සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක විශිෂ්ට ජයක්!

by editor
නොවැම්බර් 25, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 187ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට අද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.  ඒ ලකුණු 348ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන්න ලකුණු 160කට දැවී යාමත් සමගය.

ඊයේ (24) දිනය නිමාවන විට කොදෙව්වෝ කඩුලු 6ක් දැවී ලකුණු 52ක් ලබාගෙන තිබුණහ. සියල්ලන්ම අපේක්ෂා කළේ බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු සියයට  අඩුවෙන් දෙවැනි ඉනිමේ දී දැවී යනු ඇති බවය. එහෙත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් සටන් කාමී ඉනිමක් ක්‍රීඩා කළ න්කෘමා බොනර් සහ ජෝෂුවා ද සිල්වා 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු ඕවර 45කට මුහුණ දී  ලකුණු 100ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  ජොෂුවා අර්ධ ශතකයක් වාර්තා කළේය. ඔහු ඒ සඳහා පන්දු 129කට මුහුණදුන්නේය.   හතරේ පහර 5ක් එල්ල කළේය. අද දිනයේ මුලින්ම දැවී ගියේ ජොෂුවාය.

ඔහුගේ දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසි රකීම් කෝන්වොල් ද පිටියේ රැඳී සිටීමට දැඩි උත්සාහයක් දැරීය. නමුත්  ඔහු ලකුණු 13කට දැවී ගියේය.

අනතුරුව අවසන් කඩුලූ දෙක ලෙස ජොමෙල් වැරිකන් සහ ෂනොන් ගේබ්‍රියල් ව ඉක්මණින් දවා ගැනීමට ලසිත් ඉඹුල්දෙනිය සමත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලසිත් ඇඹුල්දෙණිය යළිත් ටෙස්ට් ඉනිමක කඩුලු 05ක් වාර්තා කළේය. ඔහු  කඩුලු 5ක් දවාගත්තේ ලකුණු 45කටය. ලසිත් ටෙස්ට් ඉනිමකදී කඩුලු 5ක් දවාගත් සිව් වැනි අවස්ථාව මෙයය.  රමේෂ් මෙන්ඩිස් ලකුණු 64කට කඩුලු 04ක් දවා ගත්තේය.

කොදෙව් දෙවැනි ඉනිම වෙනුවෙන් හුදකලා සටනක නිරත වූ  න්කෘමා බෝනර් නොදැවී ලකුණු 68ක් රැස් කළේය.

පළමු ඉනිම වෙනුවෙන්   ශ්‍රී ලංකා කණ්ඩායම  386ක් රැස් කළේය.  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  සුපිරි ලකුණු 147ක් රැස් කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වූයේය.  පැතුම් නිශ්ශංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුනු 61ක්,  දිනේෂ් චන්දිමලා ලකුණු 45ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කළහ.

පළමු ඉනිමේ දී  කොදෙව්වන් වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටටන් චෙස් ලකුණු 83කට කඩුලු 05ක් බිඳ හෙළුවේය. ෂැනොන් ගේබ්‍රියල් කඩුළු  02ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 03ක් ලබා ගත්තේය.

පිළිතුරු ලෙස පළමු ඉනිමේ දී  බටහිර ඉන්දීය කොදෙව්වන් සියලු දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත්තේය.පළමු ඉනිමේ  පන්දු යැවීමේ දී  ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 40ට කඩුළු 04ක් දවාලූයේ ය.

ලකුණු 156ක් ඉදිරියෙන් සිට  දෙවැනි ඉනිමේ පන්දුවට පහරදීම ආරම්භ කළ ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිශ්ශංක සාර්ථක වූයේ නැත . ඔහු ලකුණු 3කට දැවී ගියේය.  පළමු කඩුල්ලෙන් පසු පිටියට පැමිණි ඕෂධ ප්‍රනාන්දුත් ලකුණු 14කට දැවී ගියේ.

අනතුරුව දිමුත් කරුණාතරත්න සහ ඈන්ජලෝ මැතිව්ස් අතර ලකුණු 123ක විශිෂ්ට සම්බන්ධතාවයක් ගොඩනැගිනි. දිමුත් කරුණාරත්න ලකුණු 83කට දැවී ගියේය. මැතිව්ස් නොදැවී ලකුණු 69ක් ලබා ගත්තේය.

සිව්වන කඩුල්ල ලෙස ධනංජය සිල්වා එක් ලකුණකට දැවී යෑමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 191කට ඉනිම අත් හිටවනු ලැබුවේය. පළමු ඉනිමේ වැඩි ලකුණු ප්‍රමාණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 347ක් විය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 348ක ඉලක්කයක් හිමි වූයේය. 348ට පිළිතුරු සොයා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සියල්ලන්ම ලකුණු 160කට දැවී ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා… මහින්දානන්ද… ඇමති වරයෙක් විදිහට හැසිරෙන්න…

Next Post

කින්නියා නගරාධිපති ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.