බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තීන්දුයි… කම්මුතුයි!

by editor
ඔක්තෝබර් 9, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඩුබායි ජාත්‍යාන්තර ක්‍රිඩාංගනයට අද (09) ශ්‍රි ලාංකිකයින් බොහෝ දෙනෙක් ඇවිත් තිබිණි. එහෙත් චමරී කී ලෙසට කිසිම දෙයක් සිද්ධ වුනේ නැත.

අප බිහිසුණු පරාජයකය. අද ඉන්දියාව සමග පැවති තරගයේ දී අප ලකුණු 82ක අන්ත පරාජයක් අත් වින්දේය.

ඉන්දියා කණ්ඩායමට විශිෂ්ට ජයක්…

දැන් අප මෙතෙක් පැවති තරග තුනම පරාදය. ආසියානු ශූරයින් ලෙස ලෝක කුසලානයට පැමිනි අප තරග වදින ඛාණ්ඩයේ අන්තිමයා ලෙස ලෝක කුසලාන තරගාවලියෙන් ස්ථිර ලෙසම විසිවී ගොස් ඇත. මේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ආසියානු ශූරතාවය දිනාගත් කෙල්ලන් දැයි වටහාගත නොහැකි තරමට මේ තරගාවලිය තුළ අප අසාර්ථකය.

මේ මුළු තරගාවලියේම චමරී අතපත්තු අසාර්ථකය. ඇය ලකුණු 10 සීමාව එකම තරගයකදිවත් ඉක්මවා ගියේ නැතුවා නම් කමක් නැත. චමරි තරග තුනේදීම ලබන ලකුණුවල එකතුව ලකුණු 10ක් පමණි.

චමරි… මේ තරග තුනටම ලකුණු 10යි…

තරගාවලියේ එක් අවස්ථාවකවත් පිතිකරණයෙන් අපට ලකුනු 100ක සමස්ථ ලකුණු ගණනක් රැස්කරගන්නට  බැරි විය. අප ඒ තරම් බිඳවැටී තිබිණි.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අප විශ්වාසය තැබූ පන්දු යැවීමේ බලඇණියක් තිබිණි. එහෙත් අද විශ්වාස කළ නොහැකි ලෙස ඒ පන්දු යැවීමත් ෆේල්ය.

බිඳ වැටුන බලාපොරොත්තු

අප ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන්නේ පකිස්ථානය සමගය. ඒ පසුගිය 03 වැනිදා සාජාහි දීය. පකිස්ථානය ලබා දුන් ඉලක්කය ලකුණු 116කි. අප පන්දු ඕවර 20 තුළ ලබා ගන්නේ ලකුණු 85කි. චමරි අතපත්තු ලකුණු 06කි. මැච් එක ලකුණු 31කින් පරාදය.

දෙවැනි තරගය ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන්නේ 05 වැනිදා ය. අප ලකුණු 93කට සීමා වන්නේය. පන්දු 34ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරන්නේය. ඒ කඩුලු 06කිනි. චමරි ලකුණු 03කි.

අද තරගය

අද ඉන්දියාව සමග තරගයේ දී අපි තුන් ඉරියව්වෙන්ම බරපතල විදිහට ෆේල්ය. පන්දු යැවීමත් නන්නත්තාරය. ඉන්දියාවේ කෙල්ලන්ගෙන් මේ තරම් ගුටි කන්නට වෙතැයි අප හිතුවේ නැත.

තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රීඩාංගනයේ ය. කාසියේ වාසිය ඉන්දියාවේය. ඔවුන් පන්දුවට පහරදීම තේරුවේය.

එය අපට උණ ගැනෙන තේරීමක් වූයේය.

මේ තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු ප්‍රමාණය අද ඉන්දියාව අපට ගැහුවේය. සම්‍රිටි මන්දානා ගේ ප්‍රහාරය රූපත් ඇයටත් වඩා ලස්සනය. පන්දු 38කින් ඇය කිසිම තර්ජනයකින් තොරව ලකුනු 50ක් ලබා ගත්තාය. ඉන්දීය නායිකා හර්මන්පීට් කවුර් ගේ ප්‍රහාරය අදහා ගත නොහැකි එකක් විය. ඇය ලකුණු 52ක් නොදැවි ලබන්නී පන්දු 27කිනි. ඊට හතරේ පහර 08කි. එක් හයේ පහරකි. ෂෆායි වර්මා පන්දු 40ක දී ලකුණු 43කි. මුල් කඩුල්ලේ සම්බන්ධතාවය 92කි. ඔවුහු ලකුණු 172ක් ලැබූහ. බිඳි ගියේ කඩුළු 03ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඕවර තුනේදීම වැළලුනේය. පළමු ඕවරයේ දෙවැනි පන්දුවේ දීම විශ්මි ගුණරත්න දැවී යන්නී ඉතාම අනවශ්‍ය පහරක් එල්ල කිරීමට ගොස් උඩ පන්දුවක් ලබා දීමෙනි. අනතුරුව චමරී අතපත්තු ලකුණු 01කට දැවී යන්නීය. අංක 03 ක්‍රීඩිකාව වූ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 03කි. කවීෂා දිල්හාරි අනුෂ්කා සංජීවනී සහ අමා කාන්චනා හැර කිසිම ක්‍රීඩිකාවක ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.

කවීෂා දිල්හාරි කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය ය. ඇය පන්දු 22ක දී ලකුණු 21කි. එක් හතරේ පහරකි. අනුෂ්කා සංජීවනී පන්දු 22ක දී ලකුණු 20කි. හතරේ පහර 02කි. අමා කාන්චනා පන්දු 22ක දී ලකුණු 19කි. හතරේ පහර 02කි. මුළු ශ්‍රී ලංකා ඉනිමටම හතරේ පහර 06කි. එක් හයේ පහරක්වත් නැත.
පන්දුවක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 90කට දැවී ගියහ.

ඉන්දියාව තුන් ඉරියව්වම අතිශයින් තියුණුය. අති විශිෂ්ට පිටියේ පන්දු රැකීමක් අද ඉන්දීය ක්‍රීඩිකාවෝ පෙන්නුම් කළහ. විශිෂ්ට උඩපන්දු තුනක් රැකගන්නවා පෙනුණි.

පන්දු යැවීමේ දී අරුන්දතී රෙඩ්ඩි ලකුණු 19කට කඩුළු 03කි. ආෂා සෝභනාත් ලකුණු 19කට කඩුළු 03කි. රේනුකා සිං ලකුණු 16ට කඩුළු 02කි. ශ්‍රෙයන්කා පටෙල්, දීප්ති ෂර්මා කඩුල්ල බැගින් ලබාගෙනය.

දැන් අපට බේරාගන්නට දෙයක් ඇත්තේම නැත. කණ්ඩායමේ අන්තිමයා ය. ක්‍රීඩා කළ තරග තුනම බිහිසුණු ලෙස පරාදය. දල ලකුණු ලබා ගැනීමේ වේගය ඍණ 2.564කි. ඉතිරිව ඇති නවසීලන්ත තරගය සම්බන්ධවත් මේ තත්ත්වය තුළ බලාපොරොත්තු අත් හැරගැනීම සුදුසුය.

යලිත් ශ්‍රී ලංකා කෙල්ලන්ට බරපතල අභියෝගයක් ඇත. දැන් යළිත් වල පල්ලටම වැටී තිබේ. හැමදාම මැච් දිනන්නට බැරිය. එහෙම ඕනෑත් නැත. එහෙත් මේ විදිහට පරදින්නටත් අවශ්‍ය නැත. දැන් මේ ලෝක කුසලානය අපේ පැත්තෙන් ඉවරය.  දැන්  වැදගත් වන්නේ මේ අගාධයෙන් යළි ගොඩ එන විදිහ ගැන කල්පනා කිරීමය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව විදුලි බල පනත සංශෝධනයට සැරසෙයි… මූලික සමාලෝචන ආරම්භ කරයි….

Next Post

පාසල් ළමුන්ගේ දිවා ආහාරය නවත්වන කතා  බොරු…  ලබන වසරට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරගත්තා… අධ්‍යාපන ලේකම් කියයි!

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.