බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සපුරා පරාදයි… කෙල්ලනේ… ඒ රිදුම නම් ටිකක් සැරයි!

by editor
ඔක්තෝබර් 12, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සපුරා පරාදය. අප ලෝක කුසලාන කාන්තා තරගය අවසන් කරන්නේ ඒ ඛාණ්ඩයේ පරාජිතම කණ්ඩායම ලෙසය. එකම ජයග්‍රහණයක්වත් නැතිවය. තරග 04ම පරාදය. 

අද පැවතුන නවසීලන්ත ශ්‍රී ලංකා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08කින් දැවැන්ත ලෙස පැරදුනේය. චමරී අතපත්තු ඇතුළු කණ්ඩායම මහ පොළොවට ඇද දමා ඇත්තේ මාස දෙකකට පෙර අත් කරගත් ආසියානු ශූරතාවයේ ගර්වය කුඩු කරමිනි. එදා පෙන්නූ තියුණු හැකියාව හොරු අරන් ගොස්ය.

තරගාවලිය පුරා වාසනාව තිබුනේ අපටය.  තරගාවලියේ තරග හතරෙන් තුනක්ම කාසියේ වාසිය දිනා ගත්තේ අපය. මෙවරත් කාසියේ වාසිය දිනුවේත්  ශ්‍රී ලංකා කණ්ඩායමය. චමරී පන්දුවට පහරදීම තේරුවාය.

වැදගත් දෙය නම්  මුල්ම වරට මේ තරගාවලියේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 100 ඉක්මවා යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විමය. උන්න හැටියට ඒකත් ලොකු දෙයකි.  අප පන්දු ඕවර 20 තුළදී ලබා ගත්තේ කඩුළු 05ක් දැවී ලකුණු 115කි.

මුල් තරග තුනේම ලකුණු 10ක් පමණක් රැස් කරගෙන සිටි චමරී අතපත්තු මුල් වරට ඉලක්කම් දෙකක ලකුණකට ගියාය. ඇය පන්දු 41ක දී ලකුණු 35ක් ලැබුවාය. හර්ෂිතා සමරවික්‍රම පන්දු 29ක දී ලකුණු 18කි. නිලක්ෂි සිල්වා නොදැවී ලකුණු 14කි. අමා කාංචනා නොදැවි ලකුණු 10කි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පන්දු යැවීමේ දී ප්‍රබල ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම ග්‍රහනටය නතු කරගැනීමට නවසීලන්ත පන්දු යවන්නියෝ සමත් වූහ. ඇමේලියා කේර් පන්දු ඕවර 4 යැව්වේ ලකුණු 13කට ය. ඇය කඩුළු 02ක් ලැබුවාය. ලීයි කැස්පර්ක් ලකුණු 27ට කඩුළු 2කි. ඒඩන් කර්සන් ලකුණු 19කට කඩුල්ලකි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සම්බන්ධතාවයක් ගොඩ නැගුනි. අංක දෙක පිතිකාරිණිය ජෝර්ජියා ප්ලිමර් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් නන්නත්තාර කරන ප්‍රහාරයක් එල්ල කළාය. ඇය පන්දු 44ක දී ලකුණු 53කි. ඊට හතරේ පහර 4ක් ඇතුළත් විය.

ජෝර්ජියා ප්ලිමර් ගෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් නන්නත්තාර කරන ප්‍රහාරයක්

විශිෂ්ට පන්දු යැවීමකද නිරත වෙමින් ශ්‍රි ලංකා ඉනිම කුඩු කළ ඇමේලියා කේර් යළිත් වරක් පිත්තෙන් අමතක නොවන කතාවක් අපට කියා දුන්නාය. ඇය නොදැවී ලකුනු 34කි. මුහුණ දුන්නේ පන්දු 31කට පමණි.

නායිකා සොෆී ඩෙවින් දැවැන්ත හයේ පහරක් සමග ජයග්‍රාහීව තරගය නිමා කළාය. පන්දු 15ක් ඉතිරිව තිබෙද්දී ඔවුන් තරගය දිනුම්ය. තරගයෙන් පසු චමරි කීවේ මුල් තරගයේ මානසික බිඳවැටිම තරගාවලිය පුරාම බලපෑ බවත් ඉන් ගොඩ එන්නට නොහැකි වූ බවත්ය. මේ තරගයේ දීත් ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 20 – 25ක් පමණ අඩුවක් තිබුණු බවත් ඇය පැවසුවාය. දැන් සියල්ල හමාරය.

චමරිලා දැන් රටට එන්නේ සියලු අභිමානයන් සිඳී ගිය කණ්ඩායමක් ලෙසය. ඉස්සර මේ තරම් ලොකුවට පරාජයන් රිදුනේ නැත. හේතුව අපි පැදුරේ සිටි නිසාය. එහෙත් මෙවර අප ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන්නේ ආසියානු ශූරයින් ලෙස ඉන්දියාවටත් ගසා ඉතිහාසයේ මුල්වරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ පිටුවක් පෙරළමිනි. ක්‍රිකට් බැලුව උන් කිව්වේ 96 කණ්ඩායම කාන්තාවන්ගෙන් රටට ලැබුණ බවය.  ඒ ඔසවා තැබූ ගවු ගණනක් උඩින් බිම ඇද වැටී ඔත්පලවනවිට එන රිදුම දරා ගැනීම පහසු නැත.

ජයග්‍රහණයේ දී නියමයි ලොකු දුවේ කියමින් චමරිලා වඩාගෙන ගිය උන්  දැන් නැති බව මේ කෙල්ලන් තේරුම් ගත යුතුය.   උන් දැන් ලොවෙත් නැත. මුලින්ම ආරම්භ කළ තැනට නැවත යා යුතුව තිබේ.  රිදුම් පිරිමැද වේදනාව සමහන් කරගෙන යළිත් නැගී සිටිය යුත්තේ චමරිලා තනිවමය. මාස දෙකකට කලින් තිබුණු ක්‍රිකට් අපට නැති වූයේ කොහොම ද?. ස්වයං විවේචනයක් අවශ්‍යය.

එය සොයා ගැනීම ක්‍රිකට් විශේෂඥයින් සමග චමරීලාම කරගත යුතුය. දැනට කියන්නට ඇත්තේ දැන් පරිස්සමින් ගෙදර එන ලෙසය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නෙළුම් කුලුනෙන් පැන්න දියණියගේ මරණයට එහි ආරක්ෂක අංශවල දුර්වලතාවයත් බලපාලා… විමර්ශනවලදී හෙළි වෙයි…

Next Post

පාස්කු ප්‍රහාරය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධීන් 07ක් සම්බන්ධව විමර්ශන කටයුතු කඩිනම් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිස්පතිට උපදෙස්!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.