සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා LPL

කැන්ඩි පන්දු යවන්නන්ට තිසරගෙන් හා ධනංජයගෙන් අනුකම්පා විරහිත ප්‍රහාරයක්…

ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව පෙරමුණ ගනී

by editor
දෙසැම්බර් 2, 2020
in LPL, ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ සියළු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිතව පහර දුන් නායක තිසර පෙරේරා සහ ධනංජය ද සිල්වා එල්.පී.එල්. තරගාවලිය යටතේ  ඊයේ රාත්‍රී පැවැති තරගයෙන් ලකුණු 54ක ජයක් ජැෆ්නා කණ්ඩායමට අත්කර දීමට විශිෂ්ට දායකත්වයක් ලබා දුන්හ. මේ ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්වූ අතර, පිට පිට දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ තිසර පෙරේරා එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා ලෙස පෙරමුණ ගත්තේ ඉනිම් 2කදී ලකුණු 165ක් රැස් කරමිනි. 

පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම ඕවර 20 නිමාවෙද්දී කඩුලු 8ක් දැවී ලකුණු 185ක් රැස් කළ අතර, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ඕවර 17කුත්, එක් පන්දුවකදී ලකුණු 131කට දැවී ගියේය. 

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ද, තිසරට අවිශ්ක ප්‍රනාන්දුගෙන් සහ මිනෝද් භානුකගෙන් බලාපොරොත්තු වූ ආරම්භයක් නොලැබිණි. අවිශ්ක ප්‍රනාන්දු දුවද්දී දැවීයාමකට හසුවෙද්දී මිනෝද් භානුක දැවී ගියේ අසේල ගුණරත්න යැවූ පන්දුවකට කුසල් ජනිත් පෙරේරා ස්ටම්ප් කිරීමකට හසුකරගැනීම නිසාය. ඉන් පසුව මුළු ලකුණු සංඛ්‍යාව 35දී ටොම් මුවර්ස්ගේ කඩුල්ල බිඳ දැමූ අසේල ඔහුගේ ලකුණු සංඛ්‍යාව 4කට සීමා කළේය. ලකුණු 9ක් ලබා සිටි සොහේබ් මලික් දුවද්දී දැවී යද්දී ජැෆ්නා පිලේ මුළු ලකුණු 49ක් පමණක් විය. 

පළමු ඕවර 10 නිමාවනවිට ලකුණු 50කට කඩුලු 4ක් දැවී දැඩි අසීරු අඩියකට වැටී සිටි ජැෆ්නා කණ්ඩායම ඊළඟ ඕවර 10දී ලකුණු 135ක් උදුරා ගත්තේ ධනංජයගේ සහ තිසරගේ ප්‍රහාරාත්මක පිතිහරඹයට පින්සිදු වන්නටය. මේ දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 118ක් එක් කළේ පන්දු 47කදීය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කමිඳු මෙන්ඩිස් යැවූ ඉනිමේ 12 වැනි ඕවරයේදී පිට පිට හයේ පහර 2ක් එල්ල කරමින් පීඩනය ඈතට තල්ලු කළ තිසර අනතුරුව නවීන් උල් හක් යැවූ ඉනිමේ 14වැනි ඕවරයෙන් ලකුණු 18ක් උදුරා ගත්තේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගිනි. මේ දෙදෙනාම ඔවුනොවුන්ගේ අර්ධ ශතක වාර්තා කළේ ඩිල්රුවන් පෙරේරා යැවූ ඉනිමේ 16 වැනි ඕවරයේදීය. 

එම ඕවරයේ දෙවැනි පන්දුවෙන් එක් ලකුණක් ලබා සිය අර්ධ ශතකය වාර්තා කිරීමට තිසර පෙරේරා සමත්විය. ඔහුගේ අර්ධ ශතකයට වැය වූයේ පන්දු 22ක් පමණි. එම ඕවරයේ ඉතිරි පන්දු 4න් ලකුණු 20ක් ඩැහැ ගැනීමට සමත්වූ ධනංජය ද සිල්වාගේ අර්ධ ශතකය වාර්තා වූයේ පන්දු 34කිනි. 

නුවන් ප්‍රදීප් යැවූ 17 වැනි ඕවරයේ පළමු පන්දුවට තිසර ඉහළින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රහ්මනුල්ලා ගුර්බාස් වෙත ඇදී ආවත් එය රැක ගැනීමට ඔහු අසමත්විය. ඔහු දැවී ගියේ නවීන් උල් හක් විසින් යවනු ලැබූ 18 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙනි. එම ඕවරයේදී ධනංජය ද සිල්වා දවාගැනීමටත් නවීන් උල් හක් සමත්වීමෙන් පසු ලකුණු ලැබීමේ වේගය තරමක් අඩාල විය.අවසන් ඕවර 2දී ජැෆ්නා කණ්ඩායමට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 12ක් පමණි.

ලකුණු 186ක් හඹා යාමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායක කුසල් ජනිත් සහ රහ්මනුල්ලා ගුර්බාස්ට හැකිවූයේ නැත. මේ දෙදෙනාම ලකුණු 24ක් තුළ දැවී ගියේ උස්මාන් ශින්වාරිගේ පන්දු හමුවේය. අනතුරුව කුසල් මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 20කට සීමා කිරීමට සුරංග ලක්මාල් සමත්විය. කමිඳු මෙන්ඩිස්ගේ ඉනිම ලකුණු 9කට සීමා විය. බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 32කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 46ක් රැස් කරමින් කැන්ඩි ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙද්දී අසේල ගුණරත්න පන්දු 24කදී ලකුණු 31ක් ලැබුවේ හතරේ පහර 4ක් සමගිනි. කමිඳු සහ අසේල දෙදෙනාම දැවී ගියේ තිසර පෙරේරාගේ පන්දු හමුවේය.

මුළු ලකුණු සංඛ්‍යාව 98ක් වෙද්දී කැන්ඩි ඉනිමේ පිතිකරුවන් 6ක්ම ආපසු ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ. ඔවුන්ගේ අවසන් කඩුලු 6ම ලකුණු 41ක් තුළ දවාලීමට ජැෆ්නා කණ්ඩායම සමත්වූ අතර උස්මාන් ශින්වාරි ලකුණු 17කට කඩුලු 3ක් දවාලීය. 

තිසර පෙරේරා ලකුණු 9කට කඩුලු 2ක් ද, වනිඳු හසරංග ලකුණු 17කට කඩුලු 2ක් ද, සුරංග ලක්මාල් ලකුණු 27කට කඩුලු 2ක් ද දවාලමින් ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයට විශිෂ්ට දායකත්වයක් දැක්වූහ.

මේ ජයග්‍රහණයත් සමග සහභාගි වූ තරග 3ම ජයගත් අපරාජිත ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් ලබා පෙරමුණ ගත්තේය. කලම්බු කිංග්ස් කණ්ඩායම දෙවැනි තැන පසුවන්නේ තරග 3කින් දෙකක් දිනා ප්‍රසාද ලකුණු 4කට හිමිකම් කියමිනි. දඹුල්ල වයිකින් කණ්ඩායමත් ප්‍රසාද ලකුණු 4ක් ලබා තුන්වැනි තැන අත්කරගෙන සිටින්නේ තරග 3කින් දෙකක් ජයගනිමිනි. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම තරග 4කින් ජයගත්තේ එක් තරගයක් පමණි. ඔවුන් ප්‍රසාද ලකුණු 2ක් ලබා සිවුවැනි තැනට පත්වෙද්දී තරග 3ම පරාජයට පත්වූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් ස්ථානයේ පසුවෙයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූමදානයට අවසර නුදුන් නිසා පේරාදෙණිය රෝහලේ දමා ගිය කොවිඩ් සිරුර ආදාහනයට…

Next Post

මහනුවර රජවාසල උද්‍යානය ලඟ නායෙ යෑමක්…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.