සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නායකයින් දෙදෙනාගේ තරගය… ඇෆ්ගනුවන් පරදා ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුළු 06ක විශිෂට ජයක්…

by editor
අප්‍රේල් 15, 2025 - Updated on අප්‍රේල් 16, 2025
in ක්‍රීඩා
සධීර... නායකත්වයේ ඉනිම... නොදැවි ලකුණු 129යි..

සධීර... නායකත්වයේ ඉනිම... නොදැවි ලකුණු 129යි..

Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා, අයර්ලන්ත සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම අතර පැවති අද අබුඩාබි හි දී පැවති තරගයෙන් කඩුළු 06ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායාම අද (15) සමත් වූයේය.

දැනට ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණ දුන් තරග දෙකෙන්ම ජයග්‍රහණය කර තරගාවලියේ තීරණාත්මක සලකුණක් තැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වී තිබේ.

අද පැවති තරගයේ දී කාසියේ වාසිය දිනා ගනු ලැබුවේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසිනි. ඇෆ්ගනිස්ථාන නායක ඩාර්විෂ් රසූලි මුලින්ම පන්දුවට පහර දීම තේරුවේය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුළු 8කට ලකුණු 248ක් ලබාගෙන අභියෝගාත්මක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේය.

සලකුණු කර තැබිය යුත්තේ ඇෆ්ගනිස්ථාන නායක රසූලිගේ අතිවිශිෂ්ට පිතිකරණය ය.  රසූලි  ඔහු කණ්ඩායම ලබා ගත් ලකුණු සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා තනිවම රැස් කළේය. ඔහු අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණෙන්නේ කිසිම ලකුණක් නොලබා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගොස් තිබියදී ය. මුලු ලකුණු සංඛයාව 4ක්ව තිබිය දී 3වන කඩුල්ලත් දැවී යන්නේ. එවන් පීඩනයක් සහිත ඉනිමේ මුලු බර දරාගෙන ඔහු හුදකලාව ලකුණු 155ක් ලබා ගන්නේ පන්දු 147කට පමණක් මුහුණ දෙමිනි. මිනිත්තු 200ක් ඔහු කඩුල්ලේය. හතරේ පහර 8ක් සහ 6 පහර 8ක් එම ඉනිමට ඇතුළත්ය.

මේ විශිෂ්ට ක්‍රීඩකයාට ඇෆ්ගනිස්ථාන ඉනිම ගෞරවාන්විතව අවසන් කිරීම සදහා අංක 5 ස්ථානයේ පිතිකරණයේ යෙදෙන කඩුළු රකින ක්‍රීඩක ඉක්‍රාම් අලිඛිල් සහ අංක 6 ක්‍රීඩක ඉජාස් අහමඩ් එක්වන්නේය. ඉක්‍රාම් ලකුණු 32කි. ඉක්‍රාම් සහහ රසූලි අතර ඇතිවන සම්බන්ධය ලකුණු 107කි. ඉජාස් සහ රසුලි අතර සම්බන්ධය ලකුණු 104කි. රසූලි දැවී යන්නේ 49 වැනි ඕවරයේ 4 වැනි පන්දුවේ දී ය. මේ සටන්කාමී ඉනිම සටනකදී අත් නොහරින ඇෆ්ගන් ජාතිකයින්ගේ ජන්මීය ලකුණ ක්‍රිකට් ක්‍රීඩාව තුළ රෝපණය කරන අනාගත ක්‍රිකට් බලාපොරොත්තුව බව ලියා තැබිය යුතුය. රසූලිව දවා ගන්නේ අවසන් පන්දු ඕවරය යවමින් සිටි මොහොමඩ් ෂිරාස් විසිනි. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුළු 08කට ලකුණු 248ක් ලබා ගත්තේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

රසූලි… හුදකලා සටන… ලකුණු 155යි..

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම පන්දු යැවීම ඩිල්ෂාන් මධුශන්ක ගෙනි. ඔහු පන්දු ඕවර 10 තුළ ලකුණු 37ට කඩුලු 04කි. එක් නිලකුණු පන්දුවාරයකි. මොහොමඩ් ෂාරාස් පන්දු ඕවර 07ක් තුළ ලකුණු 43ට කඩුළු 02කි. දුෂාන් හේමන්ත පන්දු ඕවර 10ක් යවා ලකුණු 40ට කඩුළු 01කි.

පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04ක් දැවී පන්දු ඕවර 41.3ක දී ජයග්‍රාහී ඉලක්කය පසුකළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුල්ල දැවී යන්නේ ලකුණු 02 දී ය. ඒ අංක 2 පිතිකරු කමිල් මිෂාර ලකුණු නොලබා දැවී යෑමෙනි. අංක 3 පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුත් ලකුණු නොලබා දැවී යන්නේය. ලකුණු 02කට කඩුලු 02කි. අංක 4 පිතිකරු ශ්‍රී ලංකා A නායක සධීර සමරවික්‍රම පිටියට එන්නේ මේ දැවැන්ත පීඩනය මැදය. ඔහුත් ඇෆ්ගන් නායකයා මෙන්ම කණ්ඩායමේ වගකීම සිය උරයට ගත්තේය. ඔහු සමග ආරම්භක පිතිකරු ලහිරු උදාරද සිටියේය.

ලහිරු උදාර වටිනා ඉනිමක් ක්‍රීඩා කළේය. ඔහු හතරේ පහර 12ක් සමග පන්දු 83ක දී ලකුණු 81ක් ලබා ගන්නේය. ලකුණු 2ට කඩුළු 2ක් වැටී තිබුණ ශ්‍රී ලංකා A කණ්ඩායමේ 3 වැනි කඩුල්ල දැවී යන්නේ ලකුණු 165 දී ය. තුන්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුන සම්බන්ධය ලකුණු 162කි. 4 වැනි කඩුල්ල වැටෙන්නේ ලකුණු 237 දී ජයග්‍රහණය දකිමිනි. සහන් ආරච්චිගේ ලකුණු 23ක් ලැබුවේය.

ශ්‍රී ලංකාව ගොඩගත් උදාර සහ සධීර…

ඒ මුළු ඉනිම පුරාම එක් අන්තයක රැඳෙමින් ජයග්‍රහණය තහවුරුවන තුරු අත් නොහැක ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A නායක සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 129ක් ලබන්නේ පන්දු 110ක් තුළය. ශ්‍රී ලංකා ඉනිම මිනිත්තු 174කි. ඔහු මිනිත්ති 161 නොදැවී මුළු ඉනිම පුරාම එක් අන්තයක් රැක්කේය. හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ඛලීල් අහමඩ් එක් නිලකුණු ඕවරයක් සමග පන්දු ඕවර 7ක් යවා කඩුළු 02ක් ලැබුවේය. ෂරෆුඩින් අෂ්රෆ් ලකුණු 50කට කඩුල්ලක්, ක්වයිස් අහ්මඩ් පන්දු ඕවර 08ක් යවා ලකුණු 39කට කඩුල්ලක් ලැබුවේය.

අප මේ තරගය තුළ දකින්නේ නායකයින් දෙදෙනෙකුගේ අත් නොහරින සටනය. මුළු ඉනිම පුරාම තරගය සියතට ගෙන ජයග්‍රහණය තුරු නොදැවී තරග කළ ශ්‍රී ලංකා නායක සධීර සමරවික්‍රම තරගයේ වීරයා විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දශක ගණනක් තිස්සේ දුප්පත්කම නඩත්තු කර පවත්වාගත් දේශපාලන කාලකණ්ණිකමේ කතාව පර්යේෂණ දත්ත මත හෙළි වූ හැටි!

Next Post

සෝලා ඕෆ් කරන්න කියලා තාප විදුලි බලාගාර ක්‍රියාත්මක කළේ නෑ… ලංවිම අවධාරණය කරයි…

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.