සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

2018 ට පසු ලංකාව විස්සයි 20 තරගයකින් ඉන්දියාව පරදවයි… දෙවන විස්සයි 20න් ලංකාවට කඩුළු 04ක ජයක්…

by editor
ජූලි 29, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක විශිෂ්ට ජයග්‍රහණයක් ඊයේ වාර්තා කළේය. ඒ වර්ෂ 2018න් පසු මුල්ම වරට ඉන්දියාවට එරෙහිව විස්සයි 20 තරගයක් ජයග්‍රහණය කරමිනි.

ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණ ලබා ගන්නේ කෙත්තාරාම ජාත්‍යාන්තර ක්‍රීඩා පිටියේ දී සිය දෙවන විස්සයි 20 තරගයෙන් ඉන්දියාව කඩුළු 04කින් පරාජය කරමිනි

මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දියානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 05ක් දැවී ලකුණු 132ක් රැස් කළේය.

ඉන්දියානු ඉනිම ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තියුණු ලෙස පාලනය කළහ. ඉන්දියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ශිකර් දවාන්ය. ඔහු පන්දු 42ක දී ලකුණු 40ක් ලබා ගත්තේය. එම ලකුණු 40ට හතරේ පහර 5ක් ඇතුළත් විය.

ඉන්දීය ඉනිමේ දෙවැනි ලකුණු ලාභියා වූයේ දෙව්දූත් පඩික්කාල්ය. ඔහු ලකුණු 29ක් ලබා ගත්තේය. පන්දු 23ක් තුළ ලබා ගත් ඒ ලකුණු 29ට අයත් වූයේ එක් හතරේ පහරක් හා එක් හයේ පහරක් පමණි. රුතුරාජ් ගයික්වාඩ් පන්දු 18ක දී ලකුණු 21ක් ලබා ගත්තේය.

දසුන් ශානක පන්දු යවන්නන් 08 දෙනෙක් මෙම ඕවර විස්ස යැවීමට භාවිත කළේය. දුෂ්මන්ත චමීර පන්දු වාර 04ම යවා ලබා දුන්නේ ලකුණු 23කි. එක් කඩුල්ලක් දවා ගත්තේය. මුල් තරගයේ දැඩි ප්‍රහාරයකට ලක් වූ අකිල ධනංජය පන්දුවරා 4ම යවා ලකුණු 29ක් දී කඩුළු 02ක් ලබා ගත්තේය. වනිඳු හසරංග පන්දුවාර 04 යවා ලකුණු 30කට කඩුල්ලක් දවා ගත්තේය. දසුන් ශානක පන්දු ඕවර 2ක් යවා ලකුණු 14ට කඩුල්ලක් දවා ගත්තේය.

ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූයේ අවිශ්ක ප්‍රනාන්දු හා මිනොද් භානුකය. ආරම්භ පිතිකරු යුවලේ සබඳතාවය බිඳවැටෙන්නේ රාහුල් චහාර් විසින් ලබා ගත් මනරම් උඩපන්දුවකිනි. අවිශ්ක ප්‍රනාන්දුගේ පිත්තෙන් එල්ල වුණු ලකුණු හයක් වීමට තිබූ පහරක් රාහුල් උඩපන්දුවක් බවට පරිවර්තනය කරගත්තේය.

අනතුරුව මිනෝද් භානුකට එකවුණු සධීර සමරවික්‍රම සාර්ථක වූයේ නැත. ඔහු කුල්දීප් යාදේව් ගේ පන්දුවකට මුලුමනින්ම හසුවිය. පන්දුව කඩුල්ලේ දැවටිනි. ලකුණු 39ක් වී තිබිය දී දෙවන කඩුල්ල බිඳවැටිනි. හයවන පන්දු ඕවරයේ අවසන් පන්දුවේ ඔහු දැවී ගියේය.

අනතුරුව මිනොද් භාණුකට එක් වූයේ නායක දසුන් ශානකය. ඔහුගේ එතරම් අවිශ්වාසනීය දුර්වල පිතිකරණයක් මෑතක දී දුටුවෙ නැත. කුල්දීප් යාදේව්ගේ පන්දුවකට එක් වරක් මුලුමනින්ම පරාජය වී දැවී යාමට ආසන්නව තැනකටම ගිය ශානක අවසානයේ ඔහුට ළදරුවෙක් සේ ගොදුරු විය. ඒ ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට ගොස් පූර්ණව පරාජය වී කඩුලු රකින සිම්සන්ගේ ස්ටම්ප් කිරීමකට ලක් වීමෙනි. ලකුණු 55කට කඩුළු 3ක් බිඳ වැටිනි. ධනංජය ද සිල්වා මිනෝද් භානුක හා එක් විය.

අනතුරුව හොඳින් පන්දුවට පහරදෙමින් සිටි මනෝද් භානුක කුල්දීප්ටම ගොදුරු වූයේය. ඒ රාහුල් චහාර් වෙත පහසු උඩපන්දුවක් ලබා දීමෙනි. පන්දු ඕවර 11යි පන්දු 04ක දී ලකුණු 66ට කඩුළු 04ක් දැවී ගියේය.

මිනෝද් භාණුක දැවී ගිය පසු ධනංජය ද සිල්වාට එක් වූ වනිදු හසරංග පන්දු 11 දී හතරේ පහර 2ක් සමග ලකුණු 15ක් ලබා ගත්තේය. පස්වන කඩුල්ල ලෙස වනිඳු හසරංග දැවී ගියේය. වනිඳු හසරංග රාහුල් චහාර්ට ගොදුරු වනවිට ලකුණු පුවරුව පන්දු ඕවර 14ට ලකුණු 94කි. කඩුලු 05ක් දැවී ගොස්ය.

ජයග්‍රහණය ගිලිහෙමින් ඇතිදෝයි සිතිනි. ධනංජය ද සිල්වා එක් අන්තයක් ආරක්ෂා කරගෙන වෘත්තීය පිතිකරණයක නිරතවෙමින් සිටියේය. වනිඳුගෙන් පසු පිටියට පැමිනි රමේෂ් මෙන්ඩිස් පිතිකරණයට කිසිම හැකියාවක් නොපෙන්වාම ලකුණු 2කට දැවී ගියේය. එවිට ලකුණු පුවරුව 105කි. පන්දු ඕවර 17යි පන්දු 2කි.

ජයග්‍රහණය අපේ කණ්ඩායමෙන් දුරස් වෙමින් ඇති මොහොතක චාමික කරුණාරත්න පිටියට පැමිණියේය. ඔහු පන්දුට පහරදීම ආරම්භ කළේ බුවනේෂ් කුමාර්ගේ පුල්ටොස් පන්දුවකට දැවැන්ත හයේ පරහක් එල්ල කරමිනි. ජයග්‍රහණය පිළිබඳ මුල්ම බලාපොරොත්තුව ගෙනාවේ චාමික විසින් එල්ල කළ ඒ දැවැන්ත හයේ පහරය.

අනතුරුව ධනංජය සිය පිතිකරණයේ පරිණතිය ප්‍රකට කරමින් ඉන්දියානු පන්දු යවන්නන් විකල් කළේය. ඔහු සිය එකම හයේ පහර එල්ල කළේ අවශ්‍යම අවස්ථාවේ දීය. ධනංජය පන්දු 34ක දී ලකුණු 40ක් නොදැවී ලබා ගත්තේය. ඔහුගේ ලකුණු 40ටම ඇතුළත් වුනේ එක් හයේ පරහක් හා එක් හතරේ පහරක් පමණි. තරගයක් ජයග්‍රාහීව නිමාකරණ පිතිකරුවෙක් සතුව තිබිය යතු ශික්ෂණය ධනංජය පෙන්වා දුන්නේය.

චාමික මනරම් පිතිකරණය නිරත වෙමින් පන්දු 06ක දී ලකුණු 12ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19යි පන්දු 04ක දී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ඉන්දීය කණ්ඩායමට එරෙහිව විස්සයි විස්ස තරග ජයක් වාර්තා කර ඇත්තේ 2018 වසරේදීය.

දෙරට අතර මේ දක්වා පන්දුවාර විස්ස තරගාවලි 07ක් පවත්වා ඇති අතර ඉන් තරගාවලි 06ක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වූයේය. එක් තරගාවලියක් අවසන් වුයේ ජය පරාජයෙන් තොරවයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ඉන්දීය කණ්ඩායමට එරෙහිව පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වී නැත.

ඉන්දියාව සමග මුල්ම එක්දින තරගාවලිය ජයග්‍රහණය කරමින් ඉතිහාසගත වන්නට දසුන් ශානකට දැන් අවස්ථා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

භූතානයේ 90%කට කොවිඩ් එන්නත් දී අවසන්

Next Post

අඩි 06ක් දිය මුහුදු ඌරෙක් යාපනයේ වෙරළකට ගොඩගසයි…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.