බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302ට සියල්ලෝ දැවෙති… නවසීලන්ත කණ්ඩායමට ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක්!

දික්වැල්ල දෙවැනි ඉනිමේත් පිතිකරණ අපේක්ෂාව සුන් කරයි... ලකුණු නොලබා දැවී යයි!

by editor
මාර්තු 12, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම නිමා කර තිබේ.  සියල්ලන්ම ලකුනු 302කට දැවී ගොස්ය. නවසීලන්ත කණ්ඩායම මුල් ඉනිමේ සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 18ක් ඉදිරියෙනි. ඒ අනුව  නවසීලන්ත  කණ්ඩායමට  ලකුනු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වී තිබේ.

දැන් ක්‍රීඩා කරමින් ඇත්තේ තුන්වන දිනයේ සිවුවන කාර්තුවය. ඊයේ තරගය නිමා කරන විට  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු තුනක්  දැවී ලකුණු 83ක් රැස් කරගෙන සිටියේය.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28කට , කුසල් මෙන්ඩිස් ලකුණු 14කට දිමුත් කරුනාරත්න ලකුණු 14කට නවසීලන්ත මදවේග පන්දු   බ්ලෙයර් තික්නර්ට ගොදුරු විය. ඊයේ නොදැවි ලකුණු 20ක් ලබාගෙන ක්‍රීඩා කරමින් සිටි ඈන්ජලෝ මැතිව්ස් අද ශ්‍රී ලංකා පිල යම් ගෞරවාන්විත තැකනට රැගෙන ඒමේ ප්‍රධාන නියමුවා විය.

මැතිව්ස් ලකුණු 115යි

ඔහු සිය ටෙස්ට් දිවියේ 101 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් පන්දු 235ක් තුළ ලකුණු 115ක් රැස් කළේ මිනිත්තු 345ක් කඩුල්ලේ රැඳී සිටිමිනි. ඔහුගේ ශතකයට හතරේ පහර 11ක් ඇතුළත් විය.

දිනේශ් චන්දිමාල් ලකුණු 42ක් රැස් කළේය. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 47කි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

නිරෝෂන් දික්වැල්ල අපේක්ෂිත බලාපොරොත්තු බිඳ දැම්මේය. ඔහු ලකුණු ලබා ගන්තේ නැත. පන්දු හතරකට පමණක් මුහුණ දී මැට් හෙන්රිගේ පන්දුවකට කඩුළු රකින ක්‍රීඩක බ්ලන්ඩෙල් අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. දික්වැල්ල පළමු ඉනිමේත් ෆේල්ය.

පන්දු යැවීමේ දී බ්ලෙයර් තික්නර් ලකුණු 100කට කඩුළු 4ක්, මැට් හෙන්රි ලකුණු 71කට කඩුළු 03ක්, ටිම් සවුති ලකුණු 57ට කඩුළු 02ක්, දවා ගත්තේය. ලහිරු කුමාර දුවද්දී දැවී ගියේය.

බ්ලෙයර් තික්නර්

මේ වනවිටට නවසීලන්තය සිය ඉලක්කය කරා ගමන් ගන්නා දෙවැනි ඉනිම ආරම්භ කර ඇත.

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවොන් කොන්වේ මේ වනවිට ලකුනු 05කට දැවී ගොස්ය. කසුන් රාජිතගේ පන්දුවකට ඔහුම උඩ පන්දුවක් රැකගෙන කොන්වේ දවා ගත්තේය.

ටොම් ලැතම් සහ නායක කෙන් විලියම්සන් පන්දුවට පහර දෙමින් සිටිති.  පන්දු ඕවර 12ක් අවසන් වනවිට නවසීලන්ත කණ්ඩායම ලකුණු 18කට එක් කඩුල්ලකි.

පළමු ඉනිම

ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ.  කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.

දිමුත් සහ කුසල්..

පළමු ඉනිමේ දී  ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.

නවසීලන්ත කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෛන්  සියල්ලන් දැවී යන විට ලකුණු 373ක් වාර්තා කර තිබුණේය.

පළමු ඉනිම වෙනුවෙන්  ඩැරල් මිචෙල්   සිය ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 102ක් රැස් කළේය. ඔහු මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටියේය.

ශතකයක් වාර්තා කළ ඩැරිල් මිෂෙල්….

පන්දු යැවීමේ දී කඩුළු 04ක් දවා ගත් මැට් හෙන්රි හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු පන්දු 75ක දී වේගවත් ලකුණු 72ක් ලැබුවේය.

නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක් ලැබුවේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණය. නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03ක්,  අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කඩුල්ලක් ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර නගරයේ යාචකයින් වැඩිවෙලා… ඔවුන් රිදීයගම පුනරුත්ථාපන කඳවුරට යොමු කිරීමට සූදානම්…

Next Post

කුඩු සළිඳු එක්ක ඩීල් දමා පොලිසියටත් නෝන්ඩි වූ පොලිස් ලොක්කෙක්  රටට ගෙන්වන සළිඳු ගැන පරීක්ෂණ තමන් යටතට ගැනීමේ උත්සාහයක…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.