බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී.ය හිටපු ක්‍රීඩා ඇමැතිගෙන් ප්‍රශ්න කිරීමට යයි

තරගය පාවාදීමේ චෝදනාව පාරා වළල්ලක් වේවිද?

by Lanka Sara Editor
ජූනි 23, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර 2011 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කිසිදිනෙක පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වන අතර මේ පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට සූදානම් වෙමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

තමා ක්‍රීඩකයන්ට චෝදනා එල්ල නොකරන බවත්, ඇතැම් නිලධාරීන් එම තරගය පාවාදීම පසුපස සිටි බවත් පසුගියදා රූපවාහිනි සංවාදයකට එක්වෙමින් කියා සිටි අලුත්ගමගේ මහතා, 2012 වසරේදී මේ සම්බන්ධව අයි.සී.සී.යට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, අයි.සී.සී.ය ඊට ප්‍රතිචාර නොදැක්වු බවත් කියා තිබිණි.

එහෙත් හිටපු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා හෝ වෙනත් කිසිවකු එවැනි පැමිණිල්ලක් කිසිවිටෙක ඉදිරිපත් නොකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියකු ප්‍රකාශ කළ බව ‘ක්‍රිකට් ඒජ්‘ ජාත්‍යන්තර සඟරාව වාර්තා කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධව වාර්තා වූ බවත්, එහි විමර්ශනය කිරිමට තරම් සුදුසු කරුණු තිබේදැයි සොයා බැලීමට ඔහු සමඟ කතා කිරිමට උත්සාහ දරමින් සිටින බවත් අයි.සී.සී.යේ නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළ බව ක්‍රිකට් ඒජ් සඟරාව වාර්තා කළේය. ඉන්දීය වෙබ් අඩවි කිහිපයක්ම අද පස්වරුවේ එම කරුණ සනාථ කරනු ලැබීය.

2011 වසරේ අප්‍රේල් මාසයේ මුල් භාගයේ මුම්බායි නුවර වෙන්කඩේ පිටියේ පැවැති ලෝක කුසලාන අවසන් මහා තරගයේදී කඩුලු 7ක් ඉතිරිව තිබියදී ලකුණු 275 ඉලක්කය වෙත යාමට ඉන්දීය පිල සමත්වූ අතර විරෙන්දර් ෂෙවාග් සහ සචින් තෙන්ඩුල්කර් වේලාසනින් දැවී ගියත් ගෞතම් ගම්භීර් සහ නායක මහේන්ද්‍ර සිං දෝනි එක්ව ඉන්දීය පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය.

මහ මැතිවරණයත් සමග දේශපාලන වේදිකාවත් උණුසුම් කළ මාතෘකාවක් බවට පත්වූ ලෝක කුසලාන අවසන් තරගය පාවාදීමේ චෝදනාව සම්බන්ධව එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා, ශ්‍රී ලංකා කණ්ඩායමේ එවකට නායකත්වය දැරූ කුමාර් සංගක්කාර සහ උපනායකත්වය දැරූ මහේල ජයවර්ධන දැඩිව ප්‍රතික්ෂේප කර තිබිණි.

හිටපු ක්‍රීඩා අමාත්‍යයවරයාගේ චෝදනාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඔහු මෙරට රජයෙන් සහ ඉන්දීය රජයෙන් මෙන්ම අයි.සී.සී.යෙන් ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වෙයි.

Tags: නවතම
Share81Tweet43
Previous Post

මහා අංගුලිමාල තරගය

Next Post

බාස්මති කන අය පරෙස්සමෙන්.! – දිග සහල්, බාස්මතී කරන පිල්ලියක්

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.