මේ අතර කටුනායක චිලව් මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව පැවැත්වෙන සුපිරි වටයේ තවත් තරගයකදී ලකුණු 139ක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්විය. සී.සී.සී. පිලට ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් වර්ණවත් වූ එම කණ්ඩායමේ පළමු ඉනිමට මිනෝද් භානුක සහ වනිඳු හසරංග ලකුණු 88 බැගින් රැස් කරමින් විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ. අෂාන් ප්‍රියංජන ලකුණු 58ක් ලබා ගත් අතර ළහිරු මධුසංඛ නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 57කි.
එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන යුද හමුදා සහ එන්.සී.සී. කණ්ඩායම් අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් යුද හමුදා පිල රැස් කළ ලකුණු 269ට පිළිතුරු වශයෙන් සිය පළමු ඉනිමේදී කඩුලු 6ක් දැවී ලකුණු 323ක් රැස් කිරීමට එන්.සී.සී. පිල සමත්වූ අතර උපුල් තරංග ලකුණු 121ක් වාර්තා කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.පන්දු 166කට මුහුණ දුන් උපුල් තරංග හතරේ පහර 19ක් එල්ල කිරීමට සමත්වූ අතර, ඔහුට අගනා සහයක් ලබා දුන් ළහිරු උදාර ලකුණු 105ක් වාර්තා කළේය.
© 2020 - 2026 Lankasara.com.