බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

අප ලෝක ශ්‍රේණිගත කිරීම්වල පහළට ඇද දමමින් බංගලි කණ්ඩායම දෙවැනි එක්දින තරගය විශිෂ්ට ලෙස ජය ගනී!

by editor
ජූලි 5, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා කණ්ඩායම පරාදය. බංගලියන් ආර්.ප්‍රේමදාස පිටියේ නව විදුලි ආලෝක පුවරුවය යට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පරාජය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු කුඩු කරදැමූ බංගලි පන්දු යවන්නා ටන්විර් ඉස්ලාම්ය. ඔහු ලකුණු 39කට කඩුළු 05ක් බිඳ හෙළමින් අපව අනාථ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු කුඩු කරදැමූ බංගලි පන්දු යවන්නා ටන්විර් ඉස්ලාම්ය

මේ තරය ආරම්භ කරනවිට අප හිටියේ ලෝක එක් දින ශ්‍රේණිගතකිරීම්වල 4වන තැනය. බංගලියන් හමුවේ සිදුවූ පරාජයත් සමග අප ස්ථානයක් පසුපසට වැටී ඇත. දැන් අපි 05 තැනය.

ශ්‍රේණිගතකිරීම්වල 10 වැනි ස්ථානයේ සිටි බංගලි කණ්ඩායම එක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇත. දැන් ඔවුන් ඉන්නේ 09 වැනි තැනය. 09 වැනි ස්ථානයේ සිටි බටහිර ඉන්දීය කොදෙව්වන් එක් ස්ථානයක් පසුපසට ගොස් ඇත.

ලෝක ශ්‍රේණිගතකිරීම්වල 04 වැනි ස්ථානයේ ඉඳිමින් අප අපේ රටේ අපේ තණතිරුවල දී පරාජය වන්නේ ලෝකයේ 10වැනියාව සිටි බංගලාදේශයටය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

කාසියේ වාසිය ලබන්නේ බංගලාදේශ කණ්ඩායමය. ඔවුන් පන්දුවට පහරදීම තෝරන්නේය. ඔවුන් ආරම්භ කරන්නේ ලකුණු 280කට එපිට ගමනක් යන පෙන්වන පිතිකරණයකි. පර්වේස් හොසේන් ඉමොන් කදිම පිතිකරණයක නිරතවිය. ආරම්භක පිතිකරු ලෙස ඔහු ලකුණු 67ක් බන්නේය. අංක 4 පිතිකරු තොවිඩ් හිඩ්‍රොයි ලකුණු 51ක් ලබන්නේය.

ලකුණු 213කට කඩුළු 08ක් දැවී ගිය අවස්ථාවේ දී කණ්ඩායම තරගයක් දිය හැකි තැනකට රැගෙන එන්නේ නොදැවී ලකුණු 33ක් රැස්කළ ටන්සිම් හසන් සකිබ්ය. ඔහු පන්දු 33ක දී ලකුණු 21ක් රැස් කරන්නේ පසුගිය තරගයේ වික්‍රමාන්විත පන්දු යැවීමක නිරත වු වනිඳු හසරංග දැඩි ප්‍රහාරයකට එල්ලකරමිනි. වනිඳුගේ ඕවර 9.3ට බගංලි කණ්ඩායම ලකුණු 60ක් රැස් කළහ.

බංගලි කණ්ඩායම ලකුණු 248කට දැවී යන්නේ පන්දු ඕවර 45.5ක් තුළය. පන්දු යැවීමේ දී හසිත ප්‍රනාන්දු ලකුණු 35ට කඩුළු 04ක් දවා ගත්තේය. දුෂ්මන්ත චමීර, චරිත් අසලංක, කඩුල්ල බැගින් ලැබූහ. දැඩි ප්‍රහාරයකට ලක් වෙමින් වනිඳු ලකුණු 60කට කඩුලු 03ක් ලැබුවේය.

ලකුනු 249 අපහසු ඉලක්කයක් නොවේ. එය හඹා යන්නට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මේ තරගයේ දීත් ලකුණු 05කට දැවී ගියේය. එහෙත් කුසල් මෙන්ඩිස් සහ නිශාන් මධුෂ්ක අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සම්බන්ධතාවයක් ගොඩනැගිනි. දෙවැනි කඩල්ල ලෙස නිශාන් මධුෂ්ක ලකුණු 17කට දැවී ගියේය.

ඒ වනවිට කුසල් මෙන්ඩිස් හිටියේ කදිම ගමනක් යමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරනු ඇතැයි සිතෙන පිති හරඹයක කුසල් නිරත වූයේය. ඔහු ලකුණු 56ක් ලැබුවේ පන්දු 31කිනි. ඊට හතරේ පහර 09ක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය. එහෙත් කුසල් මුලු ලකුණු ප්‍රමාණය ලකුණු 82ක්ව තිබිය දී තෙවැනි කඩුල්ල ලෙසත් නායක චරිත් අසලංක ලකුණු 06ක් ලබා සිටිය දී සිවුවන කඩුල්ල ලෙසත් දැවී ගියේය. ටන්විර් ඉස්ලාම් ශ්‍රී ලංකා ඉනිම කුඩු කරන්න පටන් ගෙන තිබුණේය.

බලාපොරොත්තු බිඳවැටෙන්නට පටන් ගන්නේ එතැන් සිටය. කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගන්නේ ටන්වීර්ය. කමිඳු ගොදුරු වන්නේත් ටන්විර්ටය. ඔහු ලකුනු 33ක් ලැබුවේය. දුනිත් වෙල්ලාලගේ එක් ලකුණකට දැවී යන්නේය. ඔහුගේ කඩුල්ලත් ටන්වීර්ටය. මහීෂ් තීක්ෂණත් ටන්වීර්ගේ ගොදුරකි.

ජනිත් ලියනගේ…

මේ සියලු බිඳ වැටීම් හමුවේ අප මහා පරාජයකින් බේරාගෙන යම් ගෞරවාන්විත තැනකට රැගෙන පැමිණි විශිෂ්ටයා ජනිත් ලියනගේය. ජනිත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයට ගෙනෙනු ඇති බවට විශ්වාසයක් අවසන් භාගයේ දී ප්‍රේක්ෂකයන් තුළ ඇති කළේය. එකා පිට එකා එක් අන්තයක වැටී වැළලී යද්දී හුදකලාව අනෙක් අන්තයේ රැඳෙමින් පන්දු 85කට ලකුණු 78ක් රැස් කළ ජනිත් ලියනගේ නොවන්නට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයට එක් වුන ක්‍රීඩා ලෝලීන්ට සසර කළකිරෙනු ඇති බව නම් සහතිකයෙන්ම කිව හැකිය.

පීඩනය දරාගෙන හතරේ පහර 07ක් සහ හයේ පහර 02ක් සහිතව ඔහු ගොඩනැගූ ඉනිම කලකට අමතක නොවන එකකි. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුව ද ජයග්‍රහණය පිළිබඳ අත් නොහරින උත්සාහය කුමක් දැයි ජනිත් පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ලබන 08 වැනිදා පල්ලේකැලේ දී පැවැත්වෙන තුන්වන එක්දින තරගය ශ්‍රි ලංකාවට වැදගත් එකක් වනු ඇත. ඒ තරගය පරාජය වුවහොත් තරගාවලි පරාජයකි. අනෙක් පැත්තෙන් ලෝක ශ්‍රේණිගතකිරීම්වල වේදනාත්මක ඇදවැටීමකි.

දිනන්ම ඕන තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන ආකාරය රටේ මිනිස්සු ඕනෑකමින් බලාගෙන සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටිපති තරුණ ව්‍යාපාරික ශ්‍රීජිත් ජයශාන් ඝාතනය කළ මිතුරු මිනීමරුවන් සියලු දෙනා අඩංගුවට…

Next Post

කොස්ගම වෙඩි තැබීමක්… 03 දෙනෙකුට තුවාලයි!

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.