සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජාතියක් ඔසවා තැබූ දකුණු ආසියාවේ මලල ක්‍රිඩා වික්‍රමය…

by editor
ඔක්තෝබර් 26, 2025
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

බීබීසී –

සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවන දිනයේදී (ඔක්: 25) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන් පදක්කම් 3ක් ම හිමි වූයේ ජවන ඉසව්වලිනි.

කාලිංග කුමාරගේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ, තත්පර 46.21ක කාලයක් සටහන් කරමිනි. එහි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ කල්හාර ඉන්දූප හිමි කර ගත්තේ ය. ඔහුගේ දක්ෂතාව තත්පර 46.81ක් ලෙස සටහන් විය.  මීටර් 100 පිරිමි සහය ධාවන ඉසව්වේ රන් පදක්කම ද ශ්‍රී ලංකාවට හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ජයග්‍රහණය හිමි කර ගත්තේ, තත්පර 39.99කින් තරගය අවසන් කරමිනි. එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඔවුන් තරගය අවසන් කළේ, තත්පර 44.70ක කාලයකිනි.

අද දිනයේ අනෙක් රන් පදක්කම දිනා ගත්තේ, උස පැනීම ඉසව්වෙන් තරග කළ තරිඳු දසුන් ක්‍රීඩකයා ය. ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර් 2.17කි. ප්‍රවීණ ක්‍රීඩිකා නිමාලි ලියනාරච්චි මීටර් 1500 ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 4.25.52ක කාලයකින් තරගය නිම කරමිනි.

එහි පිරිමි ඉසව්වෙන් තරග කළ රුසිරු චතුරංග ද රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඒ, මිනිත්තු 3.55.12ක කාලයක් සටහන් කරමිනි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ඊයේ (25) දිනයේදී ලෝකඩ පදක්කම් 5ක් ද ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

රොෂාන් රණතුංග මීටර් 110 කඩුලු මතින් දිවීම ඉසව්වෙන්, සයුරි මෙන්ඩිස් මීටර් 400 කාන්තා ධාවන ඉසව්වෙන්, ලක්ෂිකා සුගන්ධි මීටර් 100 කඩුලු මතින් දිවීම ඉසව්වෙන්, විනෝදනී ලක්මාලි කවපෙත්ත විසි කිරීම ඉසව්වෙන් සහ මලින්ත සම්පත් කව පෙත්ත විසි කිරීම ඉසව්වෙන් එම ලෝකඩ පදක්කම් දිනා ගත්හ. මලින්ත සම්පත් හිටපු දුර පැනීමේ ශූරයෙකු ද වේ.

දකුණු ආසියාවේ වේගවත් ම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වසර ගණනකට පසු ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ. ඒ, 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ය. ඉන්දියාවේ රංචිහිදී මෙම ශූරතාවලිය පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ චමෝද් යෝධසිංහ නව තරගාවලි වාර්තාවක් ද සමගින් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. යෝධසිංහ තරගය අවසන් කළේ, තත්පර 10.3ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. යෝධසිංහ, 103 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ද ජය ගත්තේ ය. ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයෙකි.

මේ අතර, ශ්‍රී ලංකාවේ සෆියා යාමික් 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා ය.  ඇය මීටර 100 ධාවන ඉසව්වේදී තත්පර 11.53ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළා ය. එය නව තරගාවලි වාර්තාවක් ලෙස ද සටහන් විය.

ඒ අනුව දකුණු ආසියාවේ වේගවත් ම මිනිසා සහ කාන්තාව යන දෙදෙනා ම ශ්‍රී ලංකාවෙන් බිහි වී තිබේ.

චමෝද් සහ සෆියා

මේ අතර, ශ්‍රී ලංකාවේ අමාශා ද සිල්වා 2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගත්තා ය.  ඇය තරගය අවසන් කළේ, තත්පර 11.72ක කාලයකිනි.

සෆියා සහ අමාශා යන ක්‍රීඩිකාවන් දෙදෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් ය. සෆියා පසුගිය දා නිමා වූ ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව බවට ද පත් වූවා ය.  එම ශූරතාවලියේදී මීටර 100 කාන්තා ධාවන ඉසව්ව ඇය අවසන් කළේ, තත්පර 11.51ක කාලයකිනි. අමාෂා ද සිල්වා මෙවර 103 වන වරට පැවති ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වේගවත් ම ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

2025 දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනා ගත්හ. තුන් පිම්ම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ පසිඳු මල්ෂාන් ය. ඔහු මීටර 16.19 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළේ ය.

මදුශානි හේරත් එහි කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමිනි. ඇගේ දක්ෂතාව සටහන් වූයේ මීටර 13.26 ක් ලෙස ය.

මීට අමතරව මීටර 5000 පිරිමි සහ කාන්තා, යගුලිය පිරිමි සහ කාන්තා, මීටර 400 මිශ්‍ර සහය ධාවන ඉසව්ව යන ඉසව්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් දිනා ගත්හ.

පදක්කම් සටහනේ ශ්‍රී ලංකාව සිටින තැන

ශූරතාවලියේ දෙවන දිනය අවසන් වන විට රන් පදක්කම් 8ක් ද ඇතුළුව මුළු පදක්කම් 23ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසු වෙයි.

ඉන්දියාව එහි පෙරමුණේ පසු වන අතර තුන් වැනි ස්ථානයේ රැඳී සිටින්නේ නේපාලය යි. ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් මෙවර ශූරතාවලියට සහභාගි වී සිටිති.

ශ්‍රී ලංකාවෙන් ඊට සහභභාගි වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 63 දෙනෙකි.  මෙවර මෙම ශූරතාවලිය පැවැත්වෙන්නේ, වසර 17කට පසුව ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංජා හේනක් කපා විකුණන්න සූදානම් කරමින් සිටි කෝටි දෙක හමාරක වියලි ගංජා තොගයක් සහ  ගංජා පැල 12825ක් සමග සැකකරුවන් 02ක් අත් අඩංගුවට…

Next Post

ලසන්ත වික්‍රමසේකර ගේ ඝාතකයා කොටු වෙයි…

Related Posts

ක්‍රීඩා

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.