සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මැච් එක බැලුව ඔය ඇත්තන්ට බුදු සරණයි… දෙවි පිහිටයි!

by editor
සැප්තැම්බර් 24, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්චර්යයන් නැත. මැච් එහෙම දිනන්නට බැරිය. මේ අපට පුලුවන් හරිය බව සාධාරණව කල්පනා කර හිත හදා ගත යුතුය. ජයග්‍රහණය මෙන්ම පරාජය ද පිළිගත හැකිය. අප එය පිළිගැනීමට සූදානම්ය. හැබැයි  ක්‍රිකට් කෙළියේ මෑතක සිට ඇති වී තිබෙන මේ නුහුගුණය කුමක් දැයි ඔය ක්‍රිකට් පකීර්ලා අපට තේරුම් කර දිය යුතුය. 

“ අද අපේ දවස නෙමෙයි… අපේ දවස ආවම කොල්ලො නෙළනවා පළු යන්න… උඹලා වැටෙන්න එපා කොල්ලනේ…”  උදේ වෙනවිට එෆ් බී පිටු පුරා මේ ආකාරයේ හිඟන කතා  දකින්නට ලැබෙනු ඇත.  තමන්ගේ ගේම ගහගන්නට බැරි වී අවශ්‍යම මොහොතවල්වල   ලොන්ත පෝල්වන   කස්ටිය තම තමන්ගේ ඇඩ්මින්ලා ලවා සිම්පති හිඟා   කන්නට කරන උත්සාහයන් කල්පනාවෙන් දකින ලෙස ක්‍රීඩාවට ආදරය කරන උන්ගෙන් ඉල්ලා සිටිමු.  මුන් ඇතැමෙක් එෆ්.බීවල වැළලෙන්නට කරන උත්සාහය ක්‍රිකට් ගහන්න කැප කළා නම් අපේ ක්‍රිකට් තියෙන්නේ මීට බොහෝ උඩිනි.

ඇත්තම කතාව නම්  අපේ දවස ලේසියෙන් එන්නේ නැති බවය.  මේ ගහන ක්‍රිකට් හැටියට පොට්ටයින්ටත් එය පෙනෙන   බව කිව යුතුව ඇත.

දැන් අප සුපිරි තරගයේ ගහපු මැච් දෙකම හොඳටම ගුටි කා ඇත. පකිස්තාන තරගය කඩුළු 05කින් පරාදය. ඕවර 20 අවසානයේ ගහන්නට පුලුවන් වන්නේ ලකුණු 134ක් නම් ඒ තරගය දිනන්නට ආශ්චර්යයන් පහළවන තුරු බලා සිටීමේ ගොංකම පුරුද්දට මෙන් අපි කළෙමු.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

අවසානයේ  පන්දු 12ක් ඉතිරිව තිබිය දි පකිස්ථානය දිනුම්ය. අද පැවැත්වුනේ ආසියානු කුසලාන තරග මාලාවේ 15 වැනි තරගය ය. අබුඩාබි සෙයිඩ් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ දී කාසියේ වාසිය දිනාගත් පකිස්ථාන පිල පන්දු රැකීම තේරුවේය. ශ්‍රී ලංකා පිලි ලකුණු 133කි. කඩුළු 08ක් දැවී ගියේය. කමිඳු මෙන්ඩිස් පමණක් ලකුණු 50ක් ලබා ගත්තේය. ඒ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් පන්දු 44ක දී ය.

ෂහීන් ෂා ඇෆරිඩි ලකුණු 28ට කඩුළු 03කි. හුසේන් ටලට් ලකුණු 18ට කඩුළු 02කි. හරිස් රවුෆ් ලකුණු 37ට කඩුළු 2කි. අබ්රාර් අහමඩ් පන්දු ඕවර 4ක් යවා ලබා දුන්නේ ලකුණු 08ක් පමණි. එක් කඩුල්ලක් ලබා ගත්තේය.

පිලිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි පකිස්ථාන කණ්ඩායමට තරගය මැද  දී තරමක අභියෝගයක් එල්ල කිරීමට වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ උත්සාහ කළ ද තමන් අභියස ඇති පහසු ඉලක්කය ලබා ගන්නට පකිස්ථාන කණ්ඩායමට හැකි වුයේය. හුසේන් ටලට් සහ මොහොමඩ් නවාස් විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් තරගය අවසන් කළහහ. මොහොමඩ් නවාස් පන්දු 24ට හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 38කි.  ඔහු දැවී ගියේ නැත. හුසේන් ටලාට් 4 පහර හතරක් සමගින් ලකුණු 32කි. ඔහුත් නොදැවී ය.

දැන් අපේ ඉරණම පැහැදිලිය. මේ ගැහිල්ල ඉන්දියාවට ගහන්නට ගියොත් මේ රටේ ක්‍රිකට් බලන අපට ක්‍රිකට් එපා වෙනවා හැරෙන්නට වෙන අමුතු දෙයක් වෙන්නේ නැත. එක අතකට ඕවර 18න් මැච් එක ඉවර වුන එකත් හොඳය. ඕවර 20 යවා ඉවර කරගන්නට හරිහමන් එකෙක් අන්තිමට ඉතිරි වූයේ නැත. මේ ගිය විදිහට ගියා නම් අන්තිම ඕවරය යවා ගන්නට එකෙක් හොයා ගන්නට කුසපත් අදින්න වෙන්නේය.

මේ ක්‍රිකට් ඇතිය. බලා හිටපු අයට බුදු සරණය. දෙවි පිහිටය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති ඇමරිකා එක්සත් ජනපදයට ළඟා වේ!

Next Post

ඉදිරි කන්නයේ දී හිඟයකින් තොරව සාධාරණ මිලට පොහොර ලබා දෙන්න සූදානම්… ජාතික පොහොර ලේකම් කාර්යාලය කියයි…

Related Posts

ක්‍රීඩා

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026
ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.