ඇෆ්ගනිස්ථානය පරදවා නවසීලන්තය කඩුළු 08ක ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග අවසන් පූර්වවටයෙන් ඉන්දියාව විසිවී යද්දී 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහභාගී වූ 5 වන තරගයද ජයගෙන අපරාජිතව අවසන් පූර්ව වටයට පිවසීමට පාකිස්ථානු කණ්ඩායම ඊයේ සමත් වූයේය.
ඊයේ පකිස්තානය සහ ස්කොට්ලන්තය අතර පැවති තරගයෙන් ලකුණු 72ක ජයග්‍රහණයක් ලැබීමට පකිස්තානු කණ්ඩායම සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ක් දැවී ලකුණු 189 ක් රැස් කළේය. බාබර් අසාම් ලකුණු 66 ක් රැස් කළේය. ඒ පන්දු 47 කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය. සොයිබ් මලික් පන්දු 18 කට මුහුණදී නොදැවී ලකුණු සංඛ්‍යාව 54 ක් රැස් කළේය. ඊට හයේ පහර 6 ක් සහ එක් හතරේ පහරක් ඒ ඉනිමට ඇතුළත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 6 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 117 ක් පමණි.
ස්කොට්ලන්තය වෙනුවෙන් රිචී බෙරින්ටන් නොදැවී ලකුණු 54 ක් රැස් කළේය. පන්දු යැවීමේදී ශඩාබ් ඛාන් කඩුළු 2 ක් දවා ගත්තේය. ශහීන් ෂාහ් අෆ්රිඩි, හැරිස් රාවුෆ් සහ හසන් අලී එක් කඩුල්ල බැගින් ලබා ගත්හ.







