අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බැලුවා ද නොදනිමු… එය වර්ල්ඩ්කප් ගේන්න ගිය අපේ  ක්‍රිකට් සිඟිත්තන් නිවාඩු දමා නැරඹිය යුතු තරගයක්!

by editor
නොවැම්බර් 8, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

එය ක්‍රිකට් බලන අප නොව,  ක්‍රිකට් ගහන්නට ගිය අපේ හිඟන්නන්   කණ්ඩායම නිවාඩු දමා බැලිය යුතු තරගයක් බව විශ්වාස කරමි. ඊයේ (07) වන්කඩේ ක්‍රීඩාංගනයේ ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය ලෙස පැවති  ඇෆ්ගනිස්ථාන ඔස්ට්‍රේලියා තරගය මෑත ඉතිහාසයේ කදිම ක්‍රිකට් පාඩමක් කියා දුන් තරගයක් බැවිනි. 

ඇෆ්ගනිස්ථානය ලබා දුන්  ලකුණු 291 ඉලක්කය හඹා ගිය ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 03කින් දිනුම්ය.  ඔස්ට්‍රේලියාව කඩුළු 03කින් ජයග්‍රහණය කිරීම අහවල් කෙමණක්දැයි අහන්නට ඉඩක් නැත. ඒත් 292ක ඉලක්කයක් හඹා යන කන්ඩායමක කඩුළු 7ක් ලකුණු 91කට දැවි ගිය විට පියවි සිහියෙන් සටින එකෙක්වත්  උන් ජයග්‍රහණය කරනු ඇතැයි සිතන්නේ නැත.  අප සැවෝම  පුරෝකථනය කලේ මේ තරගයෙන් ඇෆ්ගනිස්ථානය දිනනු ඇති බවය.

බිඳවැටෙමින් පරාජයේ දොරට තට්ටු කරමින් සිටින තම රට ජයග්‍රහණයට ඔසවා තබන්නට තරගය අතරතුර මස්පිඩු ආබාධයකට ලක්ව  සිටිය දි සියල්ල දරාගෙන ලකුණු 201ක් නොදැවී ලබා ගත් ග්ලෙන් මැක්ස්වෙල් අපට අපේ ඉතිහාසය මතක් කර දුන් බව ලියා තබමි. මහා වේදනාවන් දරාගෙන රොෂාන් මහානාම, අර්ජුණ රණතුංග, වැනි ක්‍රීඩකයින් අපට ජයග්‍රහණ ගෙන් දුන් අයුරු මතකය.  ඒවා දකින්නට දැන් මේ ක්‍රිකට් ගහන උන්ගෙන් කීදෙනෙක් හිටියාදැයි දන්නේ නැත.

කෙසේ වෙතත් අන්තිමට ලෝකයේ හොඳම ටෙස්ට් ඉනිම ක්‍රිඩා කරමින් කුසල් ජනිත් මේ අකාරායේ වික්‍රමාන්විත ජයග්‍රහණයක් ටෙස්ට් තරගයක දී අපට ගෙනත් දුන්නේය. කුසල් ජනිත් මේ කණ්ඩායමෙත් ඉන්නේය. ඒත් දැන් ඔහුගේ කාලය ඉවර බව ඔහු විසින් ඔප්පු කර තිබියදීත් එය පිළිනොගත් තේරීම් කමිටුව ඔහුට මහා වගකීමක් දී කණ්ඩායමට   තෝරා තිබිනි. අවසානයේ දී ඒ විශිෂ්ඨ ක්‍රීඩකයාත් නින්දාවට පත් කර ඇත්තේ ඔහුගේ ගෞරවනීය අතීතයේ අභිමානයත් ඔහුට අහිමි කරමිනි.

එවැනි ඉතිහාසයක් ගැන අවබෝධයක් නැතිව වීරයින්ට ඇදඟත් අපේ  සිඟිති ගොබ්බයින් ක්‍රිකට් දෙවැනිකොට,  ක්ලබ් ගානේ, බඩු පොට් ගානේ සිගරට් උරමින් රස්තියාදුවීම  නවත්වා නිවාඩු දමා මේ තරග බැලිය යුතුව තිබූ බවට අප යෝජානා කළේ එබැවිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලින්ම පන්දුවට පහර දුන්නේ ඇෆ්ගනිස්ථානය ය.  කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථානය මුලින්ම පන්දුවට පහර දිම තේරුවේය. ලකුණු 291ක් රැස් කළේය. දැවී ගියේ කඩුළු 05ක් පමණි. ඊබ්‍රහීම සද්‍රාන් නොදැවී ලකුණු 129කි. ඒ ලකුණු 129ටම හතරේ පහර 08කි. හයේ පහර 03කි. රහමනුල්ලා ගුර්බාස් ලකුණු 21කට දැවී යද්දී, රාමට් ෂා ලකුණු 30කටත්, හස්මතුල්ලා සහීඩි ලකුණු 30කටත්, අස්මතුල්ලා ඕමාර්සායි ලකුණු 22කටත්, මෙහොමඩ් නබී ලකුණු 12කටත්, දැවී යද්දී එක් අන්තයක ඊබ්‍රහීම සද්‍රාන් නොසැලී සිටියේය.  රශීඩ් ඛාන් නොදැවී 35ක් සහිතව ලකුණු 58ක සම්බන්ධතාවයක් රහ්මනුල්ලා සමග ගොඩනැගුවේය.

ජොස් හසෙල්වඩුල් ලකුණු 39ට කඩුලු 02ක් ලැබුවේය. මිචෙල් ස්ටාක්, ග්ලෙන් මැක්ස්වෙල්, ඇඩම් සම්පා කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉන්ම ක්‍රීඩා කිරීමට පැමිණ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එල්ල වූයේ කිසිවෙක් බලාපොරොත්තු නොවූ තරමේ පීඩනයකි. ඇෆ්ගන් පන්දු යන්නෝ ඔස්ට්‍රේලියානු ඉනිම කුඩු කරමින් උන්හ. ඩේවඩ් වෝනර් ලකුණු 18කි. ට්‍රෙවිස් හෙඩ් දෙවැනි පන්දුවේ දී ලකුනු නොලබා දැවී ගියේය. මිචෙල් මාර්ෂ් ලකුණු 24කි. මානස් ලබුස්චාගන් ලකුණු 14කි. ජොෂ් ඉන්ගිලිෂ් දැවී යන්නේ තමන් මුහණ දුන් පළමු පන්දුවේදිමය. ඔහුට ලකුණු ලබා ගන්නට වෙලාවක් නැත. පන්දු දෙකක් තුළ අස්මතුල්ලා ඕමාර්සායි කඩුළු 02ක් ලබාගෙනය.  ග්ලෙන් මැක්වෙල් පිටියට එන්නේ අස්මතුල්ලාගේ තුන්වැනි කඩුල්ල ලෙසය.

මැක්ස්වෙල් වෙත පිටියට පැමිණෙන විටම පැවරී තිබුණ වගකීම හැට්‍රික් එක බේරා ගනීමය.

කඩුළු ත්‍රිත්වය බේරා දීම සඳහා    ඔහු පිටියට  එනවිට  ඔස්ට්‍රේලියාවේ කඩුළු 05ක් ලකුණු 69කට දැවී ගොස්ය. ඔහු එක් අන්තයක රැඳී සිටින්නේය. එහෙත් කඩුළු බිඳ වැටීමේ කෙළවරක් නැත. මාරකස් ස්ටොනික් ලකුණු 06කට දැවී යන්නේය. මිෂෙල් ස්ටාක් ලකුණු 03කි.  ලකුණු 91කට කඩුළු 07ක් දැවී ගොස්ය. ඔස්ට්‍රේලියාව හිටියේ ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 201ක් පහළින් කඩුළු 03ක් පමණක් අතැතිවය. කඩුලු 7 දැවී යන්නේ ඕවර 18.3කිනි.  මේ තරගය තිබුණේ ඔස්ට්‍රේලියාව අහලකින්වත් නොවේ. යක්ෂයින් සේ පන්දු යවමින් සිටි නවීන් උල් හක්, අස්මතුල්ලාහ් ඕමාර්සායි, රශීඩ් ඛාන්  කඩුළු 02 බැගින් ලබාගෙන උන්හ.

මේ අතර ඇෆ්ගනිස්ථානය මේ තරගයේ බිහිසුණුම වැරැද්ද කළේය. ඒ ලකුණු 33 දී ග්ලෙන් මැක්ස්වෙල් විසින් ලබා දුන් උඩ පන්දුව ෂෝට් ෆයින්ලෙග් හි පන්දු රකිමින් සිටි මුජිබ් අර් රහ්මාන් විසින් අතහැරීමය. ඒ අතහැරීම තරගය අත්හැරීමම වූයේය.

නායක පැට් කුමින්ස් එක් අන්තකය. ඔහුගේ වගකීම වූයේ ඒ අන්තය රැක ගැනීමය. මැක්ස්වෙල්  සිය ප්‍රහාරය දියත් කළේය. එක් අන්තයක මැක්වෙල්ය. විශ්වාසනීය පිතිකරණයක ඔහු නිරත වී සිටියේය. කඩුළු ත්‍රිත්වය බේරාගන්නට පැමිණි මැක්ස්වෙල් පන්දු 76ක් තුළ සිය පලමු ශතකය වාර්තා කළේය.

කුමින්ස් විශාල පහරවල් වෙත යා හැකි ශඛ්‍යතාවයක් සහිත ක්‍රීඩකයෙකි. නමුත් මැක්ස්වෙල් එක් අන්තයක සිට එය ඉටු කරන්නේය. කුමින්ස් වගකීම් සහගතව සිය අන්තය ආරක්ෂා කරගනිමින් සිටියේය.

එහෙත් මේ දුෂ්කර ගමනට මහා බාධකයක් තරගයේ 40 වැනි ඕවරයේ 2 වැනි පන්දුවේ දී පෙරළුනේය. පාදයේ බරපතල මස්පිඩු ආබාධයකට ලක් වී මැක්ස්වෙල්ගේ කඩුළු අතර දිවීම නතරවූවා පමණක් නොව, ඔහුව ක්‍රීඩා ගාරය වෙත යවා පිටියට පැමිණීමට ඇඩම් සම්ප්සා සීමා ඉර ගාව සිටගෙන සිටියේය.  අනතුරුව ඔහු යළි ක්‍රිඩාගාරය වෙත ගියේය.

ඒ වනවිට මැක්ස්වෙල් ලකුණු 147ක් ලබා සිටියේය.

කෙසේ වෙතත් දැන් තතත්වය වෙනස්ය. මැක්ස්වෙල්ට කඩුළු අතර දිවීම කළ නොහැකිය. ලබා ගත හැක්කේ  විශාල පහරවල් පමණි. පාද චලනයන් නැත.

මස්පිඩු ඇබාධය

අප දන්නා ක්‍රිකට් බොරු වූයේ ඉන් අනතුරුවය. අහවල් තාක්ෂණයක්වත් පාද චලනයක්වත් නැත. පන්දුව අපට පෙනුනේ සීමා ඉර ඉක්මවා යෑමය. එසේත් නැතිනම්  ක්‍රීඩා ගාරයේ ප්‍රේක්ෂකයන් අතර පතිත වීමය. එය අදහා ගත නොහැකි ප්‍රහාරයකි. මැක්වෙල් දෙවැනි ශතකය ලබා ගන්නේ පන්දු 52ක් තුළය. මැක්ස්වෙල් නොදැවි ලකුනු 201කි.

මේ තරගයේ වීරයා මැක්වෙල් බව පෙනී යනු ඇත. ඔහු ලකුණු 201ක් පන්දු 128ක දී ය. ඊට හතරේ පහර 21කි. හයේ පහර 10කි. කකුලේ අබාධයක් සහිතව පාද චලන නොමැතිව පා එක් තැනක තබා ගනිමින්  හතරේ හයේ පහරවල් වලින් පමණක්  ලබා ගත් ඔහුගේ දෙවැනි ශතකය ක්‍රිකට් ඉතිහාසයේ  නොමියෙන වික්‍රමයක් බව සැබෑය. එහෙත් ඔහුට ඒ වික්‍රමය කිරීමට ඉඩ හසර සලසා දෙමින් ඔහු පිළිබඳව වූ මහා විශ්වාසයක් සහිතව අනෙක් අන්තයේ පැට් කුමින්ස් වූයේය. මේ වික්‍රමය පුරාම ඔහු ලබා ගත්තේ ලකුණු 12කි. පන්දු 68කට මුහුණ දුන්නේය. සිය සගයා කෙරෙහි විශ්වාසය තබමින අතිශය වගකීම් සහිතව සිය අන්තය ආරක්ෂා කරගත්තේය. අටවන කඩුල්ල සඳහා සම්බන්ධතාවය වාර්තාගත ලකුණු 202කි. නායක පැට් කුමින්ස් ඉන් දැරුවේ ලකුණු 12ක දායකත්වයක් පමණි.

ක්‍රිකට් යනු එයය. ඇඟේ හයිය හෝ තාක්ෂණික පරිපාකයට එහා ගිය මහා කතාවක් ඒ තුළ ගැබ් වී ඇත. අභිමතාර්ථය මව්බිමේ ජයග්‍රහණය නම් ඒ වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳ දෙගිඩියාවක් නැත්තන්ට ජයග්‍රහණය සම්බන්ධව ගැටලුවක් නැත.

මේ පෞරුෂවත් හැඟීම අපේ කණ්ඩායමේ 11න් 2කට තිබුණේ නම් ලොන්ත පදුරු වී ඉන්දියාවට පරදින්නේ නැත. ඔස්ට්‍රේලියාවට කුජීත වන්නේ නැත. බංගලියන්ට හෝ ඇෆ්ගනිස්ථානයට කුජිත වන්නේ නැත

ඉන්නා ග්‍රහලෝකවලින් පොළොවට බැස තමන්ගේ තරම හරියට තක්සේරු කරගත හැකි නම් අපට දැන් ඉන්නා ටොම්බෝල ගැසීමේ තැනින් එළියට ඇවිත් ක්‍රිකට් ගැසිය හැකිය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තැපෑලෙන් ගන්නවාට එරෙහි තැපැල් වර්ජනයක්…   තැපැල්පති තැපැල් නිවාඩු අහොසි කරයි…

Next Post

ඖෂධ අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර තනතුරින් පහ කරයි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.