අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

ක්‍රීඩකයෝ ලෙඩ ඇඳේ

by Lanka Sara Editor
ජනවාරි 5, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයම කෝවිඞ්- 19 වසංගතය හේතුවෙන් වසා දමා තිබේ. නමුත් ශ්‍රී ලංකා ටෙස්ට් පිල දකුණු අප්‍රිකාවේදී ලෙඩ ගොඩකට මැදිවී තරග පරාජයන්වලට කොටු වී සිටියි. ඒ අතරවාරයේදී එංගලන්ත කණ්ඩායමද දැන් ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ක්‍රීඩකයෝ ලෙඩ වෙද්දී ක්‍රිකට් ආයතනය අඟුලු දමා තිබෙද්දී එංගලන්ත තරගාවලිය කෙසේ සංවිධානය වෙයිද යන කුකුස දැන් ක්‍රිකට් බළධාරීන් හමුවේ තිබේ.

ඒ අතරවාරයේදී දකුණු අප්‍රිකාවේදී ක්‍රීඩකයන් ලෙඩ වෙද්දී ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ සතියක් යෑමටත් මත්තෙන් එංගලන්තය සමග ටෙස්ට් තරගාවලියට මුහුණ දිය යුතුය.

දෙවැනි ටෙස්ට් තරගය පරාජය ආසන්නයටම ශ්‍රී ලංකාව පැමිණෙද්දී ආබාධ සමග එංගලන්ත සටනද අච්චාරු වී දියාරු වීමේ අවධානමක් දැනටත් උද්ගතවී ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ආබාධයක් පැමිණීම ඕනෑම ක්‍රීඩකයකුට සිදුවිය හැකිය. එය සාමාන්‍ය දෙයකි. නමුත් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හත් දෙනකු මේ වන විට ආබාධවලට ලක්විය. “ ක්‍රීඩකයන 21 ක් ගෙනාවෙ නැතිනම් අපේ පිතිකරණ පුහුණුකරුටයි මටයි දෙන්නටම ඊළඟ ටෙස්ට් තරගය ගහන්න වෙයි.” යනුවෙන් ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසන්නේ එබැවිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ වැඩි වෙද්දී ඉන්දියාවේ විරාට් කෝලි සහ නවසීලන්තයේ කෙන් විලියම්සන්ගේ කාර්්‍ය බහුල තරග රටාවේදී ආබාධ නොවී සිටින හැටි සඳහන්ව තිබුණි එහිදී ඔවුන්ගේ ආහාර පාලනයේ සිට ශරීර යෝග්‍යතාවලට ලබාදෙන අවධානයද දීර්ඝ වශයෙන් සඳහන් විය. නමුත් ලොව සෑම ක්‍රීඩකයකුටම ඒ සමාන යෝග්‍යතා ක්‍රමවේද තිබුණද ආබාධ වූවන් සහ නොවූවන් අතරින් එය හරියට කරන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න පැහැදිලි වේ.

මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු 800 ක් ලබා ගත්තේ පන්දු දස දහසක් යවමිනි. නමුත් ඔහුට වත්මන් ක්‍රීඩකයන් මෙන් ආබාධ නොතිබුණි. චමින්ද වාස් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ආරම්භක වේග පන්දු යවන්නාය. ඔහු ටෙස්ට් කඩුලු 350 ක් දවා ගත්තේ ආබාධවලින් තොරව සිය ජාත්‍යන්තර ක්‍රිකට් තරග දිවිය නිමා කරමිනි. සංගක්කාර සහ මහේලද පිතිකරුවන් ලෙස ආබාධ වූ තරග වාර්තා වුයේ කලාතුරකිනි. නමුත් දැන් කණ්ඩායමේ 15 ක් හිටියොත් භාගයක් ආබාධ සහිත වුවෝය.

ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් කොරෝනා ව්‍යාප්තිය අස්සේ රට අඟුළු දමා තිබුණද වට්ස්අප් තාක්ෂණය ඔස්සේ කණ්ඩායමේ සාමාජිකයන් එකතු කරමින් ශාරීරික යෝග්‍යතාව සම්බන්ධව වැඩ කටයුතු කළ බව පසුගිය කාලයේ පැවසීය. ළහිරු කුමාරද සිය ෆේස් බුක් පිටුවේ ගෙදර සිට ව්‍යායාම කරන බව ප්‍රචාරය කළේය. එසේ කළ ක්‍රීඩකයන් ලෙඩ වුයේ මෙවැනි හේතු නිසායැයි පවසන්නේද ශ්‍රී ලංකා පුහුණුකරුවාය.

“කෝවිඞ්වසංගතය නිසා කොළඹට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් කාටවත් පිටතට යන්න බැරි වුණා. ඔවුන් ශාරීරික අභ්‍යාස තනි තනිව කළේ. නේවාසික පුහුණුව ලැබු ක්‍රීඩකයන් එල්.පී.එල්. ක්‍රීඩා කළා. කාටවත් දොස් කියන්න බැහැ. අප ිදකුණු අප්‍රිකාවට ආවෙ එල්.පී.එල්. ඉවර වුණ ගමන්මයි. එල්.පී.එල්. අවසන් වෙලා දින 10 කින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීම නිසා මේ ආබාධ ඇති වන්නත් පුළුවන්. අපේ වේග පන්දු යවන්නන් කිහිප දෙනෙක්ම තරගාවලියෙන් ඉවත් කරගන්න තිබුණා. චන්දිමාල්ගේ ආබාධයක් තියෙනවා. ඔහු ඉවත් වුණොත් අපේ ආබාධ ගණන 7 ක් වෙනවා. ශාරීරික යෝග්‍යතාව හොඳට තියෙන අය හයක් විතරයි ඉතිරි වෙන්නෙ. ඒක හොඳ දෙයක් නෙවෙයි. ” යැයි මිකී ආතර් පවසයි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට චිත්ත ශක්තිය අවශ්‍යය. ඉන්දියාවේ අනිල් කුම්බ්ලේට ඇන්ටිගුවාහී පැවැති තරගයකදී මර්වින් ඩිලන් ගැසු පහරක් ඔහුගේ හිසේ වැදුණි. එහිදී තුවාල වූ ඔහුගේ ඔළුවෙන් රුධිරය පිට කළේය. පසුව ඔළුව වටා මැහුම් සමග වෙළුම් පටියක් පැළඳ පැමිණි ඔහු යළිත් පිටියට පැමිණ පන්දු යැව්වේය. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිගින් දිගටම ලෙඩ දේදී තරග කරන්නේ කවුරුන්ද?
කෙසේ වෙතත් ක්‍රීඩකයන් ලෙඩ නොවී බලා ගැනීම අදාළ අංශවල වගකීමය. ක්‍රිකට් පවතින්නේ ක්‍රීඩකයන් නිසාය. ක්‍රීඩකයන් තරග නොකර ලෙඩ වෙද්දී ඔවුන්ට කොන්ත්‍රාත්තුව මිලියන ගණන්වලින් හිමිවේ. ජවය ඇති තවත් තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙරට ඕනෑ තරම් සිටිති. මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රීඩා සභාව විසින් දක්ෂයන්ගේ දක්ෂතා ගබඩා කරන ‘ඬේටා බේස්’ සිස්ටම් එක වැඩ කරනතුරු ක්‍රීඩකයෝ ලෙඩ වෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිඟුල බුදු පිළිමයේ වීදුරුව කැඩුවේ රුපියල් හැටක් ගන්න

Next Post

ඉන්දියානුවන් පිරිසක් යාපනේ ධීවරයෙකුට මුහුද මැදදී කඩුවලින් කොටා පහර දීලා

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.