සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාගල්ල සුධර්ම විද්‍යාලයෙන් කන්නන්ගර මැතිඳුුට මල් මිටක්

by editor
පෙබරවාරි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ආචාර්ය කල්‍යාණි විජේසුන්දර –
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය –

පාසල යනු අනාගත ලෝකයට මුහුණ දීමට සුදුසු වන ආකාරයට හා එම අනාගත ලෝකය සමග ජීවත් වීමේ දී දැනුම ආකල්ප කුසලතාවලින් ඔපවත් වී ආධ්‍යාත්මික හා බාහිර ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය උගන්වන දැයේ දු දරුවන්ගේ මං පෙත් විවර කරනා තෝතැන්නකි. දැයේ දු දරුවන්ගේ ජීවිත සාර්ථක කිරීම සඳහා පාසලකට අරමුණු ඉලක්ක කරගත් දැක්මක් හා මෙහෙවරක් ඇත.

පාසලක සාර්ථකත්වය දැකිය හැකි වන්නේ එම දැක්ම ඉලක්ක කරගත් පාසල් ප්‍රජාව සකසා ගත් මෙහෙවරක් ඉටු කිරීමෙනි. යහපත් දරුවෙකු පාසලෙන් නිර්මාණය කළ හැකි වන්නේ සාධාරණ පරිසරයක්, දරුවාට ආදරය කරන දරුවා පිළිගන්නා පරිසරයක් ගොඩනැගුණොත් පමණි.

දින කිහිපයකට කොළොම්පුරයෙන් ගාලු පුරවයේ සුධර්ම විද්‍යාලයට යාමට අවස්ථාවක් ලැබිණ. විදුහලට ඇතුළු වන තැන සිට ම ගුරු සිසු දෙපිරිසිට ම පතිරූපදේස වාසයක් බව දැනෙන්නට විය. වටපිටාව විවිධාකාර මල් ගස් සහ පලතුරු ගස්වලින් හරිත වර්ණිත ය. මාදං පොකුරුවලින් බරවූ දන් ගසකි. සරුවට වැඩුණු පේර ගසකි. තවත් බොහෝ දෑ එහි විය. කැළිකසළ බැහැර කිරීම පවා ඉතා ක්‍රමවත් ය. පැරණි ගම්වල දක්නට තිබුණ ආකාරයට දඩු ලීවලින් සකස් කර ගත් ප්‍රදේශයක කොම්පෝස්ට් පොහොර සෑදිමට දිරා යන ද්‍රව්‍ය එක්රැස් කර තිබුණ ආකාරය සිත් ගන්නා සුලු විය.

උදෑසන 7.30ට පෙර පාසලේ සියලු දරුවෝ පාසල පිරිසිදු කිරීමේ කටයුතුවලට සහභාගි වෙති. තම පාසල පිළිබඳ පුදුමාකාර ආදරයකින් ඔවුහු ඒ් හා සම්බන්ධ වෙති. අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ක්‍රියාවෙන් ම පසක් කරන අපූරු විදුහල්පතිවරයෙකු හා ඇදුරු මඩුල්ලක් ද මේ විදු බිමෙහි සිටීම සතුටට කරුණකි. පාසල් සිසු දරුවන්ගේ භාග්‍යයකි.

එක් දවසක පාසල නිමවීමට ආසන්න කාල ඡේදයක දී පාසලේ දරුවන් පිරිසක් සමග ගුරුවරු සහ විදුහල්පතිවරයා අපූරු ක්‍රියාවක් සිදු කළහ. විදුහල්පතිවරයා අතෙහි මල් පඳුරු කිහිපයකි. ගුරුවරු සහ සිසුහු මල් සිටවීමට අවශ්‍ය බිම සකස් කරති. තමා අසල සිනා මුසු මුහුණින් බලා සිටින මහ පොළවේ සිටි පාසල් නියමුවාණෝ ඔවුන්ගේ වෙහෙස දුරු කළහ. ඉතා ආශාවෙන් උනන්දුවෙන් විදුහල්පති අතින් මල් පැළ ලබා ගන්නා දරුවෝ පුදුමාකාර ආත්ම තෘප්තියකින් ඒ්වා බිම සිටවති.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ඉගෙන්වීමේ ක්‍රියාවලියේ දී ගුරුවරයා දක්ෂ සන්නිවේදකයකු විය යුතු ය. නැතහොත් ගුරුවරයා කොතරම් දැනුමින් සන්නද්ධ වුව ද ගුරුවරයා ව ශිෂ්‍යයන්ට නොතේරෙයි. ‘ඔබ සමග අපිත් ඉන්නවා’ යන හැගීම ශිෂ්‍යයාගේ සිතෙහි තහවුරු වන ආකාරයෙන් දිරි දීමෙන් ඔවුහු ආත්ම විශ්වාසය ඇති කර ගනිති.

එක්තරා දවසක විවේක කාලයක සෙල්ලම් කරන පාසල් දරුවෙකුගේ පාසල් සපත්තුවක අඩියක් ගැළ වී ගොසිනි. ඔහුට නිනව්වක් නැත. ඔහු යහළුවන් සමගින් සෙල්ලමේ ය. සපත්තුවේ අඩිය ගැලවුණ තැන සිට ඒ පාසල් දරුවා සොයමින් බලා හිඳින ගුරු මෑණිවරුන් කිහිප දෙනෙකි. මේ දසුන් හදවතට ඉතා බර ය. සිසු දරුවන්ට දිරිදිම් සහ සහයෝගය අවැසිම ය.

කඩල අහුරක් කමින් පාසල් මිදුල හරහා ඇවිද යන කුඩා පාසල් දරුවෙකු තවත් දිනක ඇස ගැටිණ. ඔහු ඉදිරියට සෙමින් ඇවිද ආවේ පාසල් විදුහල්පතිවරයා ය. විදුහල්පතිවරයා ඉදිරියට ආ පාසල් සිසුවා බියේ දුවන්නට ඇතැයි ඔබට සිතුණා නම් ඒ් ගැන පුදුමයක් නැත. එහෙත් සිදු වූයේ අනෙකකි. කුඩා සිසුවා තමා අත තිබූ කඩල අහුරින් ඇට කිහිපයක් විදුහල්පතිතුමාගේ සුරත මත තැබී ය. ඔහුගේ හිස අත ගෑ මහ පොළවේ පය ගසා සිටි විදුහල්පතිවරයා ඒ් කඩල ඇට කිහිපය කටේ ලා ගත්තේ ය. ඒ් කුඩා දරුවාගේ සිතට කෙතරම් නම් සතුටක් දැනෙන්නට ඇද්ද. ඔහුගේ සිතට ආඩම්බරයක් දැනෙන්නට ඇත. තම පාසලේ විදුහල්පතිවරයා තමාගෙ සංග්‍රහය පිළිගත් බව ඔහුගේ යටි සිතේ තදින් ම තැන්පත් වනු නියත ය.
සිසුන්ගේ පෞර්ෂ වර්ධනය මෙවන් උත්ප්‍රේරණ බොහෝ වටිනේ ය. දරුවාගේ මනස තේරුම් ගැනීමට නම් ඔහුට සවන් දිය යුතු ය එමෙන්ම දරුවාට සවන් දෙන බවට දැනවීම ද ඉතා වැදගත් ය. එනම් අද වන විට විදුහල්පතිවරයාගේ භූමිකාව සාම්ප්‍රදායික මතවාදවලින් ඔබ්බට ගිය නව චින්තනයක් මත ගොඩ ගොඩ නැංවිය යුතු ය. විදුහල්පතිවරයා පිළිබද ප්‍රශංසා මුඛයෙන් කතා කළ අයෙකුට එතුමා පවසා තිබුණේ ‘මම මනුස්සකම නඩත්තු කරමින් රාජකාරිය ඉටු කරනවා විතරයි” යනුවෙනි. ඒ් ප්‍රකාශයේ බොහෝ දෑ සිතන්නට ඉඩහසර ලබා දෙයි.  නායකත්වය යනු තම අනුගාමිකයන්ට අවවාද දීම මතු නොව ආදර්ශ සැපයීමයි.

පාසලේ දරුවන් වෙනුවෙන් ඇති වැසිකිළි පද්ධතිය ක්‍රමවත් සහ පවිත්‍රතාව අතින් ඉතා ඉහළ තත්ත්වයක ඇති බව දක්නට ලැබිණ. පාසලේ ගුරුතුමියක් සමග වැසිකිළි පද්ධතියේ පවිත්‍රතාව පිළිබඳ කියා සිටි විට එතුමිය සඳහන් කළේ ඒ් පාසල් සිසු දරුවන්ගේ වැසිකිළි පද්ධතිය බවත් දිනකට වරක් විදුහල්පතිතුමා වැසිකිළි පද්ධතිය පරීක්ෂා කර බලන බවත් ය. ඒ් අසා ඔබ මවිත වූවත් ඒ් කරුණ සැබෑවක් බව විදුහල්පතිතුමාගේ මුවින් ම පසු දිනෙක අසන්නට ලැබිණ. පුදුම දනවන කරුණ එය නොවේ. ආචාර්ය මණ්ඩලයට වෙන් වී ඇති වැසිකිළි පද්ධතියට වඩා සිසු දරුවන්ගේ වැසිකිළි පද්ධතිය කෙරෙහි එතුමා දක්වා ඇති අවධානයයි.

මේ පතිරූප දේස වාසය දැනුම ආකල්ප කුසලතා සපිරි දරුවෙකු නිර්මාණය කරන බව දැනට වසර කිහිපයකට පෙර මුළු ලොවට ම දැන ගන්නට ඉඩහසර ලැබිණ. නමින් ෂුක්රා මුනව්වර් නමින් සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි ඔබේ දෙනෙතට කදුළු ගෙන ආ සිතට සතුට ගෙනා ආ දියණිය මේ විදු සෙවණේ වැඩුණ දිරිය දියණියකි. ගාල්ලේ වෙරළබඩ කටුගොඩ ගම්මානයේ සාමාන්‍ය පවුලක ඉපිද ඉතා අසීරුවෙන්, අභියෝගතා මැද, සුධර්මා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇය එක් රැයකින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම තම වසඟයට පත් කළේ මේ සෙවණේ ලැබුණේ පන්නරය නිසා විය හැකි ය.

සුධර්මා විද්‍යාලයේ විදුහල්පති සරත් ලියනගමගේ සමග දිනක් මට කතා කිරීමට අවස්ථාව ලැබිණ. ඒ් විදු බිමෙහි මා දුටු අපූරු දසුනක් පිළිබඳ තොරතුරු ඔහු සමග බෙදා ගන්නට මට අවැසි වූ නිසා ය. බොහෝ විට බලෙන් පුබුද්දන නෙළුම් මල් දැක පුරුදු මට පාසල් බිමෙහි විකසිත් සිනා විහිඳ වූ නෙළුම් මල් පිපී තිබෙනු දක්නට ලැබිණ. ඒ දසුන කැමරාවට හසු කර ගන්නා විට ඉන් එහා තැන්පත් කර තිබූ නිදහස් අධ්‍යාපනයේ නිර්මාතෘ කන්නන්ගර මැතිතුමාගේ පිළිරුව ද කැමරා කාචයට හසු විය. පුදුමයකි. ඒ් දසුන මා සිත් සොරා ගත් හෙයින් බොහෝ දෙනෙකු සමග මේ දසුන බෙදා ගත් අතර මේ සංකල්පයේ හිමිකරුට ද එය පෙන්වන්නට සිතිණ. ඒ් අවස්ථාවේ විදුහල්පතිතුමා මේ පිළිරුව ලැබුණේ ෂුක්රා දියණිය නිසා බව ආශාවෙන් පැහැදිලි කළේ ය.

“ෂුක්රා වගේ දරුවන් තමයි අපේ අටට අවශ්‍ය වෙන්නේ. ඇය මේ රටේ සියලුම ජාති ආගම් බේදවලට හොඳ පිළිතුරක් දුන්නා. එක ජාතියක් එක රටක් හැටියට අපි සිතිය යුතු බව ඇය සමස්ත රටට ම කිව්වා. ඇත්තට ම ෂුක්රා දියණිය ගැන හරිම ආඩම්බරයි. ඇය පාසලට සම්පතක්. මම එහෙම කියන්නේ මේ තරගයෙන් ජයගත් නිසා නෙවෙයි. ඇය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම එක වගේ නිවේදන කටයුතු කළා. දැල් පන්දු ක්‍රීඩිකාවක ලෙස කටයුතු කළා. මේ දරුවා සියලු පාසල් දරුවන්ට ආදර්ශයක්.”

විදුහල්පති ඉතා සතුටින් තම විදු බිමෙහි දිවි ගෙවූ සුධර්මා විදු මාතාව විසින් නිර්මාණය කරන ලද මේ දියණිය පිළිබඳ කතා කළේ ය. ඒ් කතාව අතරතුර ‘අපි අද මෙහෙම ඉන්නේ මෙතුමාට පින් සිදු වන්නට යැයි කන්නන්ගර පිළිරුව දෙසට අත දිගු කරමින් විදුහල්පතිවරයා තෙවරක් ම පැවසී ය. සී. ඩබ්.ඩබ්. කන්නන්ගර, ආතර් සී ක්ලාක් වැනි නම්වලින් පාසලේ ශාලා නම් කර තිබිණ.

හොඳම දේ දරුවන්ට” යැයි වරෙක වී. අයි. ලෙනින් ප‍්‍රකාශ කළේ දරුවන් එතරම් ම වටිනා සම්පත් නිසාවෙනි. ඒ් බව මැනවින් වටහා ගත් පාසල් නියමුවෙකු සහ ඇදුරු මඩුල්ලක් ද ඒ් මග යන සිසු පරපුරක් ද දුටු නිසාවෙන් මෙසේ අකුරු කර තබන්නට සිතිනි.

සටහන හමාර කරන්නට Dorothy Law Nolteගේ ‘Children Learn What They Live’ කෘතියේ උපුටනයක් ලියා තබමි. එහි අනුවර්තනය සිදු කරන ලද්දේ ‘දරුවන්ගේ ලෝකය ‘ළමයි උගන්නේ ජීවිතයෙනි” නමින් ධනපාල ගුණසේකර විසිනි.

If children live with honesty,
they learn truthfulness..
If children live with fairness,
they learn justice,
If children live with kindness and consideration,
they learn respect…
If children live with security,
they learn to have faith in them –selves and in those about them.
If children live with friendliness,
they learn the world is a nice peace in which to live.
(Chilrden Learn What They Live- Dorothy Law Nolte)

ලදහොත් සැලකුම් අවංක ලෙස නිති –
උගනිති නිසැකව සත්‍යවාදි බව…
ලදහොත් ආදරය කරුණාව සහ අවධානය –
උගනිති නිසැකව සාධාරණ බව…
වැඩෙතොත් පරිසරයක ආරක්ෂිත –
උගනිත් නිසැක ව ආත්ම විශ්වාසය …
ලදහොත් සෙනෙහස ගුරු දෙගුරුන්ගෙන්
උගනිති හඳුුනති
ලෝකය
මිත්‍රශීලි වූ පසන් තැනක් බව….

Share69Tweet43
Previous Post

ගාල්ල ක්‍රීඩාංගනයේ දීම අපි ලබපු අවුරදු 44ක ටෙස්ට් ඉතිහාසයේ කුජීතම පරාජය…

Next Post

බෙදී වෙන්වී ඇනකොටාගත් කාලය ඉවරයි… අපි එකට එක්වී රට හදමු… ජනපති වැල්වැටිතුරේ දී උතුරේ ජනතාවට කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.