අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඇත්තමායි… නියමායි…

by editor
පෙබරවාරි 19, 2024 - Updated on පෙබරවාරි 20, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මාරෙට දිනුම්ය.  විස්සයි 20 තරගයක දී ලකුණු 72කින් දිනනවා කියන්නේ ඇත්තටම ගේමකි.  ඒ ගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ගැසුහ. විස්සයි විස්ස තරගාවලියෙත් එක් තරගයක් ඉතිරිව තිබෙද්දී ජයග්‍රහණය කර ඇත.

ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කයක් සොයා ගිය ඇෆ්ගනිස්ථාන කණඩායම ලකුණු 115කට නිමා වන්නේ පන්දු ඕවර 17ක් තුළය.  සිය කණ්ඩායමේ පිතිකරණය සම්බන්ධව ඇෆ්ගන් නායක ඊබ්‍රහීම් සද්‍රාන්  තැබූ විශ්වාසය කුඩු වී ගොස්ය. මුල් තරගයේ දී ජයග්‍රහණය පෙනි පෙනී නොලැබීමේ වේදනාව ඇෆ්ගනිස්ථාන කණඩායම මෙවර අත් විඳින්නේ  කුඩුපට්ටම් වී යෑමෙනි.

පසුගිය තරගයේ අසාර්ථක වූ බිනුර යළි විශිෂ්ට ආගමනයක් පෙන්නුවේය. පසුපෙළ බිඳ දමන  ජවසම්පන්න අකුණුසරය තමන් බව මතීෂ පතිරණ යළිත් අපට කීවේය.

මුල් තරගයේ අත්හැරුනු පිතිකරණ වගකීම යළි කරටගත්තා පමණක් නොව අත්දැකීම් පිරුණු හිටපු ශ්‍රී ලංකා නායකයා මෙන්ම කණඩායමේ සිටින විශිෂ්ට ජ්‍යෙෂ්ඨයා වූ 35 හැවිරිදි මැතිව්ස්  අති විශිෂ්ට පිතිකරණය යෙදුනා පමණක් නොව  ආරම්භක පන්දු ඕවරය යවමින් ඇෆ්ගන් සැලසුම සිය මුල්ම පන්දු ඕවරයේදිම විනාශ කළේය.

වනිඳු විශිෂටයන් අතරට එකවුනේය. ඒ සිය විස්සයි 20 දිවියේ කඩුළු 100 වාර්තා කරමිනි.  තරග 62ක් තුළ වාර්තාකළ මේ කඩුළු 100 ඔහු ලබා ගන්නේ ලෝකයේ එක්දින තරගවලදි වැඩිම වේගයෙන් කඩුළු 100 ලබා ගත් දෙවැනි ක්‍රීඩකයා ලෙසය. පළමුවැන්නා රශීඩ් ඛාන් ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පිතිකරණයට අවස්ථාවක් නොලද දසුන් මනරම්  පන්දු රැකීම යෙදුනේය. ඔහු රැකගත් උඩ පන්දු දෙක මෙන්ම පන්දු යැවීමෙන් ලබා ගත් කඩුල්ල ඇෆ්ගන් කණ්ඩායම බිහිසුණු පරාජයකට තල්ලු කළේය.

මහීෂ් තීක්ෂණ අතින් සිදුවුන 6 වැනි ඕවරයේ 1 වැනි පන්දුවේදී  ජැනට් දුවද්දී  දවා ගැනීමට තිබූ අවස්ථාව මගහැරීමත්  මොහොමඩ්  නබී 7 වැනි ඕවරයේ 5 වැනි පන්දුවේ දී ඉතා පහසු  උඩ පන්දුව  ගිලිහී යෑමත් හැරුණු කොට පිටියේ පන්දු රැකීම කදිමය.

ඇෆ්ගනිස්ථාන කණ්ඩයම සිල්ලර නැත…

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිල්ලර කණ්ඩායමක් නොවේ.  ලෝක ආදර්ශයක් ලබා දුන් අන්තර්ජාතික තලයේ දී මහා දැවැන්තයින් සොලවා දැමු  සටන්කාමී ජවසම්පන්න කණ්ඩායමකි.  විස්සයි 20 අන්තර්ජාතික පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලදී මුල් පිතිකරුවන් 20 දෙනා අතරට අපේ ක්‍රීඩකයෙක් නැත. නමුත් ඇෆ්ගනිස්ථාන නොම්බර 02 පිතිකරුවු රහ්මනුල්ලා ගුර්බාස්  19 වැනි තැන සිටින්නේය.  අපේ පිතිකරුවන් සියල්ලන්ම ඉන්නේ ඔහුට පහළිනි.  අපේ හොඳම පිතිකරු පැතුම් නිශ්ශංක ඉන්නේ ගුර්බාස්ට ස්ථාන 02ක් යටය.

අත්දැකීම් සපිරි දැනට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වයස්ගතම තුන් ඉරිවයව් ක්‍රීඩකයා ලෙස එක්දින ජාත්‍යාන්තර පිටියේ අංක එක මොහොමඩ් නබීය. මේ තරගාවලියට සහභාගීවන  ෆසාල්හක් ෆාරුකී   ලෝකයේ හොඳම විස්සයි 20 පන්දු යවන්නන් 15 දෙනා අතර සිටින්නේය.  මෙහොමඩ් නබී විස්සයි විස්ස ශ්‍රේණිගතකිරිම්වල 04වන තැන පසුවන  ක්‍රිඩකයා ය. වනිඳු හසරංග ඉන්නේ ඔහු වඩා අංක 05ක් පහළිනි.

අප මේ ක්‍රීඩා කරන්නේ ලපයි සිපයි සමග නොවන බවට මුලින්ම අවබෝධ කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ යළි ප්‍රවේශය තක්සේරු කළ යුතුව ඇති බව ලියා තබමු.

මුලින්ම පන්දුවට පහරදීම ශ්‍රි ලංකාවට

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකා පිලට පිතිකරණයට ආරාධනා කරන්නේය. ආරම්භක පිතිකරුවන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංකය. පැතුම් පිති ප්‍රහාරය ආරම්භ කරන්නේ ආරම්භක පන්දු යවන ෆසාල් හක් ෆාරුකී ගේ මුල්ම පන්දුවට හතරේ පහරක් ලබා ගනිමිනි.

පැතුම් සහ මෙන්ඩිස් ආක්‍රමණශීලි පිතිකරණයක් දියත් කර තිබුණහ. තුන්වන පන්දු ඕවරය යැවීමට කලින්ම කැඳවු නවීන් උල් හක් පැතුම්ගේ  සහ මෙන්ඩිස්ගේ දැඩි ප්‍රහාරයට ලක්වන්නේ මේ පන්දු ඕවරයේ දී ය. ඔහුට පැතුම් පිට පිට හතරේ පහර 03ක් එල්ල කරන්නේය.  තුන්වැනි පන්දු ඕවරයේ 4, 5,6 පන්දුවලටය.  මුල්ම පන්දුවට මෙන්ඩිස් එල්ල කළ හතරේ පහරත් සමග එම ඕවරයේ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 17ක් රැස් කරගෙන තිබිණි.

ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල්ම කඩුල්ල බිඳ වැටෙන්නේ හතරවන ඕවරයේ 5වන පන්දුවේ දි ය. පැතුම් නිශ්ශංක අස්මතුල්ලා ඕමාර්සායි ට ගොදුරු වන්නේය. ඔහු දැවී යනවිට පැතුම් පන්දු 11ක් තුළදී ලකුණු 25ක් රැස් කරගෙන සිටියේය. කණ්ඩායමේ මුළු ලකුණු ගණන 45කි. ඉන් 5ක්ම හතරේ පහරය.

ඊලඟ ඕවරයේ දෙවැනි පන්දවේදි  කුසල් මෙන්ඩිස් ද ලකුණු 23ක් ලබා සිටිය දි දැවී යන්නේය. ඔහු හතරේ පහර හතරක් සමග පන්දු 14ක දි  මෙම ලකුණු 23 ලබාගෙන තිබිණි.  5 වැනි ඕවරය නිමා වන්නේ ලකුණු 53කට කඩුළු 02ක් දැවි ගොස් තිබිය දී ය.

අනතුරුව පිටියේ රැඳෙන්නේ ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රමය.  මොවුන් දෙදෙනා මනා රිද්මයක් සහිතව පාලනයකින් ඉනිම ගොඩගමින් එද්දී 9 වැනි ඕවරයේ 05 වැනි පන්දුවට ධනංජය ද සිල්වා දැවී ගියේය.  ඒ මොහොමඩ් නබී ගේ පන්දුවකට ලෝන් ඕන් හි පන්දු රකිමින් සිටි නායක ඊබ්‍රහිම් සද්‍රාන්  වෙත උඩ පන්දුවක් ලබා දෙමිනි.

ධනංජය දැවී යෑමෙන් අනතුරුව පිටියට එන නායක හසරංග පන්දු 09ක් තුළ ඉතා වේගවත් ලකුණු 22ක් ලැබුවේය. ඊට හයේ පහර දෙකක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය. හසරංග දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 10කි. පන්දු ඕවර 12කි.

එය විස්සයි විස්ස තරගයක දී සැලකිය යුතු පාලිත තත්ත්වයකි.  5වන කඩුල්ල ලෙස ලකුණු 04කට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු ප්‍රබලයෙක් වූ චරිත් අසලංක   දැවී යන්නේ ලකුණු 121 දී ය.  පහලොස් වැනි පන්දු ඕවරයේ 2 වැනි පන්දුවේ දී ය.

ශ්‍රි ලංකා ඉනිම මහා දැවැන්ත ස්ථාවරයකට යන්නෙ ඉන් අනතුරුව එන පන්දු 34 තුළදී ය.

ඈන්ජලෝ මැතිව්ස් සධීර සමග එකතු වන්නේය.  අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දුවේ දී  තමන්ම කඩුල්ලේ දැවටී සධීර සමරවික්‍රම දැවී යනවිට  ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 187ක් රැස් කරගෙන තිබිණි.  සධීර විශිෂ්ට  ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 42ක් තුළ ලකුණු 51ක් ලැබුවේය. ඊට හතරේ පහර 05කි. අනෙක් අන්තයේ පිතිකරණයේ යෙදෙමින්  තමන්ගේ අතීත රිද්මයේ චමත්කාරය යළි මතුකර ගත් ඈන්ජලෝ මැතිව්ස් පන්දු 22ක දි ලකුණු 42ක් ලැබුවේය. ඊට හයේ පහර හතරක් සහ හතරේ පහර 02ක් ඇතුළත් වී තිබිණි. දසුන් පිතරකරණයට පැමිණියේත් නැත. අවසන් පන්දු 34ට ලකුණු 66ක් වාර්තා වී තිබිණි.

ජයග්‍රාහී හිලක්කය අත් පත් කරගැනිම අසිරු  මහා ඉහළකට ඔසවා තබන්නට මැතිව්ස් සහ සධීර සමත් වුහ.

ඇෆ්ගන් පිතිකරණය

ඇෆ්ගනිස්ථාන ඉනිම ඇරඹෙන්නේ ලකුණු පුවරුවේ පීඩනයත් මගිනි.  ඔවුන් සිටිනේ අත්පත් කරගැනීමට අසීරු බව පෙනෙන ඉලක්කයකය. එවිට ඇතිවන මානසික තත්ත්වය දෙදරා ගිය එකකි.

ශ්‍රි ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කරන්නේ ඈන්ජලෝ මැතිව්ස්ය. අනෙක් අන්තයෙන් බිනුර ප්‍රනාන්දුය.  මැතිව්ස් යැවූ දෙවැනි පන්දුවෙන්ම ලකුණු 04ක් ලබා ගන්නා සද්‍රාන් අනතුරුව ලකුණකින් පැති මාරු කරගත්තේය.   දැන් පන්දුවට පහර දෙන්නේ හස්‍රතුල්ලා සසායි ය. සසායි මුහුණ දුන් පළමු පන්දුවෙන්ම මැතිව්ස්ට ගොදුරු වූයේය. ඒ පළමු පන්දු ඕවරයේ 05 වැනි පන්දුවේදී ය.

දෙවන පන්දු ඕවරය යවමින් අනෙක් අන්තය ආරම්භ කළ බිනුර ප්‍රනාන්දු  දැඩි ප්‍රහාරයකට ලක් වන්නේ ය. ඕවරය තුළ  ලකුණු 12ක් ඇෆ්ගන් කණ්ඩායමට ලැබෙන්නේය.

එහෙත් තරගයේ තුන්වන ඕවරයේ දිම යළිත් මැතිව්ස්     ක්‍රියාත්මක වන්නේ  ශ්‍රී ලංකා කණ්ඩායමට බරපතල තර්ජනයක් වු නායක ඊබ්‍රහීම් සද්‍රාන් දවා ගනිමිනි.

ඇෆ්ගන් ඉනිම තුළ කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 30 ඉක්මවා ගියේ නැත. ඉහළම ලකුණු කරීම් ජෙනට්ගේය. ඔහු ලකුණු 28කි.  මෙහොමඩ් නබී ලකුණු 27කි.  ඉතිරි ක්‍රීඩකයින් 09 දෙනාම ලකුණු 13ක් ඉක්මවූයේ නැත.

අපේ පන්දු යැවීම  නියමය.  මැතිව්ස් පන්දු ඕවර 02ක් යවා ලකුණ 9කට කඩුළු 02ක් ලැබුවේය. බිනුර ප්‍රනාන්දු  පන්දු ඕවර 02ක් යවා ලකුණු 18කට කඩුළු 02කි. සිය විස්සයි 20 ජීවිතයේ විශිටයෙක් වෙමින් වනිඳු හසරංග අද  සිය කඩුළු 100 ඉලක්කය පසු කළේය. මේ තරගයේදීත්  කඩුළු 02ක් ලබාගෙන තිබිණි.  මතීෂ පතිරණපන්දු ඕවර 03ක් යවා කඩුලු 2ක් ලැබුවේය. ඒ  ලකුණු 22කට ය. දසුන් ශානක සහ මහීෂ් තික්ෂණ කඩුල්ල බැගින් ලැබුවේය.

ඇෆ්ගනිස්ථා කණ්ඩායම ලකුණු 115කට දැවී  ගියේය. අපි ලකුණු 72කින් දිනුම්ය.  අප හැමදාම කීවේ දක්ෂතාවලටත් වඩා වැදගත් වන්නේ දක්ෂතා කළමනාකරණය කරගැනීම බවය. මේ ජයග්‍රාහී මානසිකත්වය පවත්වා ගැනීම රටට වැදගත්ය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයට  ලකුණු 188ක ජයග්‍රහාහී ඉලක්කයක්…  ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මානසිකත්වයකින් තියුණු තරගයක…

Next Post

පාතාලයේ බිම්සර කල්ලියෙන් බොරැල්ලේ දී වෙඩි තැබීමක්… වෙඩි කෑ පුද්ගලයා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග සටනක…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.