අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පොලිස්පති ධූරයට පැමිණීම වැලැක්වීමට කළ සියලු කුමන්ත්‍රණ හෙළි වෙයි!

by editor
ජනවාරි 9, 2024
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

පොලිස්පති ධූරය දැරීම සඳහා නිත්‍ය සුදුස්සාව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  ලලිත් පතිනායක එම ධූරයට පත්වීම වැලැක්වීම සඳහා සිදුකළ සියලුම  කුමන්ත්‍රණ   පැහැදිලි ලෙස හෙළිදරව් වී ඇති බව වගකීමකින් යුතුව අනාවරණය කරමු.

පාස්කු ප්‍රහාරයේ වගකීම සම්බන්ධව කූඨ ලෙස සැකසූ  ව්‍යාජ මූලික විමර්ශන ලේඛන හරහා චෝදනා ඉදිරිපත් කර එම චෝදනා විමර්ශනය කිරීම මගහරිමින් පොලිස්පති ධූරය සඳහා ඔහු නුසුදුස්සෙක් කිරීමට  දියත් කළ අලජ්ජී වෑයම හෙළිදරව් වන්නේ එම චෝදනා විමර්ශනය කිරීම සඳහා නව ජාතික පොලිස් කොමිසම විසින් පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විමර්ශනය අනුවය.

ඒ අනුව ජාතික පොලිස් කොමිසම විසින්  ඔහුට  එල්ලවන සියලුම චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක නිදොස් කොට නිදහස් කර ඇත.

ඒ බව ජාතික පොලිස් කොමිෂන් සභාව  2023.12.14 දින පොලිස් මූලස්ථානය වෙත ලිඛිතව දැනුම් දී තිබේ.  එම ලේඛනයේ පිටපත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් යොමු කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය සැකවින් මෙසේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවීමෙන් පසු එම සංහාරය වළක්වා නොගැනීම සම්බන්ධව එවකට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ  දිසාවන් භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරුන්වන    දේශබන්දු තෙන්නකෝන්, ලලිත් පතිනායක, එවකට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ඇතුළු උසස් පොලිස් නිලධාරී ගණනාවකට චෝදනා එල්ල වූයේය.

මෙම චෝදනා එල්ලවනවිට මුලින්ම සිදුවන්නේ චෝදනාපත්‍ර භාර දීම සහ ස්ථාන මාරුවීම් ලබා දී මූලික විමර්ශන ආරම්භ කිරීමය.  යහපාලන ආණ්ඩුව මේ ක්‍රියාවලිය අඩාල කළේය.

කෙසේ වෙතත්  මේ අතර තුර පාස්කු ප්‍රහාරය විමර්ශනය කිරීම සදහාපත් කළ ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වුනේය.

මෙම කොමිසමේ සාක්ෂි සම්පිණ්ඩනය කරනවිට  තහවුරු වන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වුවද ලලිත් පතිනායක නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස මෙම ප්‍රහාරය වළක්වා ගැනිම සඳහා දරා තිබූ දැඩි පරිශ්‍රමය ය.  මේ තරම් පැහැදිලි උත්සාහයක් දරා තිබිය දීත් මෙම ප්‍රහාරය සිදුවීම සම්බන්ධව කොමිසම ලලිත් පතිනායකගෙන් ඔහුගේ හැඟීම විමසුවේය. ඔහු පවසා තිබුණේ තමන්ට ඇත්තේ ඒ පිළිබඳව දැඩි කණගාටුවක් පමණක් බවය.

කොමිසමේ අවසන් වාර්තාව නිකුත් වන්නේය. එහි ලලිත් පතිනායකට චෝදනා ගොනුවන්නේ නැත. මේ සම්බන්ධව දැඩිව සංවේදිව කටයුතු කරන කතෝලික පල්ලිය ද පතිනායකට චෝදනා එල්ල කළේ නැත.  කොළඹ ආරක්ෂක වගකීම් දැරූ අනෙක් සෑම ඉහළ  නිලධාරියෙකුටම එරෙහිව   පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව ‍පාස්කු විමර්ශන කොමිසමෙන් චෝදනා ගොනු වුනේය. කතෝලික පල්ලිය ඔවුන් පිළිබඳ ස්වරූපය යළි යළිත් මතු කළේය.

පොලිස්පති තරගය

2023 මාර්තු මස 26 වන දා   එවකට සිටි පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න විශ්‍රාම යන්නට නියමිත වූයේය.  අතිශය ජුගුප්සාජනක බලපොරයක් ඇරඹෙන්නේ මේ ආසන්න කාලය තුළය.

ඊලඟ පොලිස්පති ධූරය සදහා  සුදුසුකම් සහිත  නිලධාරීන් තුන් දෙනෙක් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සිටියහ. එම නිලධාරීන් තුන් දෙනා සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස  සේවයට බැඳී තිබුණේ එකම දිනයේ  ය.

ජ්‍යෙෂ්ඨත්වය අනුව පෙළගැසූ විට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම නිලධාරීන්ය.

වර්ෂ 2019 වනවිට රාජ්‍ය බුද්ධි සේවාව භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. බුද්ධි තොරතුරු ලැබී තිබිය දී ප්‍රහාරය වලක්වා නොගැනීමේ චෝදනාව ඔහුට එල්ල වී තිබිණි.  එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය  කිරිමේ නඩුකරයක   චුදිතයෙක් කර නිලන්ත ජයවර්ධනට වින්දිතයන් වෙත  වන්දි ගෙවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය  නියෝග කර තිබිනි.  මේ තත්ත්වය තුළ නිලන්ත ජයවර්ධන මේ අවස්ථාවේ දි පොලිස්පති ධූරය සඳහා සලකා බැලීමට ඇති අවස්ථාව අවම විය.

දේශබන්දු – පතිනායක තරගය

දැන් තරගය තිබුණේ ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි සහ චෝදනා රහිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ චෝදනා සහිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් අතරය.

මේ අතර පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම සම්බන්ධව ජනාධිපති කොමිසමක් මගින්  චෝදනා එල්ල කර ඇති  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධව එවකට චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස් කොමිස විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන්නේය. එම විමර්ශනයෙන් දේශබන්දු තෙන්නකොන් පාස්කු ප්‍රහාර වගකීමෙන් නිදොස් කොට නිදහස් කරන්නේය.

මේ අතර 2023.04.24 දින පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති කොමිසමෙන් කිසිම චෝදනාවක් එල්ල වී නොතිබුණ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට එරෙහිව පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව චෝදනාවක්   ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් වන්නේය. එම චෝදනා විමර්ශනය සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නේය.

මේ අතරතුර   ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ යම් බලපෑම් සහිත තත්වයක් ද තුළය.

විනිසුරු මණ්ඩලයේ වාර්තාව

විනිසුරු මණ්ඩලය විසින් චෝදනාවට  අදාල විමර්ශන ආරම්භ කරන්නේය.

ලලිත් පතිනායකට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධව මූලික විමර්ශනය සිදුකර තිබුණේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වාය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා විසින් මූලික විමර්ශනයේ දී   ගොනු කර තිබුනේ නිශ්ඡිත සාක්ෂි නොව, පදනමක් නැතිව  තැනින් තැන ඇසුණු ඕපාදූප සහ කේලම් බවත් එම චෝදනාවල කිසිම පදනමක් නොමැති ආකාරයත්   ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය නිරීක්ෂණය කළේය.

එමෙන්ම මූලික විමර්ශනය කළ නිලධාරියා එය නිසි ලෙස අවසන් කර අත්සන් කර නොතිබීම ද,  ඒ හේතුවෙන් මේ මූලික විමර්ශන ලියැවිල්ල කිසිම නෛතික වලංගුභාවයක් නැති කැලෑ පත්තරයක ස්වරූපය පවතින බවද ත්‍රිපුද්ගල විමර්ශන කණ්ඩායමට වැටහෙන්නේය.

මේ විමර්ශන ගොනුව ගෙන්වා සාක්ෂි විමසීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා කැඳවන්නේ මේ තත්ත්වය තුළය. ඒ  අවස්ථාවේ දී හෙළිවන්නේ තිගස්වන කරුණකි. හිටපු නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වා   පවසන්නේ තමන් මෙවැනි විමර්ශනයක් සිදු නොකළ බවත් තමන් එවැනි විමර්ශන ලියැවිල්ලකට අත්සන් නොකළ බවත්ය.

එමෙන්ම මූලික විමර්ශන නිලධාරියා ලෙස තමන් නම් කර  මෙම ගොනුවේ සඳහන් ලිපියේ   අත්සන යොදන දිනයේ දී තමන් විශ්‍රාම ගොස් සිටි බව ද ඔහු විමර්ශන මණ්ඩලයට දැන්වූයේය.  මෙවන් සිල්වා විශ්‍රාම යන්නේ 2019.08.19 දිනය.    මෙම ලේඛනයට අත්සන් තබා ඇත්තේ  2019.09.05 දිනයේය.

එමෙන්ම මේ සමගම ජාතික පොලිස් කොමිසමේ හිටපු නිලධාරීන් හත් දෙනාගෙන් සිව් දෙනෙක් තමන් මෙවැනි විමර්ශනයක් සම්බන්ධව දැනුවත්ව නොසිටි බව විමර්ශන මණ්ඩලයට ලිඛිතව දැන්වූහ.

මේ තත්ත්වය තුළ මූලික විමර්ශන වාර්තාව වෙත ඉදිරිපත් කරන ලද චෝදනා විමසීමට පත් කරන ලද විධිමත් විනය පරීක්ෂණයේ දී ඉදිරිපත් වූ සියලු කරුනු සලකා බලා ත්‍රිපුද්ගල විනිශ්චය සභාව විසින් චූදිත නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෂෙල්ටන් පතිනායක නිවැරදිකරු බවට තීරණය කරන්නේය.

ඒ අනුව 2023.12.14 දින රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඉදිරිපත් කළ සියලුම චෝදනාවලින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති ලලිත් පතිනායක නිදොස් කොට නිදහස් කරන්නේය.

එම තීන්දුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් තමාරා ඩී පෙරේරාගේ අත්සනින් යුතුව, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට පිටපතක් යොමු කරමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කරන්නේය.

දැන් චෝදනා රහිත,  ජ්‍යෙෂ්ඨත්වයෙන් වැඩි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක දැනට වැඩ බලමින් ඉන්න පොලිස්පති, ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට වඩා පොලිස්පතිකමට සුදුසු බව සහතික කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තව පොඩ්ඩෙන් “රෙදි ඉල්ලේ”

Next Post

නෛතික පදනමකින් නඩුව පවත්වාගන්න බෑ… “විශ්ව බුද්ධ” නමින් සිටින විකෘති සිවුරු රඳවනය ඇප මත නිදහස්!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.