සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාව යළිත් අවසන් මහා තරගයක…. ලෙජන්ඩස්ලා ඉතිහාසය නැවත ලියති….

by editor
මාර්තු 20, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔවුන් පුරාවෘත්ත බඳු මිනිසුන් වන්නේ ඉතිහාසය නැවත ලියන නිසාය. අප යළිත් බලාපොරොත්තුවේ ප්‍රහර්ෂය විඳිමිනි.

ඒ වියපත් මිනිස්සු ක්‍රීඩාවට ආදරය කරන හැටි යළිත් අපට කියා දෙමින් සිටිති. සෑහෙන කාලයකට පසු ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරගාවලියක අවසන් මහා තරගයේ තරග වැදීමට නියමිතය. ඊයේ (20) රාජ්පූර් හි ෂහීඩ් වීර් නාරායන් සිං අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී  ජොන්ටි රෝඩ්ස්ගේ දකුණු අප්‍රිකානු ලෙජන්ඩ්ස්ලා පරදවා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ලා රෝඩ් සේෆ්ටි 20 විස්ස තරගාවලියේ  අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් නායක තිලකරත්න දිල්ශාන් මුලින්ම පන්දු රැකීම තෝරාගත්තේය. ඒ තීරණය නිවැරදි එකක් බව තහවුරු කරමින්  මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් ලකුණු 125කට සීමා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට හැකි වූයේය.  ආරම්භක පිතිකරු මෝන් වැන් වයික් පන්දු 47ක දී ලකුණු 53ක් ලබා ගන්නාවිට ඔහුගේ ඉනිමට ශක්තියක්ව සිටියේ පන්දු 27ක දී ලකුණු 27ක් ලබා ගත් ඇල්විරෝ පිටර්සන් පමණි.  ජස්ටින් කෙම්ප් පන්දු 12කදී ලකුනු 15ක් ලබා ගත්තේය. අනෙක් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 7 සීමාව ඉක්මවා ගියේ නැත.

යළිත් නුවන් කුළසේකර විශිෂ්ට පන්දු යැවීමක නිරත වූයේය. ඔහු පන්දු වාර 4ක දී ලකුනු 25කට කඩුළු 05ක් බිඳහෙළීය. සනත් ජයසූරියත් අමතක නොවන පන්දු යැවීමක නිරත විය. පන්දුවාර 4 තුළදී ඔහු ලබා දුනනේ ලකුණු 12ක් පමණි. එක් කඩුල්ලක් ඔහු විසින් ලබා ගත්තේය.  කෞෂල්‍ය වීරරත්න හා ෆෙර්විස් මහරූෆ්  විසින් කඩුල්ල බැගින් ලබා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිලකරන්ත දිල්ශාන් මේ තරගයේ දී මුල් අවස්ථාවේ දී තරම් සාර්ථක වූයේ නැත. ඔහු පන්දු 17ක දී හතරේ පහර 4ක්  සමග ලකුණු 18ක් රැස් කළේය.      සුපුරුදු ප්‍රහාරය එල්ලකරමින් සනත් ජයසූරිය ඩිල්ෂාන් සමග  ඉනිම ආරම්භ කළේය. ඔහු පන්දු 18කදී හතරේ පහර 4ක් සමග ලකුණු 18ක් රැස්කර ගත්තේය.

තරගය හැඩ කළ මනරම් පිතිහරඹයෙහි යෙදුනේ චින්තක ජයසිංහය. ඔහු පන්දු 25ක දී හතරේ පහර 8ක් හා එක් හයේ එල්ල කරමින් ලකුණු 47ක් නොදැවී ලබා ගත්තේය. ඔහුට අනගි සහයක් ලබා දුන් උපුල් තරංග පන්දු 44ක දී නොදැවී ලකුනු 39ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 5ක් සමගිනි.  තරගාවලියේ විශිෂ්ටතම පන්දු යැවීම වාර්තාකළ නුවන් කුලසේකර අවසන් පූර්ව තරගයේ වීරයා විය.

අවසන් මහා තරගය හෙට (21) රාජ්පූර්හි දී ලංකාවේ වේලාවෙන් සවස 7ට ආරම්භ වේ.  ඉන්දියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග හෙට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩාම රාජ්පූර්හිදී ඒ අවසන් මහා තරගයේ දී හමුවනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බුද්ධ ශාසනය ගැන  දුර්මත පතුරවන්නන් ගැන සෙවීමට කමිටුවක්

Next Post

බ්‍රිතාන්‍ය මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කරයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.