සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ගාල්ල ක්‍රීඩාංගනයේ දීම අපි ලබපු අවුරදු 44ක ටෙස්ට් ඉතිහාසයේ කුජීතම පරාජය…

by editor
පෙබරවාරි 1, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කුජීතම පරාජය  මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වුනේය. අප රට ඇතුළේත් ක්‍රිකට් ගසා ඇත. රටින් පිටත් ක්‍රිකට් ගසා තිබේ. අවුරුදු 44ක් ටෙස්ට් ක්‍රිකට් ගසා ඇත. මේ විදිහට පැරදිලා නැත.

ශ්‍රි ලංකා කණ්ඩාම ඕනෑම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමකට  ඉනිමකුත් ලකුණු 242කින් පරාජය වීම යනු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ බිහිසුණුම පරජය ය.  දෛවෝපගත ලෙස එම පරාජය ගාල්ලේදීම ලැබී ඇත. අප අද ඔස්ට්‍රේලියාවට පැරදුනේ එවැනි පැරදිල්ලකි.

මැතිව් කුහ්නෙමන් ඉනිම දෙකේදීම කඩුළු 09යි…

ඔස්ට්‍රේලියාව සමග ටෙස්ට් ඉතිහාසය

ඔස්ට්‍රේලියාව සමග කොතැනක දී හෝ ටෙස්ට් තරගයක් ජයග්‍රහණයකිරීම පහසු නැත. 1982න් ආරම්භ වන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා මුළු ටෙස්ට් තරග ඉතිහාසය තුළම මෙතෙක් පවත්වා ඇති තරගාවලි ප්‍රමාණය 14කි. මේ පැවැත්වෙන්නේ 15 වැනි තරගාවලිය ය. අප ජයග්‍රහණය කර ඇත්තේ තරගාවලි 02ක් පමණි. එකක් 1999 දී ය. අනෙක් 2016 දී ය.

මේ පැවැත්වෙන්නේ වෝන් මුරලි කුසලානය සඳහා පැවැත්වෙන 7වන ටෙස්ට් තරගාවලිය ය. 2007/08 තරගවාරයේ දී ඇරඹෙන මෙම තරාගවලියේ අප මෙතෙක් ජයග්‍රහණය කරන්නේ එක් තරගාවලියක් පමණි. ඒ 2016 දීය.

ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා තරග 33ක් පවත්වා තිබේ. අද නිමා වුනේ 34 වැනි තරගය ය. ඉන් තරග 08ක් ජය පරායෙන් තොරව නිමා වී ඇත. ශ්‍රි ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ගෙන ඇත්තේ තරග 5ක් පමණි. අද ජයග්‍රහණය කළ තරගයත් සමග ඔවුන් තරග 21ක් ජයග්‍රහණය කර ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

මේ ඉතිහාසය අනුව ඔස්ට්‍රේලියාවට ටෙස්ට් තරගයක් පරාජය වීම පිළිගත හැකිය. එහෙත් ඉතිහාසයේ නොවූ විරූ ලෙස තමන් විසින් පරිශ්‍රමයෙන් හදාගත් කුඹුරු වැනි පිච් ඇතුළේ පට්ට පදුරු වීමට පරාද වීම ගැන නම් මොකාට මොනවා කියන්නට තියනවා දැයි අපට තේරෙන්නේ නැත.

මින් පෙර අප ඔස්ට්‍රේලියාවට හොඳටම පැරදුනේ වර්ෂ 2012 දෙසැම්බර් 26-28 තෙක් මෙල්බර්න්හි පැවති ටෙස්ට් තරගයේ දී ය. එම තරගය අපි ඉනිමකුත් ලකුණු 201කින් පැරදුනෙමු. ඉන් පෙර 1998 දී අපි ඔස්ට්‍ර්ලියාවේ W.A.C.A හිදී ඉනිමක් සහ ලකුණු 108කින් පැරදුන ඉතිහාසයක් ඇත.  ඔස්ට්‍රේලියාවෙන් අන්තිමට  අපි මේ තරම් බලු විදිහට ගුටි කන්නේ අවුරුදු 12කට පසුය.

ටෙස්ට් තරග බිහිසුණු ලෙස පැරදුන ඉතිහාසය 

පිච් හදා හෝ ටෙස්ට් දිනන ගාල්ලේ දී නොව ඉතිහාසයේ කිසිම ටෙස්ට් තරගයක දී රන්කිරි කටකෑ දවස් මතක් වෙන්නට අද වගේ ගුටිකෑවේ නැත.  ටෙස්ට් ඉතිහාසයේ අප අන්ත අනාථ ලෙස ටෙස්ට් තරග පැරදී ඇත්තේ ඉන්දියාවටය. අද ලැබූ පරාජයට පෙර අප ටෙස්ට් ඉතිහාසය තුළ ලබා තිබූ දැවැන්තම පරාජය ලෙස වාර්තා වූයේ 2017 නොවැම්බර් 24-27 දිනවල ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර නාග්පූර්හි දී පැවති තරග පරාජය ය. ඒ තරගයෙන් අපි ඉනිමකුත් ලකුණු 239කින් පැරදුනේය. 2022 මාර්තු 4-6 දවස්වල ඉන්දියාවේ මොහිලිවල පැවති ටෙස්ට් තරගයෙන් ද ශ්‍රී ලංකාව ඉනිමකුත් ලකුණු 222 පරාජය වුනේය. ඒ තරග දෙකම පැවැත්වූයේ ඉන්දියාවේ දී ය.

වර්ෂ 2001 ජනවාරි 2-4 කේප් ටවුන්හි දී පැවති තරගයේ දී අප ඉනිමකුත් ලකුණු 229කින් දකුණු අප්‍රිකාවට පැරදී තිබිණි. එමෙන්ම 1993 අවුරුද්දේ කොළඹ එස්.එස්.සී පිටියේ දි ඉනිමකුත් ලකුණු 208කින් අප දකුනු අප්‍රිකාවට පැරදුනේය.

මින් පෙර අප ඔස්ට්‍රේලියාවට හොඳටම පැරදුනේ වර්ෂ 2012 දෙසැම්බර් 26-28 තෙක් මෙල්බර්න්හි පැවති ටෙස්ට් තරගයේ දී ය. එම තරගය අපි ඉනිමකුත් ලකුණු 201කින් පැරදුනෙමු.

මෙතෙක් රට තුළ පැවති තරගයක දී අන්ත ලෙස පරාජය වන්නේ පකිස්ථානයටය. 2023 ජූලි 24-27 කාලය තුළ කොළඹ එස්එස්සී පිටියේ පැවති ශ්‍රී ලංකා පකිස්ථාන් තරගවලියේ දී පකිස්ථානය ඉනිමකින් සහ ලකුණු 222කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළේය.

අද ඒ පරාජයේ ඉතිහාසය වෙනස් විය. එතෙරදීත් මෙතරදීත් මෙතෙක් ලද බිහිසුණුම ටෙස්ට් පරාජය සලකුණු කරමිනි. අපි ගාල්ලේ දී ඉනිමකුත් ලකුණු 242කින් පරාදය.

අද ප්‍රතිඵලය

ඔස්ට්‍රේලියාව සිය ටෙස්ට් ඉතිහාසයේ සිවුවන විශාලම ජයග්‍රහණය වාර්තා කරන්නේ ක්‍රිකට්වලට නාකි වූ ක්‍රිකට් මුත්තන් බඳු දිමුත් කරුණාරත්න, ඈන්ජලෝ මැතිව්ස් වැනි පට්ට බැටස්මන්ලා ඉන්නකොටය. එහෙත්  ශ්‍රි ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලැබුවේ අංක 09 පිතිකරු ජෙෆ්රි වැන්ඩර්සේය. ඔහු ලකුණු 51කි. තරගයේ දී ඉනිම දෙකේදීම ගත්තත් වාර්තා වන්නේ අර්ධ ශතක දෙකකි. එකක් වැන්ඩර්සේගේය. අනෙක් අර්ධ ශතකය මුල් ඉනිමේ දී චන්දිමාල්ගේ ය.

කතාව කෙටියෙන් මෙසේය.

ටොස්ට් එක ඔස්ට්‍රේලියාව දිනුවේය. නිකමට මෙන් අපට හිතුනේ මුලදීම වැඩේ ලොස්ට් බවය. ගාල්ලේ මැච් එකක් දිනනවා කියන්නේ ටොස්ට් එක දිනනවා කියන එක බව කාට නොතේරුණත් මැච් බලන අපට තේරෙන්නේය. මේ අප කවුරුත් දන්නා මඩ කුඹුරේ හෙවත් ගාල්ලේ පිච් එකේ හැටි අපට තේරෙන විදිහ ය.

කිව්වා වගේම ඔස්ට්‍රේලියාව වඩාගෙන ගැහුවේය. රඹටි හැලෙන්න ගැහුවේය. ලකුණු අතර හිටියේ නැති උස්මන් කවාජා විතරක් තනිමය ලකුණු 232ක් ගැහුවේය. නායක ස්ටීවන් ස්මිත් ලකුණු 141කි. ජොෂ් ඉන්ග්ලිෂ් ලකුණු 102කි. ට්‍රෙවිස් හෙඩ් ලකුණු 57කි. ඇලෙක්ස් කැරී නොදැවී ලකුණු 46කි. දැවී ගියේ කඩුළු 06ක් පමණි. උන් දිගටම ගහන්න හිතුවා නම් තවත් ගහනවාය. ඔස්ට්‍රේලියාව ලකුණු 654ක් ගසා හති වැටී නැවැත්තුවේය. ඒ කඩුලු 06ක් පමණක් දැවී තිබෙද්දීය. ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ඕවර 154ක් ක්‍රීඩා කළහ. කඩුළු 6ක් දැවී ලකුණු 652ක් රැස් කළහ. ප්‍රභාත් ජයසූරිය ලකුණු 193කට කඩුළු 03ක් ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 182කට කඩුලු 3ක් ලැබුවේය.

තුන්වැනි දිනයේ දී ඉනිම අත් හිටවූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිතිකරණයට ශ්‍රී ලංකා කණ්ඩායම කැඳවූයේය. අප ලකුණු 165කට දැවී ගියේය. උස්මන් කවාජා තනියම ගැසූ  ලකුණු ගණන 232කි. මුල් ඉනිමේ අපේ මුළු ලකුණු ගණන ඒ සංඛ්‍යාවටත් වඩා 67ක් පහළිනි. ඉනිමක පරාජයෙන් බේරෙන්නට ලකුණු 489ක් ලබා ගතු විය.

තවත් විශේෂ කතාවක් කියන්නට ඇත. ඔස්ට්‍රේලියාවේ පළමු ඉනිමේ දී ප්‍රභාත් ජයසූරිය පන්දු ඕවර 60ක් දමා තිබිණි. අපි මුල් ඉනිමේ ක්‍රීඩා කළේ ප්‍රභාත් ජයසූරිය තනියම දැමූ ඕවර 80ටත් වඩා ඕවර 28ක් අඩුවෙනි. ඕවර 52.2කින් සියල්ලො දැවී ගියහ. තවත් විශේෂයක් ඇත. එනම් අප මුල් ඉනිමේ ලබා ගත් ලකුණු 165න් 72ක් චන්දිමාල්ගේය.

දිමුත් කරුණාරත්න, ඈන්ජලෝ මැතිව්ස්, ඕෂධ ප්‍රනාන්දු දැවී යන්නේ ලකුණු 10ට අඩුවෙනි. සමස්ථයක් ලෙස ශ්‍රි ලංකා ක්‍රීඩකයින් 06 දෙනෙක් ලකුණු 10ට අඩුවෙන් දැවී යන්නේය. නැගී එන ටෙස්ට් ක්‍රීඩකයා ලෙස සම්මානිත කමිඳු ලකුනු 15කි. ධනංජය ද සිල්වා ලකුණු 22කි. කුසල් මෙන්ඩිස් ලකුණු 21කි. දඟපන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන් පන්දු ඕවර 18.2ක දී ලකුණු 63කට කඩුළු 05කි. මිචෙල් ස්ටාර්ක් කඩුළු 02කි. නේතන් ලියොන් ලකුණු 57කට කඩුළු 03කි.

දෙවැනි ඉනිම

ඉනිමක පරාජයෙන් බේරෙන්නට ලකුණු 489ක් ලබා ගත යුතුය. එය ඉලක්ක කරගෙන අද දිවා අහාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිතිකරණයට පැමිණියහ.

ඒත් දෙවැනි ඉනිමත් පළමු ඉනිමට දෙවැනි වූයේ නැත. දිමුත් කරුණාරත්න ලකුණු ලැබුවේ නැත. ඔහු මේ තරගයේ දීම ලබා ගත්තේ ලකුණු 07ක් පමණි. ආම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු ලකුණු 6කි. ඔහු තරගයේ ඉනිම දෙකේදීම ලබා ගන්නේ ලකුණු 13කි.

දිනේෂ් චන්දිමාල් 31කි. ඈන්ජලෝ මැතිව්ස් 41කි. කමිඳු මෙන්ඩිස් 32කි. කුසල් මෙන්ඩිස් 34කි. විලි ලජ්ජාව බේරා ගන්නට ශතකයක් අවශ්‍ය වෙලාවකට මේ වගේ ඉනිම් කොට වලින් අහවල් දෙයක්වත් කරන්නට බැරි බව ඕනෑ කෙනෙක් දන්නේය. එහෙත් තරගයේ අංක 09 පිතිකරු ලෙස පැමිණි ජෙෆ්රි වැන්ඩර්සේ හුදකලා සටනක නිරතවෙමින් ලකුණු 53ක් ලැබුවේය. සිය ටෙස්ට් ජීවිතයේ වැඩිම ලකුණ මෙන්ම ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණ ද ඔහු වාර්තා කළේය. මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙක් දෙවැනියට රැස්කළ වැඩිම ලකුණ ද එය ය. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 54.3ක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 247කි.

මැතිව් කුහ්නෙමන් ලකුණු 86ය කඩුළු 04ක්, නේතන් ලියොන් ලකුණු 78ට කඩුළු 04ක්, මිචෙල් ස්ටාක් සහ ටොඩ් මර්පි කඩුල්ල බැගිනුත් ලැබූහ.

ඉතිහාසයේ කුජීතම ටෙස්ට් පරාජය ලබා තිබේ. අප ඉනිම දෙකේදීම ක්‍රීඩා කර ඇත්තේ පන්දු ඕවර 106.5ක් පමණි.

යළිත් අපට දැනෙන ඇත්ත කිව යුතුයැයි සිතමු.   තේරෙන හැටියට ශ්‍රී ලංකාවට ගාල්ලේ මැච් දිනන්නටත් මුලින්ම ටොස්ට් එක දිනිය යුතු බවය. ටොස්ට් එක පරදින එකා මැච් එක පරාදය. මැච් දින්න නම් පිච් එක හදලා විතරක් බැරිය.  පිච් එක හැදුවා සේ ටොස්ට් එකත් ගේමක් ගසා දිනා ගන්න සැලසුමක් දැන් අපට තිබිය යුතුය. ක්‍රිකට් විශාරදයින්ට මේ සම්බන්ධව වෙනස් අර්ථකථන තිබිය හැකිය. මේ කියන්නේ බලන් ඉන්න අපට හිතෙන හැටිය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් බිහිසුණු රිය අනතුරක්… පුද්ගලයින් 02ක් මිය යයි… 35කට තුවාල…

Next Post

මාගල්ල සුධර්ම විද්‍යාලයෙන් කන්නන්ගර මැතිඳුුට මල් මිටක්

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.