සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

එක් පුංචි වැරැද්දක් හැම දේම වෙනස් කළා.. මැටිල්ඩා කාල්සන් මාධ්‍යයට කියයි…

by editor
අගෝස්තු 3, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

අසුන් මෙහෙයවීමේ තරගයේ මූලික වටයේදීම තරගයෙන් ඉවත් වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැටිල්ඩා කාල්සන් පවසා සිටියේ, තමා අතින් වරදක් වූ බවයි. ඒ පිළිබඳ කණගාටු වන නමුත්, ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමම ජයග්‍රහණයක් ලෙස සලකන බවත් ඇය පැවසුවාය.


“පරාජය ගැන කණගාටු වෙනවා. මෙය මගේ අතින් සිදු වූ වැරැද්දක්. බොහෝ දේ බලාපොරොත්තු වුණත්, තරග බිමෙන් ඉවත්වෙන්න මට සිදුවුණා…“

“මට හොඳම අශ්වයෙකු සිටින්නේ. නමුත් මෙවැනි දැවැන්ත තරග බිමක කිසිදු වැරැද්දක් සිදුනොවීමට වග බලාගත යුතුයි“

“පියවරෙන් පියවර කුමක් කළ යුතුද යන්න තීරණය කිරීමට තියෙන්නේ තත්පර කිහිපයක්. මගේ අශ්වයා (චොපින්) පනින ආකාරය ගැන මට සතුටුයි. ඔහු ලෝකයටම පෙන්වූවා ඔහුගේ විශ්මය ජනක බව. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මෙතැනට පැමිණීමම අපි ලැබූ ජයග්‍රාහකයක්“ යැයි පැවසුවාය.



2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අවසන් තරගකාරිය වන මැටිල්ඩා කාල්සන්ට අසුන් මෙහෙයවීමේ ඉසව්වෙන් ඉවත් වීමට සිදුවිය. ඇය තරග කළ ‘චොපින්‘ නම්වූ අශ්වයා බාධක තරණ අවස්ථා දෙකක් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් තරගයෙන් ඉවත්වීමට ඇයට සිදු විය.

මැටිල්ඩා සිය අශ්වයා සමගින් 13 වැනි තරගකරු ලෙස මෙම තරගය ආරම්භ කළ අතර, එහිදී ඇගේ අශ්වයාට බාධක පැනීම් 14ක් අතරින් ගමන්කළ හැකිවූයේ 07 වැනි බාධකය දක්වා පමණි. මෙහි පළමු බාධක පහම සාර්ථක ලෙස චොපින් අශ්වයා තරණය කළත්, 06 වැනි බාධකය තරණය කළේ දෙවැනි උත්සාහයේදීය.

කෙසේ වෙතත් චොපින් අශ්වයා සමගින් 07 වැනි බාධකය තරණය කිරීමට මැටිල්ඩාට හැකි වුවත්, 08 වැනි බාධකයේදී ඇගේ අශ්වයා නැවත වරක් බාධකය හරහා යාම ප්‍රතික්‍ෂේප කිරීමත් සමඟ ඇයට තරගයෙන් ඉවත්වීමට සිදුවිය. මෙම ක්‍රීඩාවේදී බාධක තරණය දෙවරක් ප්‍රතික්‍ෂේප කිරීම තරගයෙන් ඉවත්වීමට හේතුවක් ලෙස සැලකේ.


කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගයට තරගකරුවන් 73 දෙනෙකු තරගකළ අතර, ඉන් 30 දෙනෙකුට පමණක් දෙවැනි වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා-ස්වීඩන ද්විත්ව පුරවැසිභාවය හිමි මැටිල්ඩා, ඔලිම්පික් ඉතිහාසයේ අසුන් මෙහෙයවීමේ ඉසව්වකට සහභාගි වූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස සැළකෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සංජීව ධර්මසේන – ජපානයේ ටෝකියෝ නුවර සිට
කෙළිමඩළ

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ සියලුම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරෙයි

Next Post

නිර්දෝශී වුණු දිල්රුක්ෂිට යළි තනතුර නොදීම ගැන නිතීඥ සංගමය නීතිපතිට ලියයි

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.