සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

දිමුත් නවතී!

by editor
පෙබරවාරි 4, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

වෝන් මුරලි ටෙස්ට් ශූරතා තරගාවලියේ දෙවැනි තරගය ලෙස හෙට ගාල්ලේදී ආරම්භවන ඕස්ට්‍රේලියාවට එරෙහි ටෙස්ට් තරගය දිමුත් කරුණාරත්නගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ 100 වැනි තරගය ය. සිය 100 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු හිටපු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන්නේය. දිමුත් ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ සිය මංගල තරගය ක්‍රීඩා කළේත් ගාලු ක්‍රීඩාංගනයේ දීය. ඒ 2012 නොවැම්බර් මාසයේ නවසීලන්තයට එරෙහිවය.

” මගේ අවසන් තරගය පැවැත්වෙන්නේ ගාල්ලේ. මම මගේ මංගල තරගයට මුහුණ දුන්නේත් ගාල්ලෙදි. මේ වගේ අවස්ථාවක් සතුටු දායක සමුගැනීමකට අවශ්‍ය පරිසරය හදලා තියනවා.” ESPNcricinfo වෙබ් අඩවිය වෙත පවසා තිබිණි.

දිමුත් පවසන ආකාරයට මෙම තීරණයට සාධක තුනක් බලපා ඇත. ශ්‍රී ලංකාව 2026 මැයි දක්වා තවත් ටෙස්ට් තරඟ දෙකකට පමණක් ක්‍රීඩා කිරීමට නියමිතය. දීර්ඝ කාලයක් ටෙස්ට් ක්‍රීඩා කළ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් වැනි ක්‍රීඩකයෙකුට අවධානය යොමු කිරීමට තරම් විශාල ක්‍රීඩාවක් එහි නැත. අනෙක 36 හැවිරිදි දිමුත් පසුගිය මාස 14 තුළ ලකුණු සඳහා අරගල කළ අයුරු දුටුවෙමු. ඔහුගේ ලකුණු සාමාන්‍ය 2024 ආරම්භයේ සිට 27.05 කි. තුන්වෙනුව මෙය මෙම ලෝක ටෙස්ට් ශූරතා චක්‍රයේ ශ්‍රී ලංකාවේ අවසාන ටෙස්ට් තරඟය ද වේ. ඒ තරගාවලියේ දී ද ලඟා කරගත හැකි බලාපොරාත්තුවක් ද නැත. අවසන් ටෙස්ට් තරගය පැරදී ඇත්තේ ටෙස්ට් ඉතිහාසයේ බිහිසුණුම පරාජය අත් කරගත් දුක්ඛිත තරගය ලෙසය.

“ඊළඟ ලෝක ටෙස්ට් ශූරතා චක්‍රය සඳහා තරුණ ක්‍රීඩකයින් තිදෙනෙකු හෝ හතර දෙනෙකු ඇතුළත් විය හැකියි. ඒ නිසා මට මේ මේ ටෙස්ට් ක්‍රීඩාවෙන් ඉවත්වීම සඳහා සුදුසු කාලයයි… මේ සියලුම කරුණු සලකා බලා ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අවසන් වූ පසු, ඊළඟ ටෙස්ට් තරගය මගේ අවසාන ටෙස්ට් තරගය බව මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවසුවා.” ” දිමුත් කරුණාරත්න ESPNcricinfo කීවේය.

වර්ෂ 2012 දී මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමෙන් ටෙස්ට් ක්‍රීඩාව ඇරඹූ දිමුත් 2014 දී කණ්ඩායමෙන් කෙටි කලකට ඉවත් කරනු ලැබුවේය. නමුත් එම වසර අවසානයේ ඔහු සිය පළමු ටෙස්ට් ශතකය ලබා ගත්තේය. එතැන් සිට ඔහු ශතක 15 ක් ලබා ඇති අතර, ටෙස්ට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු බවට පත්වන තෙක් අඩු වැඩි වශයෙන් ආරම්භක පිතිකරු ලෙස ස්ථාවර ස්ථානයක ක්‍රීඩා කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ටෙස්ට් පිටියේ ඔහුගේ වසර 12 තුළ දිමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබාගෙන ගත් ක්‍රීඩකයා ය. එම ස්ථානයේ 39.99 ක සාමාන්‍යයකින් ඔහු ලකුණු 7079 ක් ලබා ඇත. සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ ඈන්ජලෝ මැතිවුස්ගෙන් පසුව ඔහු ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග 100 ක් ක්‍රීඩා කළ හත්වන ක්‍රිකට් ක්‍රීඩකයා ය.

“ටෙස්ට් 100ක් ක්‍රීඩා කිරීම දුෂ්කර දෙයක්… විශේෂයෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස වඩාත් දුෂ්කරයි, මට කනගාටුවක් ඇත්නම් ඒ ටෙස්ට් ලකුණු 10,000ක් ලබා ගත් ක්‍රීඩකයින් අතරට යෑමට නොහැකි වීම ගැනයි. 2017, 2018 සහ 2019 දී මම ක්‍රීඩා කළ ආකාරයට මට එම ඉලක්කයට යාමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි මා සිතුවා. නමුත් පසුව කොවිඩ් වසංගතය පැතිතුරණා. අනෙක ශ්‍රී ලංකාව ඉදිරි වසර දෙක තුළ එතරම් ටෙස්ට් ක්‍රීඩා කරන්නෙත් නෑ.”ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයකට සහභාගී වී අවසන් තරඟයක සිටීමේ හැඟීම අත්විඳීමටත් මා ප්‍රියයි… අපි දෙවතාවක්ම ලෝක ටෙස්ට් ශූරතාවයට සමීපව සිටියා, නමුත් එය කිසිදා යථාර්ථයක් වුණේ නැහැ.” දිමුත් කරුණාරත්න ESPNcricinfo වෙත පවසා තිබිණි.

කරුණාරත්න ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දී තිබේ. නායකත්වය සමඟ ඔහුගේ පළමු අත්දැකීම ඔහුගේ වඩාත්ම ඵලදායී විය. 2019 මුල් භාගයේදී, පෙර නායක දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු අනපේක්ෂිත ලෙස නායකත්වයට උසස් කරනු ලැබුවේය. කරුණාරත්න යටතේ දකුණු අප්‍රිකාව 2-0 කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව වහාම ඔවුන්ගේ විශිෂ්ට තරගමාලා ජයග්‍රහණයක් ලබා ගත්තේය. එම වසරේ අගභාගයේදී ඔහු එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට නායකත්වය දුන් අතර, ඔහු එක්දින තරග 50ක් ක්‍රීඩා කර තිබිණි. නමුත් දිමුත් කිසිදා විස්සයි20 තරගයකට සහභාගී වී නැත.

දැන් මෙල්බර්න්හි පදිංචිවී සිටින දිමුත් කරුණාරත්න විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. “වසර ගණනාවක් ක්‍රිකට් ක්‍රීඩා කිරීමෙන් පසු මම මා වෙනුවෙන් ටිකක් විවේකයක් ගන්නම්,” ඔහු පැවසීය. “නමුත් අවසානයේ, මම නැවත ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට කැමතියි.” ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඡන්ද පොරොන්දු කඩන දේශපාලකයින්ට එරෙහි නීති ගෙනෙන්නට අවශ්‍ය සංවාදයක් ඇරඹී චම්පික ලා සූදානම් වෙයි!

Next Post

පසුගිය ආණ්ඩුව සතොස ඈවර කරන්නට දමා සතොස ලොරි 51කින් 43ක්ම විකුණලා තියෙන්නේ ගැනුම් කරුවන් 02කට… විගණනය හෙළි කරන කතාවක්!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.