අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සෙල්ලම් කරන්න කට්ටියත් නැතිව ලොකුම පිට්ටනි හැදීම පලක් නැතැයි මහේල කියයි

හෝමාගම ඉදිකරන්නට යන නව ජාත්‍යාන්තර ක්‍රීඩාංගනයට ඇමරිකානු ඩොලර් මිලියන 40ක අතර වියදමක්

by editor
මැයි 19, 2020
in ක්‍රීඩා
Homagama Stadium
Share on FacebookShare on Twitter
Mahela Jayawardhana
මහෙල ජයවර්ධන

ශ්‍රී ලංකාවේ සැදීමට නියමිත අටවැනි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෙවත් මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය කණගාටුව පළකරමින් ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ. ඔහු පෙන්වා දෙන්නේ මෙතරම් ක්‍රිකට් ක්‍රීඩාංගණ තිබියදී තවත් ක්‍රීඩාංගණයක් අවශ්‍යද යනුවෙනි.
මහේල ජයවර්ධන විසින් පසුගිය කාලයේ සකස් කළ ක්‍රිකට් සැලැස්මද ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ක්‍රියාත්මක නොකළ අතර එහිදී ඔහු යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සැලසුම් සකස් කිරීමට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර සිටියේය. හැමදාමත් සැලසුම් සකස් කළද ඒවා ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මහේල සිය කණගාටුව එදා පළ කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය වෙනුවෙන් මාස කිහිපයක් මහන්සි වී සකස් කළ ක්‍රිකට් සැලැස්ම හමස් පෙට්ටියට යෑම නිසාය.
ඉන්දියාවටත් වඩා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ශ්‍රී ලංකාවට තිබේ. විදෙස් කණ්ඩායමක් පැමිණි පසුව ක්‍රීඩාකරනු ලබන්නේ, ආර්.ප්‍රේමාදස, එස්.එස්.සී., ගාල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට ක්‍රීඩාංගණවලය. බොහෝ විට දඹුල්ල සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තරග පවත්වනු ලබන්නේ ආණ්ඩු මාරු වූ පසුව බව මෙරට ක්‍රිකට් ලෝලීහු හොඳින්ම දනිති. ඒ අනුව තවත් ක්‍රිකට් ක්‍රීඩාංගණ මොකටද? යන ප්‍රශ්නය මහේල විසින් විමසනු ලබන්නේ ඔහු ක්‍රිකට් ගැන හොඳින්ම දන්නා හිටපු නායකයකු සහ වත්මන් පුහුණුකරුවකු වන නිසාය.
“අපිට දැනට තියෙන ක්‍රීඩාංගණ සංඛ්‍යාව අනුව ජාත්‍යන්තර හෝ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරග ක්‍රීඩා කරන්නේවත් නැතිව තවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් අවශ්‍යද?’ යන්න මහේල විසින් ට්විටර් ගිණුමේ සටහන් තබමින් ප්‍රශ්න කර තිබේ.
දැනට ශ්‍රී ලංකාවේ පරිහරණය කරනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ හත ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස, එස්.එස්.සී., පී.සරා ඕවල්, ගාල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ, දඹුල්ල සහ පල්ලකැලේ යන ජාත්‍යන්තර ක්‍රීඩාංගණ හැඳින්විය හැකිය. අතීතයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වු මොරටුව ටිරෝන් ප්‍රනාන්දු (ද සොයිසා) සහ අස්ගිරිය ක්‍රීඩාංගණ දැන් එම තත්ත්වයේ නොමැත. එසේ තිබියදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අවශ්‍යදැයි ක්‍රිකට් ප්‍රවිණයෝ බොහෝ දෙනකු ප්‍රශ්න කර සිටිති.
රජය විසින් ලබාදී ඇති අක්කර 28ක භූමියක ඉදිකරන මෙම ක්‍රීඩාංගණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 ත් 40 ත් අතර වියදමක් යන බවට ක්‍රිකට් ආයතනය පවසයි. එහිදී ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 15 ක ණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලබා ගැනීමට සිදුවන බවද ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර සිටියි. ක්‍රීඩාංගණයේ වැඩකටයුතු වසර තුනක් ඇතුළත අදියර දෙකකින් නිම කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ දැනට ඇති ආර්.ප්‍රේමදාස, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂකයන් 35000 කට තරග නැරඹීමේ පහසුකම තිබේ. දිවා රාත්‍රී ක්‍රීඩාංගණයක් වශයෙන් සකස් කරන හෝමාගම ක්‍රීඩාංගනයේ පළමු අදියර නිමා වන විට ප්‍රේක්ෂකයන් 40,000 කටත් දෙවන අදියර අවසන් වන විට තවත් ආසන 20000 ක් ඇතුළුව නරඹන්නන් 60,000 කට අසුන් ගත හැකි සකස් කිරීමටද සැලසුම් කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රීඩාංගණ අටක්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඉවත් කළ ක්‍රීඩාංගණ දෙකක් සහ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩාංගණ 12 ක් පමණ තිබියදී තවත් ක්‍රීඩාංගණ ඉදිකිරීමට ඩොලර් මිලියන ගණන් වියදම් කිරීම ගැන අදාළ පාර්ශ්ශව දෙවරක් සිතිය යුතුව ඇත. ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රීඩා සමාජ ඇත්තේ 24 කි. එම ක්‍රීඩා සමාජවල බොහොමයක් තරග එන්.සී.සී., එස්.එස්.සී., පී. සරා ඕවල්, කෝල්ට්ස්, බී.ආර්.සී., ගාල්ල, පානදුර, මග්ගොන සරේ, මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණය, කටුනේරිය ක්‍රීඩාංගණය, හොරණ සහ වෙලගෙදර යන ක්‍රීඩාංගණවල තරග පවත්වනු ලබයි.
ශ්‍රී ලංකාවේ පවති ක්‍රීඩාංගණ නඩත්තුව සඳහා විශාල වියදමක් යන අතර 2011 වසරේ සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය නාවික හමුදා විසින්ද, පල්ලකැලේ ක්‍රීඩාංගණය ගුවන් හමුදාව විසින් සහ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යුද හමුදා විසින් නඩත්තු කරනු ලබයි.
හෝමාගම ක්‍රීඩාංගණ නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු නිළධාරීන් පිරිසක් පසුගියදා එහි සංචාරය කළේය. එහිදී කඩිනමින් ක්‍රීඩාංගණය සකස් කරන අයුරු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ අවධානය යොමු වුවද ඒ සඳහා යන වියදම් සොයා ගත යුත්තේ ක්‍රිකට් ආයතනය විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රීලනිපය හැර නොයන බව සහතික කරන ලියැවිල්ලට අත්සන් නොකර තිලංග මාරු වෙයි

Next Post

සුළි කුණාටුවකින් උතුරේ පවුල් 84 ක් විපතට….

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.