බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සියලුම නීති සහ සදාචාර සීමා බිඳ දමා 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තිලකරත්න ඩිල්ෂාන් සිය දියණියව රිංගවා ගනී… සංචිතය මෙන්න

by editor
සැප්තැම්බර් 12, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ලංකාසර මීට පෙර අවස්ථා හතරක දී කළ හෙළිදරවු කිරීම් සනාථ කරමින් ඕනෑම තලයක ශ්‍රී ලංකා සංචිතයක් තෝරා ගැනීමේ සියලුම අනුමිතීන් සහ නෛතික රාමු බිඳ දමාා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වූ ලිමන්සා තිලකරත්න ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා 19න් පහළ සංචිතයට තෝරාගෙන ඇත.

ඉතාම පහළ පෙළේ දේශපාලන බලපෑම් සහිතව සහ අනීතිකව තිලකරත්න ඩිල්ෂාන් සිය දියණිය 19න් පහළ සංචිතය වෙත යොමු කරවන්නේ මුලින්ම ඇයව 23න් පහළ සිවුකොන් දේශීය කාන්තා සුපර් ලීග් තරගාවලියට යොමු කරමිනි. මෙම සුපර් ලීග් තරග සඳහා කණ්ඩායම් තෝරා ගන්නේ දේශීය වශයෙන් දස්කම් දක්වන ක්‍රීඩිකාවන්ගෙනි. එම සම්ප්‍රදාය බිඳ දමා දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගනු ලැබූ  ලිමන්සා  තිලකරත්න ඉන් පෙර කිසිම අවස්ථාවක දේශීය තරග සඳහා ක්‍රීඩා කර තිබුණේ නැත.

විදෙස් ගතව සිටින ක්‍රීඩකයන් විදේශවල  ක්‍රීඩා කරනු ලබන ආකාරය සළකා ලංකාවේ ජාතික මට්ටමේ සංචිතවලට තෝරා ගැනීමේ පදනමක් මෙතෙක් තිබුණේත් නැත. එවන් පසුබිමක දී තිලකරත්නගේ ඩිල්ෂාන් තමන්ගේ අවමන් සහගත දේශපාලන සහ පරිපාලන බලපෑම් යොදවා ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය ද සහිත සිය දියණියට ලංකා ඉතිහාසයේ මුල් වරට ජාතික මට්ටමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දුන්නේය. ඒ අතර දියණියව ඛෙත්තාරාම අධිතාක්ෂණික ආයතනයට යොමු කර විශේෂඥ පුහුණුව ද ලබා දුන්නේය.

එම තරගාවලියේ දී සැලකිය යුතු දසක්ම් දැක්වීමට අපොහොසත් වූ  ලිමන්සා  තිලකරත්න ඉන් අනතුරුව 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරවීම තිලකරත්න ඩිල්ෂාන්ගේ ඉලක්කය වී තිබිණි. වාර්තා වූ පරිදි ඩිල්ෂාන්ගේ දියණිය කෙසේ හෝ කණ්ඩායමට ඇතුළත් කර ගතයුතු බවට වඩාත්ම බලපෑම් කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාත්,   ප්‍රධාන විධායකවරයා  හා තවත් ක්‍රිකට් පරිපාලකයෙක්  බවය. කෙසේ වෙතත් දක්ෂතා අතර නොසිටි ඇයට වඩා දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් කීප දෙනෙක් ද සිටිය පසුබිමක තේරීම් කමිටුව විසින් තෝරන ලද ක්‍රීඩිකාවන් 15 දෙනා අතර ලිමන්සා  තිලකරත්න සිටියේ නැත.

එහෙත් සැප්තැම්බර්  මස 20 ආරම්භ කෙරෙන ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සංචිතගත 15 දෙනෙකුගෙන් යුතු සම්මත කණ්ඩායම 16ක් බවට පත් කර තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් පරිපාලනය තීරණය කළේය. 16 වැනි ක්‍රීඩිකාව වූයේ ලිමන්සා  තිලකරත්නය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ක්‍රීඩාව බලපෑම් සහිත සූදුවක් බවට පත් කළ බව රටටම පෙනුන මේ අලජ්ජි තෝරාගැනීම වෙනුවෙන් තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ කොන්ත්‍රාත් රැසක් ඉටු කළ බවත් ක්‍රිකට් දූෂණ සොයන බවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු වෙනුවෙන් ඔහු ඉදිරිපත් වන්නේත් ඉහළ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවයට බවත් මධ්‍ය ඔස්සේත් හෙළිදරවු වී තිබිණි.

මෙම සංචාරය සඳහා නම් කර ඇති කණ්ඩායමේ නායිකාව මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර ය. සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් 06 දෙනෙකු මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර, මොණරාගල වැනි කොළඹින් එපිට ප්‍රදේශවලින්ද ක්‍රීඩිකාවන් ද තෝරාගෙන තිබේ. තරගාවලිය ඉලක්ක කරගමින් මූලික සංචිතයට මිතාලි අයෝධ්‍යා තෝරාගෙන සිටියද, ඇය ආබාධයකට ලක්වීම හේතුවෙන් එරන්දි හංසමාලි කැඳවා ඇත. ලිමන්සා තිලකරත්නත් 16 දෙනාට වැඩි කළ සංචිතයේ 16 වැනියාය.

කෙසේ වෙතත් ජාතික ක්‍රිඩා කණ්ඩායම්වලට අවසන් අනුමැතිය ලබා දෙන්නේ ක්‍රීඩා ඇමතිවරයාය. මෙම සංචාරය සඳහා තෝරා ගත් සංචිතයට අනුමැතිය ලබා දීම සිදුකළ යුත්තේ මේ වනවිට ක්‍රීඩාව භාර වත්මන් ඇමති ධූරය දරන ජනාධිපතිවරයා ය.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එදිනෙදා ජීවිතයට AI නැතිවම බැරි ඇයි? – ( AI තාක්ෂණය ගැන ලියැවෙන නවතම ලිපි පෙළ -01)

Next Post

මහ ඡන්දයක් තරමටම උණුසුම්වන ඇල්පිටියේ පුංචි චන්දයේ කතාව!

Related Posts

sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026
Shammi
ක්‍රීඩා

ශම්මි හෙට ඉල්ලා අස්වන ලකුණු… ක්‍රිකට්වලට කලක් යයි ද?

අප්‍රේල් 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.