සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

යළි යළිත් අසාර්ථක වෙද්දී ක්‍රීඩකයින් කණ්ඩායම තුළ කොන්ක්‍රීට් කිරීම කළ යුතු ද?…

by editor
අගෝස්තු 25, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එමිරේට්ස් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ පැවති පළමු ටෙස්ට් තරගය එංගලන්තය දිනුම්ය. දවස් 04කින් මැච් එක ඉවරය. ශ්‍රි ලංකා කණ්ඩායම කඩුළු 05කින් පරාදය. ජූලි මාසයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 3-0 ක තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් පසු 2024 ගිම්හානයේදී එංගලන්ත කණ්ඩායම තමන් ක්‍රීඩා කළ තරග හතරෙන් හතරම ජය ගත්තේය.

පැතුම් නිශ්ශංක වේගවත්ව පන්දුව පිත්තට එන තණ තීරුවල පිතිකරණයේ විශේෂ කුසලතා සහිත පිතිකරුවෙකි. එහෙත් ඔහුට ටෙස්ට් කණ්ඩායමේ ඉඩක් පසුගිය අවුරුදු 2ක කාලය තුළ ලැබුණේ නැත. පැතුම් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කලේ 2022 ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ජූලි මාසයේ ගාල්ලේ දී ය. එදා සිට පැතුම් බංකුවේය. නිශාන් මධුෂ්ක දිමුත් කරුණාරත්න සහ පළමු කඩුල්ල දැවී ගිය පසු පිටියට එන කුසල් මෙන්ඩිස්ගෙන් මේ තරම් කාලයක් අප ටෙස්ට් අත්හදා බැලීම් කළේය. මෙවැති තණ කීරුවකත් පැතුම්ව බංකුවේ තැබිමේ තියරිය කුමක් දැයි ක්‍රිකට් ලෝකයම ප්‍රශ්න කර තිබිණි. හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් කීවේ තමන්ට නම් එය අදහා ගැනීමට බැරි තින්දුවක් බවය.

කුසල් මෙන්ඩිස් ඔහු කීඩා කළ ආසන්න තරග 05ක ඉනිම 10 තුළ රැස් කරගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. අනෙක් ඒක් ඉනිමකවත් ලකුණු 25 ඉක්මවා ලබා ගැනීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. එහෙත් ඔහු තවමත් කණ්ඩායමේ ය. කෙසේ වෙතත් මේ තරගය තුළ බොහෝ සාධනීය ප්‍රවේශයන් මතු වූ බව කිව යුතුව තිබේ. යළි යළිත් අසාර්ථක වෙද්දී ක්‍රීඩකයින් කොන්ක්‍රීට් කර අතාර්කිකව කණ්ඩායමේ තියා ගැනීම වෙනුවට පළමු පෙළ ක්‍රීඩා කරමින් ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරන ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීම සාධාරණ බවය.

කමිඳු 113යි..

තරගය

කාසියේ වාසිය දිනුවේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඔවුහු පළමුව පිතිකරණය තේරූහ. තරගයේ මුල් කඩුළු 03 ලකුණු 06කට බිඳ වැටිනි. දිමුත් කරුණාරත්න ලකුණු 2කි. නිශාන් මධුෂ්ක ලකුණු 04කි. ඈන්ජලෝ මැතිව්ස් ලකුණු ලබා ගත්තේ නැත.
ඒ් වේගය අනුව අප හිතුවේ කණ්ඩායම ඉතිහාසයේ අඩුම ලකුණු ගණනකට දැවී යෑමේ වාර්තාවට යන බවය. ලකුණු 92ක්වන විට කඩුළු 06ක් දැවී ගියේය. එහෙත් නායක ධනංජය ද සිල්වා එක් අන්තයක් ආරක්ෂා කරගත්තේය. මෙම තරගයේ කාගෙත් අවධානය යොමුවන විශිෂ්ට ඉනිම ගොඩනැගෙන්නේ ඉන් අනතුරුවය. ඒ සිය මංගල තරගය ක්‍රීඩා කරන මිලාන් රත්නායකගෙනි. මිලාන් අඩි 6ක් උස වේගපන්දු යවන්නෙකි. ඔහු සිය භූමිකාවේ වගකීම කුමක් දැයි අපට කියා දුන්නේය. නොම්බර 8 පිතිකරුවා ලෙස පැමිණ ලකුණු 72ක් ලබා ගනිමින් මිලාන් ලෝක වාර්තාවක් තැබුවේය. ඉතිහාසයේ ටෙස්ට් ඉනිමක නොම්බර 8 පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය එයය. ධනංජය ද සිල්වා ලකුණු 74ක් ලැබුවේය. ඔවුන් දෙදෙනා කණ්ඩායම ලකුණු 236ක ගෞරවණීය තැනකට ගෙනාවේය.

ක්‍රිස් වෝකස් ලකුණු 32කට කඩුළු 03කි. ෂොයිබ් බෂීර් ලකුණු 55කට කඩුළු 03කි. ගස් එට්කින්සන් ලකුණු 48ට කඩුළු 02කි. මාර්ක් වුඩ් කඩුල්ලකි.

පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි එංගලන්ත කණ්ඩායම මුල් ඉනිමේ ලකුණු 358ක් ලැබුවේය. ජෙමී ස්මිත් ලකුණු 111කි. එය ඔහුගේ මංගල ශතකය ය. හැරී බෲක් ලකුණු 56කි. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 103ට කඩුළු 04ක් ලැබුවේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 85ට කඩුළු 03කි. විශ්ව ප්‍රනාන්දු ලකුණු 73ට කඩුළු 2කි. මංගල තරගය ක්‍රීඩා කළ මිලාන් රත්නායක ලකුණු 66ට කඩුල්ලකි.

අප දෙවන ඉනිම ආරම්භ කරන්නේ ලකුණු 122ක් පසුපස සිටය. මුල් කඩුල්ල බිඳ වැටෙන්නේ ලකුණු පුවරුවේ ඒකම ලකුණක්වත් සටහන්ව නැති වෙලාවකය. නිශාන් මධුෂ්ක ලකුණු ලැබුවේ නැත. දෙවැනි කඩුල්ල බිඳවැටෙන්නේ ලකුනු 1 දි ය. කුසල් මෙන්ඩිස් ලකණු ලැබුවේ නැත. මේ අසීරු අවස්ථාවේ ඈන්ජලෝ මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. දිමුත් ලකුණු 27කි. මැතිව්ස් ස්වකීය පිතිකරණ පරිනතිය යළිත් පෙන්නුවේය. ඔහු අගනා අර්ධ ශතකයක් ලැබුවේය. ලකුණු 65 ලබා ගැනීමට ඔහු හතරේ පහර දෙකක් සහ එක් හයේ පහරක් පමණක් එල්ල කළේය. පන්දු 145කට මුහුණ දුන්නේය.

පන්දුව අතේ වැදී අබාධයකට ලක් වූ චන්දිමාල් යළි සිය ඉනිම ආරම්බ කරමින් මනරම් ලකුණු 79ක් රැස් කළේය. මේ දෙවැනි ඉනිමේ වටිනාම ක්‍රීඩාව කමිඳු මෙන්ඩිස් ගෙනි. ඔහු ලකුණු 113ක් ලැබුවේය. ඒ් පන්දු 183කට මුහුණ දෙමිනි. ඒක් හයේ පහරක් සහ හතරේ පහර 15ක් ඒ් ඉනිමට ඇතුළත් විය. මෙම ක්‍රීඩාංගනයේ දී රසල් ආනල්ඩ්ට පසු ශතකයක් ලබා ගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කමිඳු ය.

මුල් ඉනිමේ වීරයන් වූ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක පිත්තෙන් සාර්ථක වූයේ නැත. ධනංජය ලකුණු 11කි. මිලාන් ලකුණු 10කි. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 326කට දැවී ගියේය.



පන්දු යැවීමේ දී ක්‍රිස් වෝකර් ලකුණු 58ට කඩුළු 03ක්, මැතිව් පොට්ස් ලකුණු 47ට කඩුළු 03ක්, ගස් ඇට්කින්සන් ලකුණු 89ට කඩුළු 2ක්, මාර්ක් වුඩ් සහ ජෝ රූට් එක් කඩුල්ල බැගින් ලැබූහ.

ජයග්‍රහණය සදහා එංගලන්ත කණ්ඩායමට ලබා ගැනීමට තිබුණේ ලකුණු 205කි. කඩුළු 05ක් පමණක් දැවි එංගලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය වාර්තා කළේය. ජෝ රූට් නොදැවී ලකුණු 62ක් ලැබුවේය. ඒ් සදහා ඔහු එල්ල කර තිබුණේ හතරේ පහර 2ක් පමණි. පන්දු 128කට ඔහු මුහුණ දුන්නේය. ඩෑන් ලෝරන්ස් ලකුණු 34ක්, හැරී බෲක් ලකුණු 32ක්, ජමියි ස්මිත් ලකුණු 39ක් ලැබුවේය.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 25කට කඩුළු 2ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 98කට කඩුළු 2ක්, මිලාන් රත්නායක 31කට කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මන්නාරම රෝහලේදී මියගිය තරුණ උපාධිධාරීනියගේ සැමියා සිය දිවි නසා ගනී!

Next Post

අපට ඉතිරි කරලා තියෙන්නේ උරුලෑවා ගිය පාරක්… ඇඟේ ගාගන්නේ නැතිව මේ පාර අපි සුද්ද කරනම්… අනුර කියයි!

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.