බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අයි.සී.සී. අලුත් උපදෙස් පිට දුරින් ඉඳන් ක්‍රිකට් ගහන හැටි

by editor
මැයි 24, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

දැඩි සෞඛ්‍ය ආරක්ෂක නීති රීති සහ සමාජ දුරස්ථ භාවය රැකෙන පරිදි කෝරෝනා වංගතයෙන් නැවතී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පණ පෙවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නව නීති රීති පද්ධතියක් සකස් කර තිබේ. ඒ අනූව ඉදිරියේදී යළිත් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීමේදී එම නීති රීතිවලට අනූව සියල්ල සිදුවිය යුතු බවට අයි.සී.සී.ය සාමාජික රටවලට දැනුම් දී ඇත.

අයි.සී.සී.යේ වෛද්‍ය මණ්ඩලයක් විසින් සකස් කර ඇති මෙම නීති රීති සංග්‍රහය ක්‍රීඩකයන් ගේ පුහුණුකරුවන්ගේ, විනිසුරුවන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්ම සකස්කර තිබේ. එම නීති රිති අනුව පළමුව පුහුණුව අරඹා දෙවනුව තරගවලට යා යුතු බව අයි.සී.සී.ය අවධාරණය කරයි.

නිරෝධායන නීති

ඕනෑම  කණ්ඩායමක් නැවත පුහුණුව අරඹන විට අදාළ රජයන් විසින් ලබාදී ඇති සියලුම මාර්ගෝපදේශවලට යටත් අයි.සී.සී.යේ නීති රීති පිළිපැඳිය යුතුවේ. එහිදී  සියලුම මාර්ගෝපදේශ අනුගමනය කිරීම නිරීක්ෂණය සඳහා වෛද්‍යවරයකු හෝ වෛ ආරක්ෂණ නිලධාරියකු සිටීම අනිවාර්ය වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දින 14 ක් නිරෝධායනයකට යටත් සියලුම රටවල් තරගවලට සංචාරය කළ යුතුවේ. ඒ සියලුම ක්‍රීඩකයන්, පුහුණුකරුවන් ඇතුළු කළමණාකාරීත්වය පී.සී.ආර් පරීක්‍ෂණවලට භාජනය විය යුතුය. අදාළ කණ්ඩායම් නවාතැන් ගැනීමේදී ද සැලකිය යුතු කරුණු සම්බන්ධව අයි.සී.සී.ය දැනුවත් කර තිබේ.

මීට අමතරව ක්‍රීඩකයන් මීටර් 1.5 ක දුරකින් සිටීම හෝ අදාළ රටේ නීතිය අනූව කටයුතු කිරීම අනිවාර්යය වේ. එමෙන්ම ක්‍රීඩකයන්ගේ ක්‍රිකට් ආම්පන්න පෞද්ගලිකව තබා ගත යුතු සුරක්ෂිත භාවය සම්බන්ධයෙන්ද අයි.සී.සී.ය රටවල් දැනුවත් කර තිබේ. පුහුණුවීම්වලින් හෝ ඉන් පසුව ක්‍රීඩා පිටිවල තිබෙන පොදු ස්ථාන සහ වැසිකිළි භාවිතය හැකිතාක් අවම කරන ලෙස ද උපදෙස් දී තිබේ.

ක්‍රිකට් පිටිය තුළ සෞඛ්‍ය උපදෙස්

ක්‍රිකට් පන්දුව සම්බන්ධයෙන්ද නව නීතියක් හඳුන්වා දී ඇති අතර එහිදී පන්දුව සමග සම්බන්ධ වන විට සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම, ක්‍රීඩකයන්ට පන්දුව සමග සම්බන්ධතා පැවැත්වීමෙන් පසුව ඔවුන්ගේ ඇස්, නාසය සහ මුඛ්‍ය ස්පර්ශ නොකිරීම, පන්දුව හැසිරවීමේදී අත්වැසුම් පැලඳීම ගැන සලකා බැලිම, පන්දුව ඔප දැමීමට ඛේටය භාවිතා නොකිරීම වැනි කරුණු කාරණා පුහුණුවීම්වලටද අදාළව ඇත.

වෙනදා මෙන් ක්‍රීඩකයන්ගේ හිස්වැසුම් හෝ වෙනත් කිසිම දෙයක් විනිසුරුට හෝ සහෝදර ක්‍රීඩකයකු ලබාදීය නොහැකි අතර එය තමා සතුව හෝ හතරේ සීමාවෙන් එපිට ආරක්ෂිත ස්ථානයක තිබිය යුතුය. මීට අමතරව ගුවන් යානයේදී ද සමාජ දුරස්ථක භාවය ඇතිකරගන්නා පරිදි ගුවන් ගමන් සිදුකළ යුතුවේ. මේ අතර පුහුණුව ආරම්භ කිරීමට පෙර තනි තනිව කළ හැකි පුහුණුවීම් ඒ ආකාරයෙන් සිදුකළ යුතු අතර  සමාජ දුරස්ථ භාවය ඇති වන පරිදි කිහිප දෙනකු පමණක් එක් පුහුණු සැසියකට සහභාගි විය යුතුව තිබේ. ඒ අනූව පුහුණුකරුවන් ඇතුළුව දහදෙනකු අඩු සංඛ්‍යාවක් පුහුණුවීම්වල නිරත විය යුතු වේ.

මාස කිහිපයකට පසුව යළිත් පුහුණුව ආරම්භ කිරීමේදී ක්‍රීඩකයන් ආබාධලට ලක්වීමට ඇති ඉඩ කඩ අවම කිරීම වෙනුවෙන් සති කිහපයක පුහුණුවකින් පසුව තරගවලට සහභාගි කළ යුතුව ඇත. ක්‍රීඩාංගණය තුළ සිදුකරන ඒකරාශි වීම්,  සාකච්ඡා, මෙන්ම දුර්වල ප්‍රතිශක්තිය, දියවැඩියාව, හෘද රෝග ඇති ක්‍රීඩකයන් හෝ පුහුණුකරුවන් සිටීනම් ඔවුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද අයි.සී.සී. මාර්ගෝපදේශනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Tags: නවතම
Share79Tweet43
Previous Post

දේශපාලකයන්ව හුරතල් කළේ නෑ… දරුවො එක්ක බඩගින්නෙ හිටියා…

Next Post

අයි.සී.සී. සභාපතිකමට ගංගුලිව ඔසවා තබන මෙහෙයුමක්…

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.