අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

කුජීතයි… කඩුලු 10කින් පරාදයි… තරගාවලිය 3-0 න් දකුණු අප්‍රිකානුවන් ජය ගනී…

by editor
සැප්තැම්බර් 14, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

තරගාවලිය 3 – 0 ලෙස පරාජය විය. දකුණු අප්‍රිකානුවෝ අති විශිෂ්ට කඩුලු 10ක ජයක් ලබා ගත්හ.

අද සවස 7ට අර්. ප්‍රෙමිදාස ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා විස්සයි 20 අවසන් තරගය ආරම්භ විය. තරගාවලිය ඒ වනවිටත් දකුණු අප්‍රිකානුවෝ ජය ග්‍රහණය කර තිබුණහ. ලංකාවට තිබුණේ විලි ලජ්ජාවෙන් බේරෙන්නට දිනා ගත යුතු තරගයකි.

කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 8ක් දැවී තතනමින් ලබා ගත් ලකුණු 120 එකම කඩුල්ලක්වත් නොදැවී දකුණු අප්‍රිකානුවෝ ලබා ගත්හ.

යළිත් වරක් දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් ඉදිරියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ නොදරුවෝ වූහ. වේග පන්දු යවන කගිසෝ රබාඩා හමුවේත් ශ්‍රී ලාංකික පිතිකරුවෝ නිරුත්තර වූහ.  යම් තරමකට හෝ සාර්ථ වූ පිතිකරුවා වූයේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පමණි. ඔහු පන්දු 33 දී ලකුණු 39ක් ලබා ගත්තේය.  චාමික කරුණාරත්න පන්දු 19ක දී ලකුණු 24ක් ලබා ගත්තේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

පන්දු යැවීමේ දී යළිත්  බ්ජොන් ෆෝටුයින් පන්දු ඕවර 4ක් තුළ ලකුණු 21කට කඩුලු දෙකක් බිඳ හෙළීය. කිගාසෝ රබාඩා පන්දු ඕවර තුනක දී ලකුණු 23කට කඩුලු 2ක් ද කෂේව් මහරාජ් පන්දු ඕවර 4 තුළ ලකුණු 14කට එක් කඩුල්ලක් ද, ඒඩන් මැක්‍රම්, ව්ලාන් මෝල්ඩර් එක් කඩුල්ල බැගින්ද බිඳ හෙලූහ. ලහිරු මධුසංඛ දුවද්දී දැවී ගියේය.

පන්දු ඕවර 20 තුළ ලකුණු 120කට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැවී ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි  රීසා හෙන්ඩ්‍රික් සහ ක්වින්ටන් ඩි කොක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පන්දු යැවීම එපා කළහ. හෙන්ඩ්‍රික් පන්දු 42ක දී ලකුණු 56ක් රැස් කළේය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය. ක්වින්ටන් ඩි කොක් පන්දු 46ක දී ලකුණු 59ක් රැස් කළේය. ඊට හතරේ පහර 7ක් ඇතුළත් විය. පන්දු ඕවර 14. 4 ක දී දකුණු අප්‍රිකානුවෝ තරගය නිමා කළහ.

තරගයේ වීරයා ලෙස ක්වින්ටන් ඩි කොක් සම්මාන ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාත්‍යාන්තර ක්‍රිකට් බිමෙන් සමුගෙන මාලිංග තැබූ ෆේස් බුක් සටහන

Next Post

ලොහාන් රත්වත්ත අත්අඩංගුවට ගන්න..  සියලු තනතුරුවලින් ඉවත් කරන්න… TNA  ආණ්ඩුවෙන් ඉල්ලයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.