කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් වන Sequoia Consultants, Inc ආයතනය ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම භාර ගැනීමට ඉදිරිපත් වී සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් සංවිධායකයින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ දඹුල්ල කණ්ඩායාමේ භාරකාරත්වය ඒ වෙනුවෙන් පිහිටුවා ඇති DeSilva Holdings යටතේ ක්‍රියාත්මක වන බවය.
Sequoia Consultants හි බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ Sequoia Consultants, Inc හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවන වරලත් සිවිල් ඉංජිනේරු ප්‍රියංග ද සිල්වා ය.
හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රියංග ද සිල්වා 1983 වසරේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයෙකි. ඔහු දැනට එක්සත් ජනපද අවුරුදු 60 ට වැඩි මාස්ටර් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.
ඔහු දක්ෂිණ කැලිෆෝනියා යොවුන් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්වේච්ඡාවෙන් කටයුතු කරන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපාර කිහිපයක හිමිකරුවෙකි.
ශ්‍රි ලංකා ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, නව ගැනුම්කරු සමඟ, ලංකා ප්‍රිමියර් ලීග් 2024 ක්‍රිකට් තරඟාවලියේදී කණ්ඩායම “දඹුල්ල සික්සර්ස්” ලෙස හඳුන්වනු ඇත.
මීට පෙර දඹුල්ල තන්ඩර්ස් ලෙස හැඳින්වූ කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් වීමත් සමඟ කණ්ඩායමේ මෙම හිමිකාරිත්වය වෙනස් වුනේය.
LPL ක්‍රීඩක වෙන්දේසියේදී දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම අත්සන් 18ක් සිදු කර දිනකට පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය..
SLC සහ LPL සංවිධායකයින්ගේ සම්පූර්ණ ප්‍රකාශය:








