ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කර අලුත් තේරීම් කමිටුවක් පත් කිරීමට යන බව ලංකාසරට වාර්තා වේ.
මෙම තේරීම් කමිටුවේ නිල කාලය මේ වසර අවසානයේ අවසන් වීමට නියමිත අතර ඔවුන් විසින් සිදු කරනු ලබන අවසන් තේරීම ඇෆ්ගන් සංචාරය බව කියවේ.
ඇෆ්ගන් සංචාරයට නම් කර ඇති කණ්ඩායමටද මෙතෙක් ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය හිමිව නැති අතර එම තේරීම කර ඇති ආකාරය ප්‍රශ්න සහගත බවද වාර්තා වේ.
තේරීමකට පෙර සාමාන්‍යයෙන් කරනු ලබන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය පවා කර නොමැති අතර තේරීම් කමිටුව මෙම තේරීම් කර ඇත්තේ සභාපති ප්‍රමෝද්‍ය නොමැතිවය.
විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් කමිටු නියෝජිතයා ලෙස ඕස්ට්‍රේලියාවට ගිය ප්‍රමෝද්‍ය අවසන් තරගයත් නිමව ඇතත් තවමත් දිවයිනට පැමිණ නොමැති බවත් වාර්තා වේ.







