අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම දෙවැනි එක් දින තරගයෙනුත් කඩුළු 05ක ජයක්… දැනටමත් තරගාවලිය දිනුම්!

by editor
ජූනි 18, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව ජාත්‍යාන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුළු 05ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. ඒ ඉනිමේ තවත් පන්දු 172ක් යැවීමට ඉතිරිවී තිබිය දීය.

කාසියේ වාසිය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමය. ඔවුහු පන්දුවට පහරදීම තේරූහ. එහෙත් එම තේරීම බරපතල ව්‍යසනයක් වන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නියන් පන්දු ඕවර 31 තුළ ලකුණු 92කට ඔවුන්ගේ ඉනිම සීමා කිරීම නිසාය.

බටහරි ඉන්දීය කොදෙව් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය වන්නේ ආරම්භක පිතිකාරිණියවන රෂාඩා විලියම්ස්ය. ඇය ලකුණු 24ක් ලැබුවාය. ඒ පන්දු 62කට මුහුණ දෙමිනි. චිනෙල් හෙනී සහ ආෆි ෆ්ලෙට්චර් ලකුණු 16 බැගින් ලැබූහ. චෙඩාන් නේෂන් ලකුණු 12කි. අනෙක් කිසිම ක්‍රීඩිකාවක් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි පන්දු ඕවර 06ක් යවා ලකුණු 20කට කඩුළු 04ක් දවා ගත්තාය. චමරී අතපත්තු ලකුණු 08කට කඩුළු 02කි. යැව්වේ පන්දු ඕවර 2ක් පමණි. අචිනි කුලසූරිය ලකුණු 16කට කඩුළු 02කි. සුගන්ධිකා කුමාර ලකුණු 16කට කඩුල්ලකි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට තිබුණේ ලකුණු 92ක පහසු ඉලක්කයකි. එහෙත් නායක චමරී අතපත්තු ලකුණු 01කට දැවි ගියාය. අංක තුන පිතිකාරිණිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු ලබා ගත්තේ නැත. හසිනි පෙරේරා ලකුණු 01කි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

එහෙත් ආරම්භක පිතිකාරණී විශ්මි ගුණරත්න හතරේ පහර 9ක් සමග පන්දු 50කට විශිෂ්ට අර්ධ ශතකයක් ලැබුවාය. කවීෂා දිල්හාරි පන්දු 38කට හතරේ පහර 04ක් සමග ලකුණු 28කි.

විශ්මි ගුණරත්න සහ කවීෂා දිල්හාරි අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් විශිෂ්ට ලකුණු 58ක සම්බන්ධතාවයක් ගොඩ නැගූහ.

මේ වනවිටත් බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම් අතර තරගාවලියේ තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමටය.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ඇත.

එක අතකට රට ඒ තරම්ම අවාසනාවන්ත නැත. පිරිමින්ගේ ක්‍රිකට් සූදුවක් වනවිට ක්‍රිකට්වල ජීව ගුණය ක්‍රීඩාව වෙනුවෙන්ම ආරක්ෂා කරගෙන අප ආදරය කරන ක්‍රිකට් අපේ කෙල්ලන්ගේ ජවයෙන් පෝෂණය වෙමින් ඇත්තේය.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැල්පන්දු රැජන තර්ජනී යුග දිවියට…

Next Post

යෝජිත කුලී ආදයම් බද්ද සාමාන්‍ය ආදායමක් ලබන කිසිම  පුද්ගලයෙකුගෙන් අය වෙන්නෙ නෑ…. ජනපති කියයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.