අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියානුවො පළමු එක් දින තරගයෙන් කඩුළු 02ක ජයක් ලබති….

by editor
ජූනි 14, 2022
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාව කඩුළු 02ක තියුණු ජයග්‍රහණයක් ලැබුවේය. ඒ ජයග්‍රහණය දෙපසටම දෝලනය වෙමින් තිබූ තරගක අවසන් හඹා යෑමේ ඉලක්කය පහසුවෙන් ලබා ගනිමිනි. පන්දු 09ක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියානුවෝ අවසානයේ දී ඉලක්කය අත්පත් කරගත්හ.

පල්ලකැලේ දී අද (14) ප්‍රේක්ෂකයෝ ආකර්ෂණීය තරගයක් නැරඹූහ. කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු මුලින්ම පන්දුවට පහර දීම තේරූහ.

ඔස්ට්‍රේලියාවට ලැබුණේ ලකුණු 301ක පහසු නොවන ඉලක්කයකි. ඒ ඉලක්කය වර්ෂාව ඇද හැලීමත් සමග තවත් තියුණු විය. ඩක් වර්ත් ලුවිස්  න්‍යායට අනුව  ජයග්‍රහණය පන්දු ඕවර 44ක දී ලකුණු 282 තෙක් ලඝු විය.

ඔස්ට්‍රේලියාවෙන් ගිලිහී යමින් තිබූ තරගය ග්ලෙන් මැක්ස්වෙල් විශිෂ්ට ලෙස නිසි මගට ගත්තේය. ඔහු පන්දු 51 තුළ නොදැවී ලකුණු 80ක් ලැබුවේය.  එය කදිම පිතිකරණයකි.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්ටීවන් ස්මිත්  පන්දු 60 ක දී ලකුණු 53ක්, ආරොන් ෆින්ච් පන්දු 41ක දී ලකුනු 44ක්, මාර්කස් ස්ටොනික් පන්දු 31ක දී ලකුණු 44ක් ලැබූහ.  විශිෂ්ටම පන්දු යැවීම වනිඳු හසරංග ගේ ය. ඔහු පන්දු ඕවර 9 තුළ ලකුණු 58කට කඩුළු 04ක් බිඳ හෙළුවේය.  අද එක්දින වරම් ලද දුනිත් වෙල්ලාලගේ පන්දු ඕවර 7ක් යවා ලකුණු 49කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. මහීෂ් තීක්ෂන පන්දු ඕවර 8ක් යවා ලකුණු 51කට කඩුල්ලක් බිඳ හෙළුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කුසල් මෙන්ඩිස්..

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිට පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 300 ක් ලබා ගත්තේය.

ඔස්ට්‍රේලියානු  කණ්ඩායමට  ලකුණු 301 ඉලක්කයක් හිමි වී තිබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන්  විශිෂ්ට ආරම්භයක් ලබා ගත් පැතුම් නිශ්ශංක සහ ධනුෂ්ක ගුණතිලක පළමු කඩල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවයක් ගොඩනැගූහ.  ධනුෂ්ක ගුණතිලක මුල් කඩුල්ල ලෙස ලකුණු 55කට දුවද්දී දැවී ගියේය. ඔහු පන්දු 53ක දී සිය ලකුණු 55 වාර්තා කළේය.

පැතුම් නිශ්ශංක පන්දු 68ක දී ලකුණු 56ක්, කුසල් මෙන්ඩිස් පන්දු 87ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමග ලකුණු 86ක් චරිත් අසලංක පන්දු 42ක දී ලකුණු 37ක් වනිඳු හසරංග හතරේ පහර 6ක් සමග පන්දු 19ක දී ලකුණු 37ක්  ලබාගෙන තරගය  ගෞරවාන්විත ඉලක්කයක් වෙත රැගෙන ගියහ.

පන්දු යැවීමේ දී  ජොස් හසෙල්වුඩ්, ජේයි රිචඩ්සන්, එක කඩුල්ල බැගින් ද, ඇෂ්ටන් ආගර් සහ මානස් ලෙබුස්චාග්න් කඩුළු දෙක බැගින්ද බිඳ හෙළූහ

කෙසේ වෙතත් ග්ලෙන් මැක්වෙල්ගේ විශිෂ්ට පිති හරඹය ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළේය. ඔහු අවසන් පන්දු දෙකට හයේ පහර දෙකක් එල්ල කරමින් දුෂ්මන්ත චමීර පලවා හැරියේය.  පන්දු 51 දී ඔහු ලබා ගත් විශිෂ්ට ලකුණු 80ත් සමග පන්දු 09ක් ඉතිරිව තිබිය දී  ඔස්ට්‍රේලියානුවෝ ඉලක්කය ලබා ගත්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දන්සැලක දී ඇද වැටී පුද්ගලයෙක් මරුට…

Next Post

පොහොට්ටුවේ සහාය 21  දෙන්න නම් ඉන්  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි…. මහින්ද රාජපක්ෂ

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.