දිනසේන රතුගමගේ –
යාපනයේ වේලනෙයි සාට්ටික් මුහුදු වෙරළට මියගිය විශාල මුහුදු ඌරෙකුගේ මළ සිරුරක් ඊයේ ( 28 ) ගොඩ ගසා තිබේ.
මෙම මුහුදු ඌරා දිගින් අඩි හයක් පමණ වන අතර කිලෝ ග්‍රෑම් 250 ක් පමණ බර වූ අතර පළාතේ ධීවරයින් පිරිසක් විසින් මුහුදු ඌරාගේ මළ සිරුර දැක ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දී තිබේ.
ධීවර නිලධාරීන් හා වන ජීවී නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණ වලදී මුහුදු ඌරා මියයාමට හේතුව පැහැදිලිව සොයා ගැනීමට නොහැකි වීම නිසා ශරීර කොටස් කීපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ.
වේලනෙයි ප්‍රාදේශීය සභාවේ මැදිහත් වීමෙන් මුහුදු ඌරාගේ ඉතිරි වූ මළ සිරුරු කොටස් වළ දමා ඇත.