සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකාවට කඩුළු 06ක විශිෂ්ට ජයක්….

by editor
නොවැම්බර් 1, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය පරදවා කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට මීට ස්වල්ප වේලාවකට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සලකුණු කළ ධනංජය ගේ මනරම් පිති හරඹය…

ඒ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ 32 දෙවැනි තරගය ලෙස 1 ඛාණ්ඩයෙන් අද (01) බ්‍රිස්බෙන්හි දී   ඇෆ්ගනිස්ථානය හා තරග වදිමිනි.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමෙන් ලකුණු 144ක ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමි වී තිබිණි.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දීම තේරූහ.

ආරම්භක පිතිකරුවන්වන රහ්මනුල්ලා ගුර්බාස් සහ උස්මාන් ඝානි ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් යහපත් ආරම්භයක් ලබා දුන්හ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු කඩුල්ල ලෙස රහ්මනුල්ලා ගුර්බාස් දැවී යනවිට පන්දු ඕවර 6.1 දී ලකුණු 42ක් ඇෆ්ගනිස්ථානය රැස් කරගෙන සිටියේය. ඔහු හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙක්ක සමගින් ලකුණු 28ක් රැස් කළේය.

අනෙක් අන්තයෙන් පිතිකරණයේ යෙදුනු උස්මාන් ඝානි පන්දු 27ක  දී ලකුණු 27ක් රැස් කළේය. ඒ හයේ පහරක් සහ හතරේ පහර දෙකක් සමගිනි.

තුන්වන කඩුල්ල ලෙස පිටියට පැමිණි ඊබ්‍රහීම් සද්‍රාන් පන්දු 18 ක දී ලකුනු 22ක් ලැබුවේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

ඇෆ්ගන් මුල් පෙළ පන්දුවට පහර දෙමින් පැමිණි ආකාරයට ලකුණු 10 සීමාව ඉක්මවා යනු ඇතැයි සිතිනි. නමුත්  ඉන් අනතුරුව පිටියට පැමිණි එකම ක්‍රීඩකයෙක්වත් ලකුණු 20 සීමාව ඉක්මවා යන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ දුනනේ නැත.

ඇෆ්ගනිස්ථානය ලකුණු 144කට කඩළු 08ක් දැවී ඉනිම නිමා කළේය.

වනිඳු හසරංග යළිත් සිය විශිෂ්ට පන්දු යැවිමේ විලාශය ග්‍රහණය කරගත්තේය. ඔහු පන්දු ඕවර 4 තුළ දී ලබා දුන්නේ ලකුණු 13කි. කඩුළු 03ක් ලැබුවේය.

වනිඳුගේ අමතක නොවන පන්දු යැවීම

ලහිරු කුමාර ලකුණු 30ට කඩුළු 02ක් ලැබුවේය. කසුන් රාජිත එක් කඩුල්ලක් සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් ලැබුවේය.

පිළිතුර ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ගේ සම්බන්ධතාවය ලකුණු 12 දී බිඳ වැටිනි. පැතුම් හතරේ පහර 02ක් සමග ලකුණු 10ක් ලබා සිටිය දී දැවී ගියේය. අනතුරුව පිටියට පැමිණි ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා ගෙන ගිය විශිෂ්ට නියමුවා වූයේය.

ඔහු එක් අන්තයක් විශ්වාසනීයව රැක ගනිමින් පන්දු 42ක් තුළ දී ලකුනු 66ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර හයක් සහ හයේ පහර  දෙකක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් පන්දු 27ක දී ලකුණු 25ක් ලබා සිටිය දී රෂීඩ් ඛාන්ට ගොදුරු විය.

චරිත් අසලංක පන්දු 18ක දී එක් හතෙර් පහරක් සමග ලකුණු 19ක්, භානුක රාජපක්ෂ පන්දු 14ක දී හතරේ පහර තුනක් සමග ලකුණු 18ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.3 ක දී ලකුණු 144 ජයග්‍රාහී ඉලක්කය ඉක්මවා ගියේය.

තරගයේ වීරයා ලකුණු 13ක කඩුලු 03ක් දවාගත් වනිඳු හසරංගය.

සුපිරි 12 වටයේ 1 ඛාණ්ඩයේ ලකුනු සටහන

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුරගේ අණින් කුරුඳුමලේ විහාරයේ ඉඩම් මුලතිව් මිනිස්සුන්ට බෙදා දෙන්න තීන්දු වෙයි!

Next Post

මිලි මීටර 100 ඉක්මවන ගිගිරුම් සහිත තද වැසි….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.