සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔස්ට්‍රේලියාව මුල් වටයේදීම විසිවීමේ දොරටුවට ගෙනා ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට ප්‍රහාරය… කඩුළු 08කින් ඔස්ට්‍රේලියාව පැරදුන හැටි!

by editor
පෙබරවාරි 16, 2026
in ක්‍රීඩා
පැතුම් ලකුණු 100 යි...

පැතුම් ලකුණු 100 යි...

Share on FacebookShare on Twitter

පට්ට පදුරු ලෙස අතාර්කික වනවිට මිනිස්සු  වියරු  වැටී කෑ ගසමින් සිය හදවත් මළගෙවල් කරගනිමින් ඉල්ලුවේ මෙන්න මේ ක්‍රිකට්ය.  අද පල්ලේ කැලේ මගුල් ගෙයක් වී ඇති දකින්නට ආරාධනා කරමු. මේ රටේ මිනිස්සුන් සාමුහිකව හඬවන්නට හෝ සිනා ගන්වන්නට ක්‍රිකට් ක්‍රීඩාවට අධ්‍යාත්මිකව බැඳී ඇති අයුරු දන්නා කිසිවෙක් ක්‍රිකට් සෙල්ලමක් ලෙස ගන්නේ නැත.

මුලින්ම කියන්නට ඇත්තේ උඹලාට ස්තුතියි කියාය. මෙච්චරකල්  මහා හයියෙන් බැණ අඬගසමින් අප ඉල්ලුවේ මේ ක්‍රිකට්ය.

ඔස්ට්‍රේලියාව තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට ඇද දැමීමේ අවදානමක තබා  ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ දී ඕස්ට්‍රේලියාව කඩුළු 08කින් පරාජය කළේය.  හඹා යෑමට අසීරු බව ජාත්‍යාන්තර විචාරකයින් අපට කී ලකුණු 181ක ඉලක්කය කඩුළු 02ක් පමණක් දැවී  පන්දු ඕවර 18කින් ලබා ගත්තා පමණක් නොව ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක  අවසන්  පන්දු ඕවරය තෙක් එක් අන්තයක රැඳෙමින් ලකුණු 100ක් රැස් කරගත්තේය.  ශතක අපේක්ෂා නොකළත් එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් ආරම්භක පිතිකරුවන් තිදෙනාගෙන් කෙනෙක් තරගයක් අවසන්වනතුරු ඇදගෙන යෑම ගැන ක්‍රිකට් බලන හැම එකාම පාහේ අඳෝනා නගමින් ඉල්ලා සිටියහ.  අද එය ලැබිනි.

ඔස්ට්‍රේලියාව ලබා දුන් අභියෝගය

එය තිගස්වන සුළු ආරම්භයක් විය. කාසියේ වාසිය දිනාගෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කර මුල් පන්දු ඕවර කීපය යනවිට අපට හිතුනේ මේ ගැහිල්ල කොතැනින් කෙළවරනු ඇතිදැයි කියයා. නිසැක ලකුණු 200 ඉක්මවා යෑමක් ගැන බොහෝ දෙනා කතා කළහ. ආරම්භක පිතිකරු මිචෙල් මාෂ් සහ ට්‍රෙවිස් හෙඩ් අතර  පළමු කඩුල්ල වෙනුවෙන් සම්බන්ධතාවය ලකුණු සියය ඉක්ම වූයේය. පළමු කඩුල්ල දැවී යනවිට මුළු ලකුණු ගණන 104කි. යවා තිබුණේ පන්දු ඕවර 8 යි පන්දු 3ක් පමණි. ට්‍රෙවිස් හෙඩ් පන්දු 29ක දී ලකුණු 56ක් ලැබුවේය. ඊට හතෙර් පහර 07කි. හයේ පහර 03කි. මිචෙල් මාර්ෂ් ලකුණු 56ක් ලැබුවේය. ඒ පන්දු 54ක් තුළය. ඊට හතරේ පහර 08කි. හයේ පහර දෙකකි. ඔහු හය වෙනි පන්දු ඕවරය යවමින් සිටි මහීෂ් තීක්ෂණට හතරේ පහර 05ක් එල්ල කරමින් එම පන්දු ඕවරය තුළ ලකුණු 20ක් ලබා ගැනීම තරගයේ මුල් කාර්තුවේ  මුළු ප්‍රේක්ෂාගාරයම භීතියට පත් කරනු දුටුවෙමු.

මිචෙල් මාෂ් සහ ට්‍රෙවිස් හෙඩ් අතර  පළමු කඩුල්ල වෙනුවෙන් සම්බන්ධතාවය ලකුණු 104කි…

එහෙත් දඟ පන්දු යවන්නන් හඳුන්වා දීමත් සමග තරගයේ රිද්මය ඔස්ට්‍රේලියාවෙන් ගිලිහී ගියේය. දුෂාන් හේමන්ත ශ්‍රි ලංකාව වෙනුවෙන් කඩුළු දඩයම ආරම්භ කළේය. ඒ ට්‍රෙවිස් හෙඩ් ගේ කඩුල්ල දවා ගනිමිනි. දුෂාන් සිය විස්සයි විස්ස අන්තර්ජාතික තරගවල හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 37කට කඩුළු 03ක් ලැබීය. දුෂ්මන්ත චමීර ලකුණු 36කට කඩුළු 02කි. ඔහුගේ අවසන් පන්දු ඕවරය අති විශිෂ්ට එකක් විය. මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුල්ලක් ලැබුවේය. මුලින් කී අයුරින් ඔහුගෙන් ලකුණු 20ක් ම  ගිලිහී ගියේ එක් පන්දු ඕවරයක දී ය. 19 වැනි පන්දු ඕවරය යැවූ මහීෂ් තීක්ෂණ  ඔස්ට්‍රේලියානු පිතිකරණය මුලුමනින්ම පාලනය කළේය. දුනිත් වෙල්ලාලගේ ලකුණු 33කට එක් කඩුල්ලක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 19කට කඩුළු 02ක ලැබුවේය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පළමු කඩුල්ල පන්දු ඕවර 8.3 දී ලකුණු 104කට දැවී ගිය පසු ඉතිරි කඩුළු 09 ම පන්දු ඕවර11.3ක් තුළ ලකුණු 77කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මේ වික්‍රමය කරන්නේ සිය පළමු පන්දු ඕවරයවත් සම්පූර්ණ කරගත නොහැකිව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යැවීමේ බලාපොරොත්තුව වූ මතීෂ පතිරණ අබාධයකට ලක්ව  පිටියෙන් ඉවත්ව යද්දීය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක එක දඟ පන්දු යවන වනිඳු හසරංග ආබාධයකට ලක්ව ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්ව සිටිද්දීය.

මුළු තරගය පුරාම අවස්ථා දෙකක දී හැර අත් දුටුවේ කදිම පන්දු රැකීමකි. ග්ලෙන් මැක්ස්වෙල් දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ  ලබා දුන් සාපේක්ෂව පහසු උඩපන්දුවක් පැතුම් නිශ්ශංක අතින් කිසිවෙක් අපේක්ෂා නොකළ ආකාරයෙන් ගිලිහී යෑම ඉන් එක් අවස්ථාවකි. නමුත්  දුෂාන් හේමන්ත යැවූ පන්දුවකට මේ තරගාවලියේ මෙතෙක් දුටු විශ්මය ජනක උපන්දු රැකීමක් සිදුකර පැතුම් නිශ්ශංක විසින් ග්ලෙන් මැක්ස්වෙල් දවා ගත්තේය.

පැතුම්ගේ විශ්මය ජනක උඩපන්දු රැකීම…

අනෙක් අවස්ථාව දුෂාන් හේමන්ත යැවූ  තරගයේ 11වැනි ඕවරයේ 05 වැනි පන්දුවේ දී  කුසල් මෙන්ඩිස් අතින්  ගිලිහී ගිය ස්ටම් කිරීමේ අවස්ථාවය. මේ අවස්ථා දෙක හැරුණු විට මුළු තරගය පුරාම අප දුටුවේ කාලයකින් පසු දකින උද්‍යෝගීමත් අපේක්ෂා සහිත ජීවය පිරුණු අප ආදරේ කරන ක්‍රිකට්ය.  ඉමක් නැති ගමනක් යන්නට ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 181කට සීමා විය.

හඹා යෑම

එය විශ්මයජනක පිතිකරණයක් බව කිව යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු 181ක  ඉලක්කය පන්දු ඕවර 18ක දී පූරණය කළේය.

මේ ලෝක කුසලානයේ මෙතෙක් පිතිකරුවෙක් ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය පැතුම් අද ලබා ගත්තේය. ඒ ඔහු අද ලැබූ ලකුණු 100 ය.  පැතුම් සිය විස්සයි 20 තරගයක දී ලබා ගත් දෙවැනි ශතකය මෙයය. ඔහු එම ශතකය ලබන්නේ පන්දු 52කිනි. පවර් හිටින් යනු ඇඟේ හයියට ගහන ගැහිල්ලක් නොවන බව  ලෝකයට තේරුම් කර දෙන හොඳම ඉනිම පැතුම් අද ක්‍රීඩා කළේය. ඔහු මේ ශතකයට හතරේ පහර 10ක් සහ හයේ පහර 05ක් එල්ල කර තිබිණි. තාක්ෂණික ක්‍රීඩා විලාශයේ රිද්මය නිරායාශයෙන් මතුවනවිට  හතරේ සීමාට උඩින් පහරක් එල්ල කිරීම කුඩා තට්ටු කිරීමක් වුවද ප්‍රමාණවත් බව පැතුම් “පවර් හිටිං”  ඔස්තාද්ලාට කියා දුන්නේය.

කුසල් සහ පැතුම් අතර ඇති වූ අනගි සම්බන්ධය…

කමිල් මිෂාර වෙනුවට කුසල් ජනිත් පෙරේරා ආදේශ කිරිමට කලබල වුනා වැඩිදැයි හිතෙන ආකාරයට ඉනිමේ දෙවැනි ඕවරයේ දී  එක් ලකුණකට ඔහු දැවී ගියේය. ඒ වනවිට කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 08 කි. එතැන් සිට පැතුම්ට එක් වුන කුසල් මෙන්ඩිස්  වර්ණවත් පිතිකරණයක නිරත වූ අයුරු ආනන්දයෙන් යුතුව බලා සිටියෙමු. ඔහු ඉතාම සංයමයකින් හා තමන් පිළිබඳව දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව දියත් කළ ප්‍රහාරය  ඔහුගේ විස්සයි 20 ඉනිම් අතර හොඳම ඉනිමක් නිර්මාණය කළේය.  මේ ජයග්‍රහණය වෙනුවෙන් මූලික අඩිතාලම  කුසල් ලබා ගත්  අර්ධ ශතකයෙන්  ලැබිණි.    කුසල් මෙන්ඩිස් පන්දු 38ක දී හතරේ පහර 06ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 51 ලැබුවේය.  පැතුම් සහ කුසල් අතර ඇති වුන සම්බන්ධතාවය  ලකුණු 97කි.

ඉන් අනතුරුව  පිටියට පැමිණි අංක 04 ක්‍රීඩක පවන් රත්නායක යළිත් වරක් සිය අනන්‍ය පෞරුෂය තහවුරු ක‍ළේය.  පවන් හතරේ පහර 06ක් සමග පන්දු 15ක දී ලකුණු 28කි. තුන්වන කඩුල්ල වෙනුවෙන් පවන් සහ පැතුම් අතර ලකුණු  79ක නොබිඳුන සම්බන්ධතාවයක් ඇති වූයේය

ඔස්ට්‍රේලියාව ලබා දුන් ලකුණු 181ක අභියෝගය පන්දු ඕවර 18ක් තුළ පූරණය කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ.

කාලෙකින් පසු අපට ජීවිත ආශ්වාදයක්  ලබා දුන්නාට නැවත වරක් ස්තුති කරමින් මේ සටහන නිමා කරන්නේය. මක්නිසාද යත් ඔස්ට්‍රේලියා කණ්ඩායමකට කුජීත වෙන්න ගහන එක ක්‍රිකට් ලෝලීනට වෙනම ආශ්වාදයක් උත්පාදනය කරන බැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ට තියන ඕන ගැටලුවක් විසඳන්න පුලුවන්… එත් GMOA එකට තියන දේශපාලන ගැටලුව විසඳන්න බෑ… සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති කියයි!

Next Post

ධීවරයින් අතර ගැටුමක්… වඩමරච්චි ධීවරයින්ගේ කෝටි දෙකකට වඩා වටිනා දැල් ගිනි තබා විනාශ කරයි..

Related Posts

Argentina-England-WCup-Soccer-3
ක්‍රීඩා

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026
ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.