බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බූම් බූම් අෆ්රිඩි තිරිහන් වෙයි : අවිශ්ක එකට එක කරයි

ඇෆ්රිඩි ගේ නිරෝධායන නීති පුස්සක් වෙයි.. සූරියවැව දී දකුණ පරදවා උතුර ජය ගනී

by editor
නොවැම්බර් 28, 2020
in ක්‍රීඩා
Avishka Fanando

අවිශ්ක ප්‍රනාන්දු

Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

මාස 6කට වඩා කාලයක් තරගකාරී ක්‍රීඩාවට එක්නොවූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක 40 හැවිරිදි ශහිඩ් අෆ්රිඩි නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය සුපුරුදු ප්‍රහාරය දියත් කරද්දී යොවුන් පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි තරගයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම කඩුලු 8ක ජයග්‍රහණක් කරා රැගෙන ගියේය. ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී ඕවර 20ට රැස් කළ ලකුණු 175 හඹා ගිය ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තරගය ජයගත්තේ තවත් පන්දු 3ක් ඉතිරිව තිබියදීය.

ඇෆ්රිඩි කිමර… කොවිඩ් සමාාචාර….

නියමිත දිනයේදී පැමිණීමට ගුවන් යානය මඟ හැරීම හේතුවෙන් ඊළඟ දිනයේදී ශ්‍රී ලංකාව පැමිණි අෆ්රිඩි ඊයේ ගෝල් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් පළමු තරගයට ක්‍රීඩා කළේ ඔහුට දින 7ක කාලයක් නිරෝධානය වීමට සිදුවනු ඇතැයි පළවූ පුවත පුස්සක් බවට පත් කරමිනි.

අෆ්රිඩි පළමු තරගයට ක්‍රීඩා කරන බව වැඩිදෙනකු දැනගත්තේ ඔහු කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසි විටදීය. ශ්‍රී ලංකාවට ගොඩ බැස පැය 48ක් ගතවෙද්දීම ඔහුට අයි.පී.එල්. තරගාවලියට එක්වීමට වාසනාව ලැබීම ඇතැමුන්ගේ විමතියට ද හේතුවකි. අෆ්රිඩි ඊයේ තරගයට ක්‍රීඩා කළේ විදෙස් ක්‍රීඩකයන්ට දැඩි සෞඛ්‍ය නීති පනවා ඇතැයි ද, ඕනෑම විදෙස් ක්‍රීඩකයකු මෙරටට පැමිණි විට දින 14ක කෙසේ වෙතත් දින 7ක නිරෝධායන කාලයක් ගත කළ යුතුව ඇතැයි ද කියමින් යම් යම් ප්‍රකාශ ඉදිරිපත් කළ සියළු වගකිව යුත්තෝ හුදු කයිවාරුකාරයෝ බවට පත් කරවමිනි.

අන්තර්ජාතික විස්සයි20 ලීග් තරග බිමේ නොම්මර එකේ ප්‍රහාරක පිතිකරුවකු සහ උපක්‍රමශීලී දඟපන්දු යවන්නකු වන මේ තුන්ඉරියව් ක්‍රීඩකයා මීට පෙර කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවෙකි. මීට පෙර කොවිව් ආසාදිතව සුවය ලැබූ හෙයින් අෆ්රිඩිගේ ශරීරයේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ පවතින බවත්, එබැවින් යම් හෙයකින් කොවිඩ් ආසාදනය වූවත් ඔහුගෙන් වෙනත් පුද්ගලයකුට එය බෝවීමේ කිසිදු අවදානමක් නොමැති බවත් වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි ද කියැවේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

කාසියේ වාසිය දිනූ අෆ්රිඩි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔහුගේ තීරණය ප්‍රතිවාදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ නායක තිසර පෙරේරා ද සතුටට පත් කළේය. ඔහු සිතා සිටියේ ද යම් හෙයකින් කාසියේ වාසිය ඔහු ජයගත්තා නම් පළමුව පන්දුවට පහරදීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ආරාධනා කිරීමටය.

ඇෆ්රිඩි දැවී ගිය මොහොත…

තිසරගේ ප්‍රකාශය සත්‍ය බව පසක් කරමින් පළමුව පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසීමට කිසිදු ඉඩක් නොලැබිණි. ඒ සඳහා කිසිදු බුරුලක් නොදුන් ජැෆ්නා පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කළහ. ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ අංක 3 පිතිකරු පාකිස්තානයේ අසාම් ඛාන් තරමක් වේගයෙන් පන්දුවට පහරදීම නිසා 6 වැනි ඕවරයේදී ලකුණු 50 සම්පුර්ණ කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වුණත්, ඔවුන් ලකුණු 100 සම්පූර්ණ කළේ තවත් ඕවර 10කට පසුවය.

ඒ අතරතුර ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ පිතිකරුවන් ඇද බැඳ තබා ගැනීමට වැඩිපුරම සමත්වූයේ යොවුන් දඟපන්දු යවන්නා වනිඳු හසරංගය. කඩුලු 2ක් බිඳ වැටුණු ඔහුගේ ඕවර 4දී ප්‍රතිවාදීන්ට ලබාගත හැකිවූයේ ලකුණු 12ක් පමණි.

වනිඳුගේ පන්දු යැවීම….

ගෝල් ග්ලැඩියේටර්ස් ඉනිම ඉහළට ඔසවා තැබුවේ මුළු ලකුණු සංඛ්‍යාව 92ක්ව තිබුණු 14 වැනි ඕවරයේදී පිටියට පිවිසි නායක අෆ්රිඩිය. ඔහු පැමිණ මොහොතකින් මිලින්ද සිරිවර්ධන ආපසු ක්‍රීඩාගාරයට ගියත්, ඊළඟට පැමිණි ශෙහාන් ජයසූරිය එක් අන්තයක රඳවා තැබූ මේ පළපුරුදු පිතිකරුවා හැකි සෑම අවස්ථාවකදීම පන්දුවට පහරදීමේ වාරය ලබාගනිමින් සුපුරුදු පිතිහරඹ සැණකෙළිය දියත් කළේය.

ජැෆ්නා කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් වන ඩුවේන් ඔලිවර් සහ කයිලි අබෝට් දෙදෙනා එළව එළවා පහර දුන් අෆ්රිඩි හයේ පහර 6ක් එල්ල කළේ ඔවුන්ගේ පන්දුවලටය. අවසන් ඕවර කිහිපයේදී ප්‍රතිවාදීන් දැඩි පීඩනයකට හසු කළ හෙතෙම පන්දු 23කින් ලකුණු 58ක් රැස් කරමින් අෆ්රිඩි තවමත් තරුණ බව ලොවට කියා පෑවේය. ඔහු ආපසු ක්‍රීඩාගාරයට ගියේ 6 වැනි කඩුල්ලට ලකුණු 66ක් එකතු කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 155 දක්වා ඉහළ දමමිනි.

අවිශ්ක මනරම් පිති හරඹයක….

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු 22 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුට ලකුණු 10ක් රැස් කිරීමට පන්දු 20ක් වැයවූවත්, අනතුරුව සුපුරුදු රටාවට පිවිසෙමින් ඔහු මුහුණ දුන් ඊළඟ පන්දු 43කට ලකුණු 82ක්ම එක් කිරීමට සමත්වූයේ ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් බවට පත්වෙමිනි.

තරගයේ ජයග්‍රහණය සිය කණ්ඩායමට අත්කර දෙනතුරුම ආපසු හැරී නොබැලූ අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 92ක් රැස් කළේ පන්දු 63කිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5කුත්, හයේ පහර 7කුත් ඇතුළත් විය. තරගයේ වීරයා සම්මානයත් ඔහුටම හිමිවිය.

අනිත් ආරම්භක පිතිකරු මිනෝද් භානුක සහ අංක 3 පිතිකරු ටොම් මුවර්ස් දෙදෙනාම දැවී ගියේ ලකුණු 18 බැගින් ලබා සිටියදීය. අනතුරුව අවිශ්ක සමග එක්වූ පාකිස්තාන පිලේ පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩක ෂොහීබ් මලික් නොදැවී ලකුණු 27ක් රැස් කළ අතර දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 110ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනගා ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ 17කට කොරෝනා

Next Post

සාමාන්‍ය පෙළ කල් තබනවා ද?.. නැද්ද? තීන්දුව සතියක් තුළ

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.