බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ බීමතින් කළ අවකෙළි හෙළිවෙයි

by Lanka Sara Editor
ජූලි 8, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter
  • මේ අවකෙළි කරඇත්තේ පසුගිය දෙසැම්බරයේ සාග් උළෙල ඉලක්ක කර ජාතික සංචිතයේ පුහුණු වීම්වලදි
  • නේවාසික පුහුණුව ලබලා තිබෙන්නෙ බැඩ්මින්ටන් මූලස්ථානයේ දි
  • පැමිණිලි කර මාස හතක් ගියත් තවම පරීක්ෂණ නෑ..

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයේ ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනකු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් බැඩ්මින්ටන් මූලස්ථානයේ දී නේවාසිකව පුහුණුව ලබමින් සිටියදී අවිනීත හැසිරීමක නිරතවීමේ සිදුවීමක් ‘ලංකාසර‘ට වාර්තා වෙයි.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට පෙර මාසයක් පුරා බැඩ්මින්ටන් සම්මේලන මූලස්ථානයේ දී මෙම නේවාසික පුහුණුවිම් පැවැති අතර රාත්‍රී කාලයේදී එක්තරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් එක්ව සාද පවත්වමින් මත්පැන් පානය කර ඇති බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම සාදවලින් පසුව බැඩ්මින්ටන් යුගල ශූරතා අංශයේ දස්කම් දක්වන ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවක එකම කාමරයක රැය පහන් කර ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘ලංකාසර‘ ට හෙළිදරවු කළේය.

මේ සඳහා දකුණු පළාතේ ප්‍රසිද්ධ පාසලක් නියෝජනය කරන විශිෂ්ට යොවුන් ක්‍රීඩකයකු ද එක්වී සිටි බව ද වාර්තා වෙයි. මේ තිදෙනාම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉහත කී සිදුවීම බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරින් දැනුවත්ව සිටියද, එම සිදුවීමට මාස 7ක් ගතවූවත් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් නොපැවත්වූ බවත් ආරංචි මාර්ග පවසයි.

අදාළ ක්‍රීඩිකාවගේ අවිනීත හැසිරීම බැඩ්මින්ටන් ක්ෂේත්‍රය තුළ ප්‍රකටව ඇති බවත්, ඇය මත්පැනට ලොල්වූ ක්‍රීඩිකාවක බවත් වාර්තා වෙයි.

මීට අමතරව එම සංචිතය බණ්ඩාරවෙල කේන්ද්‍ර කරමින් ද පුහුණු සැසියක් පවත්වා ඇති අතර එහිදී ද මත්පැන් සාද පවත්වා ඇතැයි ද, ඊට බැඩ්මින්ටන් පුහුණු කාර්ය මණ්ඩලයේ නිලධාරියකු ද එක්වූ බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

ජාතික බැඩ්මින්ටන් යුගල ශූරතා දිනා ඇති අදාළ ක්‍රීඩකයා මීට පෙර ද අවිනීතව හැසිරුණු අවස්ථා කිහිපයක් පිළිබඳ වාර්තා වූවත් බලධාරින් ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව එම ආරංචි මාර්ග පවසයි.

එම ක්‍රීඩකයා මීට පෙර එක්තරා අවස්ථාවකදී දැනට ජීවත්ව සිටින වයස්ගතම බැඩ්මින්ටන් නිලධාරියකුට පහත් අයුරින් බැණ වැදීමක් පිළිබඳවත් ‘ලංකාසර‘ට වාර්තා විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගැනීමට සමත්විය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

කුඩු ජාවාරමට සැක ඉහළම නාකොටික් ලොක්කෙක් ගැන සීඅයිඩියේ උකුසු ඇස

Next Post

තෙවරප්පෙරුම මහමැතිවරණ සටනින් ඉවත් වෙයි

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.