්ෂක මතකයේ තවමත් පවතී. එච්. ඩී. ප්‍රේමරත්නගේ “අපේක්ෂා” චිත්‍රපටයේ මාලනී ෆොන්සේකාගේ පෙම්වතා වූ නිමල්ගේ චරිතය රඟපැමෙන් කලංට වාණිජ සිනමාවේ දොරටුව විවර වූවා පමණක් නොව සිය රංගන දිවිය නව මාවතකට ද යොමු විය.

ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව‘ රංගනය වෙනුවෙන් කලං ප්‍රථම වරට සම්මානයෙන් පිදුම් ලැබීම ද විශේෂත්වයකි.
1975 වසරේ හත් වැනි ලේඛක හා විචාරක සම්මාන උලෙලේදී ඔහුට හොඳම නළුවාට හිමි සම්මානය ද එකී රංග කෞෂල්‍යය උදෙසා පිරිනැමුණි.

“මම ජීවිතේ දුක් විඳලා ධෛර්යයෙන් ජය ගත්ත කෙනෙක්.”

“ඒ නිසා වෙන්න ඇති අද මං ගොඩාක් සතුටින් ඉන්නේ. මම තවම ව්‍යායාම කරනවා. උදේට අපේ නිවස ඉදිරිපිට තියෙන පිට්ටනියේ ඇවිදිනවා. මීට ටික කාලෙකට පෙර මම දරුණු ලෙස අසනීප වුණා. ඒ වනතුරු මම උදේට ටිකක් දිව්වා. දැන් වෛද්‍ය උපදෙස් පරිදි දුවන්නේ නැතුව ඇවිදිනවා.”

“උදේට මගෙ බිරිඳ හැමදාම කොළ කැඳ කෝප්පයක් හදලා දෙනවා.   සතුටින් ඉන්නවා. දැන් ඉතින් පවුල් බරකුත් නෑනේ. දූලා දෙන්නටයි, පුතාටයි වෙන්න ඕනෑ යුතුකම් කළා. පුතයි, ලොකු දුවයි විවාහ වෙලා දැන් මට මිනිබිරියෝ දෙන්නෙක් ඉන්නවා. පොඩි දුව අපිත් එක්ක ඉන්නවා. උපන්දිනේ දවසේ හැමෝ ම එකතුවෙලා කෑම උයලා කාලා, සිංදු කියලා සතුටු වුණා.”

“ප්‍රභූවරු වගේ ම කලා ශිල්පීන්, මිත්‍රයෝ කතා කරලා සුබ පැතුවා. මං ගෙදර නිතර පොත් පත් කියවනවා. පරණ චිත්‍රපටියක් ටීවී එකේ ගියොත් අනිවාර්යයෙන් ම බලනවා. ජීවිතේ හරි ම සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නවා. දුකක් කියලා හිතේ ඉතුරු වෙලා තියෙන්නේ විජය කුමාරතුංග නැති වෙච්ච එකයි. අදටත් මට මතක් වෙද්දි……”

කලං මොහොතක් නිහඬ විය. දෑස් තෙත් වී කටහඬ වෙනස් වන අයුරු මට හැඟුණි. ඒ කතාබහට විරාමය තබා මම ඔහුගෙන් සමු ගත්තෙමි.

ඒ සංවාදය නිමා වනවිට කලං මේ තරම් ඉක්මනින් සමුගෙන යනු ඇතැයි නොසිතුවෙමි. එහෙත් ඔහු අප හැර ගොස්ය. ගෞරවණීය කලාකරුවානෙනි… නිර්වාන සුවයෙන් සැනසෙන්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ මර්ධනයට එරෙහිව රටේම වෘත්තීය සමිති එක් වෙයි… සඳුදා නව වෘත්තීය සමිති එකමුතුවක්!

Next Post

ජනවරමක් නැති ආණ්ඩුවකට   IMF උදව් කිරීම වැරදියි… ප්‍රධාන විපක්ෂයෙන් චෝදනාවක්!

Related Posts

කලා

ඇය තවත් නැත…

ජූලි 10, 2026
Carlos-Ray-“Chuck”-Norris,
කලා

යුගයක් නිමා කරමින් බැස ගිය අසම සම ක්‍රියාදාම තරුව – “චක් නොරිස්” ගැන පුංචි සටහනක්!

මාර්තු 20, 2026
කලා

චෙකොව් සන්ධ්‍යාව වසර 33 කට පසු යළිත් වේදිකාවට!

ජනවාරි 20, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.