අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තව පොඩ්ඩෙන් “රෙදි ඉල්ලේ”

by editor
ජනවාරි 9, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ක්‍රිකට් ලෝකයේ සුළුකොට සලකා නොසලකා හළ හැකි තරග ඇත්තේය. අද ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී එවැනි එක් තරගයක් පැවතුනේය.  ඒ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතරය.

ශ්‍රී ලංකාව දැන් ඉන්නේ එක්දින ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි තැනය. සිම්බාබ්වේ කණ්ඩායම 11 වැනි තැනය.

නැමීබියාවටත්, උගන්ඩාවටත් පැරදි පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම හා තරග ලකුණු 208ක ඉලක්කයක් හඹා ගිය අප පරාජයේ මුව විට සිට යන්තම් කඩුළු දෙකකින්   ජය ගත්තේය. ඒ පන්දු 06ක් පමණක් ඉතිරිව තිබියදී ය.

විශිෂ්ට පන්දු යැවීමක නිතරවූ රිචඩ් න්ගරාවා ශ්‍රී ලංකා ඉනිම සුනු විසුනු කළේය. ඔහු කඩුළු 05ක් ලබා ගත්තේ ලකුණු 32ක් පමණක් ලබා දී ය.

යළිත් මේ ක්‍රිකට් ඇතුළේ අප ඉන්නේ කොතැනදැයි ප්‍රශ්න කෙරෙන තැනක සිට කුජීත වි ලබා ගත්  මෙම ජයග්‍රහණය වඩාත් සමීප වන්නේ පරාජයකට බව ලියා තැබිය යුුතුය. අලුතින් හඳුන්වා දුන් ජනිත් ලියනගේ එක් අන්තයක් බේරාගෙන ලකුණු 95ක් නොලබන්නට අපට ඉන්නට වෙන්නේ හෙළිකොට්ටෙනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජනිත් ලියනගේ නොවන්නට අපට යන එන මං නැත…

ඊයේ (08)  ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූයේ   ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලියේ දෙවැනි තරගය ය.  පළමුදා  (06) පැවැත්වූ පළවෙනි තරගය වැස්සට සේදුනේය. ඒ නිසා මේ තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම එක සේ වැදගත් විය.

තරගයේ කාසියේ වාසිය ලැබුවේ සිම්බාබ්වේ කණ්ඩායමය. ඔව්හු පළමු පන්දුවට පහරදීම තේරූහ.

මුල් පන්දු ඕවරය යැවූ ඩිෂාන් මධුශංක කඩුල්ලක් ලබා ගෙන කඩුළ දඩයම ආරම්භ කළ බව සැබෑය. නමුත් ඔහුගේ කඩුළු ලබා ගැනීම එතකින් නැවතුනේය. විශ්ෂ්ට පිතිකරණයක යෙදෙමින් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් හතරේ පහර 09ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 82ක් ලැබුවේය. රයන් බර්ල් ලකුණු 31ක්, තඩුලු රකින ආරම්භක පිතිකරු ජොයිලො ගම්බි ලකුණු 30ක් ලැබුවේය.

සිම්බාබ්වේ ඉනිම ලකුණු 208කට සීමා වූයේ පන්දු ඕවර 44.4ක් තුළදීය.

පන්දු යැවීමේ  දී මහීෂ් තීක්ෂණ ලකුණු 31කට කඩුළු 04ක් ලැබුවේය. දුෂ්මන්ත චමිර ලකුණු 44 කඩුළු 02ක් ගැබුවේය. ,

අපට සිතුනේ 208 මහ ලොකු නැති බවය. ඩුපිල්කේට් කෝලිලා ඉන්න කණ්ඩායමක් සිම්බාබ්වේ වැනි දෙකට දෙවාරම් කණ්ඩායමකට එල්ලාගෙන ගසනු ඇතැයි සිතුවේය.

නමුත් අප දුටුවේ පිටිය මැද්දට පැමිණ ඇඹරෙමින් හිඟා කන ක්‍රිකට් හිඟන්නන්ය. අලුත් තේරීම් කමිටුවේ ආදේශකය වූ අවිශ්ක ප්‍රනාන්දු පළමු පන්දු ඕවරයෙන් යළිත් දැවී ගියේය. පසුගිය තරගයේ ඔහු ලකුණු ලබා ගත්තේ නැත. මේ තරගයේ ලකුණු 04කි. ඩුප්ලිකේට් කෝලි හෙවත් ලබන ලෝක කුසලානය රටට රැගෙන ඒම සඳහා  ශ්‍රි ලංකා ක්‍රිකට් තෝරාගත්  මහා අනර්ඝ තේරීම  නායක කුසල් මෙන්ඩිස් බ්ලෙසින් මුසරබානිගේ පළමු පන්දුවටම පොලු ගලවා ගත්තේය. මෙන්ඩිස්ගේ වෙලාවට එය නිපන්දුවකි.  අඩුම තරමින් තමන් ලද ඒ වාසනාවෙන් කණ්ඩායම ගොඩ ගැනීමට මෙන්ඩිස්ට නොහැකි වූයේය. ඔහු ලකුණු 17කට දැවී ගියේය.

මුහුණ දුන් පළමු පන්දුවෙන්ම  පිට ඉන්නෙන් ඉවතට යන පන්දුවට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමේ  වැරැද්දක් කර ලබාදුන් උඩ පන්දුව රැක ගත නොහැකි වී එය හතරේ පහරක් වූ විට යළිත් එවැනි පන්දුවකට එවැනිම පහරක් එල්ල කිරීමට ගොස් සධීර සමරවික්‍රම පන්දු තුනකට මුහුණ දී ලකුණු 04කට දැවී ගියේය. කඩුල්ල රිචඩ් න්ගාරාවටය.

චරිත් අසලංක ලකුණු ලැබුවේ නැත. රිචඩ් න්ගරාවා හමුවේ දැවී ගියේය. යලිත් දසුන් ශානක  ෆේල්ය. ලබා ගන්නේ ලකුණු 07ක් පමණි.

මේ සමස්ථය බිඳවැටෙද්දී එක් අන්තයක් රැකගෙන තරගය කුජීත නොකර බේරාගත් පිතිකරුවා ජනිත් ලියනගේ ය. ජනිත් හතරේ පහර 06ක් සහ හයේ පහර 2ක් සමග පන්දු 127ක දී ලකුණු 95ක් ලැබුවේය. ඔහු ශතකය පෙනි පෙනී දැවී යන්නේ 8 වැනි කඩුල්ල ලෙසය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 42.3ක දී  ලකුණු 172ට කඩුළු 08ක් දැවී ගොස්ය. ජයග්‍රහණය සඳහා ලකුණු 37ක් ලබා ගත යුතුය. දැන් තරගය ඇත්තේ නැමීබියාවෙනුත් බඩ පිරෙන්න කා පැමිණිය සිම්බාබ්වේ පැත්තේය.

කෙසේ  අවස්ථාවේ දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ  කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් විසින් පැහැර හරින ලද  සිය පිතිකරණ වගකීම ඉටුකළහ. දුෂ්මන්ත චමීර නොදැවි ලකුණු 18ක් සහ ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී ලකුණු 19ක් සහිතව තරගය යන්තම් ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

රිචඩ් න්ගරාවා ඉදිරියේ රටේ ක්‍රිකට් තරු අරඹරෙන විදිහ අපි බලාගෙන සිටියෙමු. ඔහු පන්දු ඕවර 10ක් යවා ලකුණු 32ට කඩුළු 05ක් ලැබුවේය. ශිකන්දර් රාසා පන්දු ඕවර 10 තුළ ලකුණු 32ට කඩුලු 02කි. බ්ලෙසින් මුසරබානි පන්දු ඕවර 10ක් යවා ලකුණු 41ට කඩුල්ලකි.

ඔයින් ගියා ඇතිය. මේ ක්‍රිකට් බලා අපට හොඳටෝම හති ය. ක්‍රිකට් ජයග්‍රහණ අවශ්‍යය. නමුත් මේ වැනි කුජිත ජයග්‍රහණවල කිසිම බරක් නැති බවත් ඒ ජයග්‍රහණ වාඩාත් සමීප වන්නේ පරාජයන්ට බවත් ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාගල… ජනාධිපති එක්ක ඔයත් ෆේල්… ඔයාලගෙ ක්‍රීඩා ඇමති එයාගේ සට්ටැඹි සෙට් එකත් එක්කම ෆේල්!

Next Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස්පති ධූරයට පැමිණීම වැලැක්වීමට කළ සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.