සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සංගා සම්බන්ධක් නැති අයි.සී.සී. මුල් පුටුවට ලොක්කෙක් පත් වන හැටි

by editor
ජූලි 5, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මීළඟ සභාපති පුටුව සඳහා කුමාර් සංගක්කාරව යෝජනා වී ඇති බවට පසුගිය කාලය පුරාම කතාවක් පැතිරුණේය. එහෙත් කුමාර් සංගක්කාර කීවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සභාපතිකම ලැබෙන්නේ ආරාධනයකින් නොව, නිශ්ඡිත ක්‍රමවේදයක් තුළ බවය.  ඒ වැනි වගකීමක් සඳහා තමන් සූදානම් වී නැති බවය.

අයි.සී.සී. මුල් පුටුව ගැන අප මෙවර කෙටි විමසීමක් කරන්නේ ඒ පසුබිම තුළ හිඳිමිනි. මේ වනවිට අයි.සී.සී, මුල් පුටුවට තුන්කොන් සටනක් නිර්මාණය වී ඇත.  ඉන්දියාවේ සව්රව් ගංගුලි, බටහිර ඉන්දීය කොදෙව් හී ඩේව් කැමරන් සහ එංගලන්තයේ කොලින් ග්‍රේව්ස් අදාළ සභාපතිත්වය සඳහා යෝජනා වී තිබේ.

වත්මන් ඉන්දියානු ක්‍රිකට් සභාපති සව්රව් ගංගුලිට එරට ක්‍රිකට් සභාපතිත්වය තවත් දීර්ඝ කර ගැනීම සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර එහි තීන්දුව අනුව ඔහු අයි.සී.සී. සභාපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න තීරණය වනු ඇත. යම් හෙයකින් ගංගුලිට අධිකරණයෙන් තීරණයක් ලැබුණහොත් ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් තවදුරටත් සේවය කිරීමට ඔහු අයි.සී.සී. සභාපති තරගයෙන් ඉවත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ශෂාන්ක් මනෝහර් යළිත් අදාළ තනතුරට තරග කිරීමට තීරණය නොකිරීමත් සමග ඔහු එංගලන්ත වේල්ස් ක්‍රිකට් සභාපති කොලින් ග්‍රොව්ව මීළඟ අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් යෝජනා කර තිබේ. නමුත් ගංගුලිට ඉන්දියානු ක්‍රිකට් මහ පුටුව අහිමි වුවහොත් අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් ඔහු මනෝහර්ගේ අනුප්‍රාප්තිකයා විය යුතු බවට දකුණු අප්‍රිකානු ක්‍රිකට් ප්‍රධානි ග්‍රැහැම් ස්මිත් පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් අයි.සී.සී මිළඟ සභාපතිවරයා වීමට මේ වන විට තුන්කොන් සටනක් නිර්මාණය කරමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ඩේව් කැමරන් ඉදිරිපත්ව තිබේ.  කැමරන්ව අයි.සී.සී. ප්‍රධානියා වශයෙන් නම් කරන ලෙස මනෝහර්ගෙන් ලිඛිතව ඉල්ලා ඇතැයි වාර්තා වේ.

2013 වසරේ සිට 2019 වසර දක්වා බටහිර ඉන්දීය කොදෙව් හී ක්‍රිකට් සභාපතිවරයා වු කැමරන් පවසන්නේ, ‘කුසලතා තුළින් කණ්ඩායම්වලට උපයා ගත හැකි තිරසාර මූල්‍ය ආකෘතියක් අප විසින් සොයාගත යුතු යැයි මා විශ්වාස කරනවා. ඉන්දියාව, ඔස්ට්‍රෙ‍ලියාව සහ එංගලන්තයට විශාලතම ආර්ථිකයක් සහ ප්‍රේක්ෂකයන් ඉන්නවා. නමුත් කුඩා රටවල් සැමවිටම මූල්‍ය සහයෝගය සඳහා අයි.සී.සී.ය වෙත පැමිණිය යුතුයි.” යැයි කැමරන් සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් 2018 වසරේදී දෙවැනි වරටත් පත්වු ශෂාන්ක් මනෝහර්ගේ නිල කාලය මේ වසරේදී අවසන් වීමත් සමග අයි.සී.සී.ය මීළඟ සභාපතිවරයා පත්කරන රැස්වීම ජුලි මස මැද භාගයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී විස්සයි විස්ස ලෝක කුසලාන සම්බන්ධයෙන්ද තීරණයක් ගැනීමට අයි.සී.සී.ය බලාපොරොත්තුවෙන් පසුවේ.

අයි.සී.සී. සභාපතිවරයා වශයෙන් පත්වීමට බලාපොරොත්තුවන කැමරන් පවසන්නේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග වසරක් තුළදී ක්‍රීඩා කරන විට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවකට තරග වැදිය හැකි ආකෘතියක් සකස් කිරීමට බවද සඳහන් කරයි. කොරෝනා වසංගතය හේතුවෙන් ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාවේ ආර්ථිකයටද විශාල බලපෑමක් එල්ල කර තිබියදී මීළඟ සභාපතිවරයාට එය ගොඩ ගැනීමේ වගකීම පැවරේ.

ඒ අනුව මනෝහර්ගෙන් පසුව අයි.සී.සී. සභාපතිවරයා වීමට බලාපොරොත්තු තබා ඇති කැමරන්, ගංගුලිද සහ කොලින්ගෙන් කවුරු තනතුරට පත් වුවත් විශාල වගකීමක් ඉදිරියේදී ගෝලීය ක්‍රිකට් වෙනුවෙන් කිරීමට සිදුවීම අනිවාර්ය සාධකයකි.

Tags: නවතම
Share95Tweet43
Previous Post

උතුරේ දුක සැප බලන්න බ්‍රිතාන්‍ය නියොජ්‍ය මහකොමසාරිස් යාපනේ යයි..

Next Post

මාරක අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් කළ කුසල් මෙන්ඩිස් රිමාන්ඩ්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.