අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සිග් සැග් රිද්මය… කුජීත පරාජයකින් පසු විශ්මිත ජයග්‍රහණයක්…

by editor
ජූනි 4, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ඨ ක්‍රීඩා විලාසයකය. එක් තරගයක් කුජීත ලෙස පැරදී ඊලඟ තරගය විශ්මිත ලෙස ජයග්‍රහණය කරමින් කාලයක් තිස්සේ  ශ්‍රී ලංකා කණඩායම ප්‍රදර්ශනය කරන සිග් සැග්   රිද්මය ලෝකයේ ක්‍රිකට් ලෝලීන්ට තවමත්  ප්‍රෙහේළිකාවකි.

සූරියවැව ක්‍රීඩාංගනයේ අද (04) පැවැත්වූ  ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන එක් දින තරගාවලියේ දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම  ලකුණු  132ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දුන් ලකුණු 323ක දැවැන්ත ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42.1 ක්  තුළ සියල්ලන්ම දැවී ලබා ගත්තේ ලකුණු 191ක් පමණි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දීමට තීන්දු කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් කීපයක් කර තිබිණි. දිගින් දිගටම අසාර්ථක වූ ජ්‍යෙෂ්ඨයා ඈන්ජලෝ මැතිව්ස් වෙනුවට සධීර සමරවික්‍රම කැඳවා තිබිණි.

අයිපීඑල් පීඩනය මත කණ්ඩායමට ගෙන්වා අත්හදා බැලූ මතීෂ පතිරණ වෙනුවට දුෂ්මන්ත චමීරත් දුෂාන් හේමන්ත වෙනුවට වනිඳු හසරංගත්,  අබාධයට ලක් වූ ලහිරු කුමාර වෙනුවට මහීෂ් තීක්ෂණත් කණ්ඩායමට කැඳවා තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

දිමුත් කරුණාරත්න

ඉතාම සාර්ථක මුහුවක් දක්නට ලැබිණි. දිමුත් සුදු පන්දුව සඳහා යළිත් කදිමට හුරු වූ බව කීවේය. ඔහු පන්දු 62ක් තුළ ලකුණු 52ක් ලැබුවේය. මිනිත්තු 99ක් කඩුල්ලේ රැඳුනේය. හතරේ පහර 07ක් එල්ල කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිහඬ කෙසඟ යෝධයා පැතුම් නිශ්ශංක යළිත් සිය සුපුරුදු වගකීම  ඉටු කළේය. ආරම්භක පිතිකරු ලෙස පන්දු 56ක් තුළ ලකුණු 43ක් ලැබුවේය. දිමුත් සහ පැතුම්  පළමු කඩුල්ල සඳහා පැවැත්වු සම්බන්ධතාවය ලකුණු 86කි.

දෙවැනි කඩුල්ල සඳහා පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් යළිත් මනරම් ඉනිමක් ක්‍රීඩා කළේය. පන්දු 75ක් තුළ ඔහු ලකුණු 78ක් ලැබුවේ හතරේ පහර 07ක් සහ එක් හයේ පහරක් සමගිනි.

 Kusal-Mendis
කුසල් මෙන්ඩිස්

සධීර සමරවික්‍රම පන්දු 46ක් තුළ ලකුණු 44ක් ලැබුවේය. හතරේ පහර 05ක් ඔහුගේ ලකුණු 44ට ඇතුළත් විය. දසුන් ශානක පන්දු 13ක දී ලකුණු 23ක්, වනිඳු හසරංග පන්දු 12ක දී ලකුනු 29ක් ධනංජය ද සිල්වා පන්දු 24ක දී නොදැවී ලකුණු 29ක් ලැබුවේය.

ශ්‍රී ලංකා ඉනිම පන්දු ඕවර 50 අවසන දි කඩුළු 06කට ලකුණු 323කි. ඕනෑම තත්ත්වයක් යටතේ එම ලකුණු ප්‍රමාණය  එක් දින තරගයක දී හඹා යෑමට අපහසු ඉලක්කයකි.

එම ඉලක්කය ලබා හඹා යෑමට පැමිණි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට තරගය ආරම්භයේ සිට දුෂ්මන්ත චමීර එල්ල කළ පීඩනය පහසු වූයේ නැත. ලකුණු 11ක්  ලබා සිටිය දී ඇෆගනිස්ථාන ආරම්භක පිතිකරු සහ කඩුළු රකින ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස් දවා ගැනීමට දුෂ්මන්ත යැවූ පන්දුව සම්බන්ධව ජාත්‍යාන්තර විචාරකයෝ යළි යළිත් කතා කළහ. දුෂ්මන්ත පන්දු ඕවර 07ක් තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. කඩුළු 02ක් ලැබුවේය.

 Dushmanth
දුෂ්මන්ත චමීර

මනරම් පන්දු යැවීමක නිරතවුන ධනංජය ද සිල්වා පන්දු ඕවර 10 තුළ ලකුණු 39කට කඩුළු 03ක් ලැබුවේය.  යළිත් වනිඳු සුපුරුදු රිද්මයට පැමිණ ඇති බව පෙනුණි. ඔයු පන්දු ඕවර 9ක් යවා ලකුණු 42කට කඩුළු 03ක් ලැබුවේය. මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලැබූහ.

දුෂ්මන්ත චමීර ආරම්භයේ දි ඇති කළ පීඩනය පවත්වා ගැනීමට මහීෂ් තීක්ෂණ සහ වනිදු හසරංගත්, ධනංජය ද සිල්වාත් දඟ පන්දු යවන්නන් ලෙස කටයුතු කළහ. ඔවුන් ලකුණු ලබා ගැනීමට අවස්ථාව නොදී නිවැරදි  එල්ලය වෙත පන්දුව යොමු කරමින් පිතිකරුවන් මත ඇති කල පීඩනය අවසානයේ දී කඩුළු දඩයමට පදනම දැමීය.

ඊබ්‍රහීම් සද්‍රාන්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දු 42.1ක් තුළ ලකුණු 191කට සියල්ලෝ දැවී ගියහ.  ඇෆ්ගනිස්ථානය වෙනුවන් පසුගිය තරගයේ වේගවත් ලකුණු 98ක් ලැබූ ආරම්භක පිතිකරු ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 54ක් ලැබුවේය. නමුත් ඊට පන්දු 75ක් වැය විනි. එල්ල කළේ හත්රේ පහර 2ක් සහ හයේ පහර 2ක් පමණි.

නායක හස්මතුල්ලාහ් ෂහීදි පන්දු 62ක දී ලකුණු 57ක් ලැබුවේය. ඊට හතරේ පහර 06ක් ඇතුළත් විය. රහ්මට් ෂා ලකුණු 36ක, අස්මතුල්ලාහ් ඕමාර්සායි ලකුණු 28ක් ලැබුවේය.

තරගයේ වීරයා ධනංජය..

අවසන් පන්දු ඕවර කළමනාකරණය කරගෙන  පන්දු 24ක් තුළ නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් ලකුණු 39කට කඩුළු 03ක් දවා ගත් ධනංජය ද සිල්වා තරගයේ වීරයා වූයේය. ඔහුට සම දස්මක් දැක්වූ වනිඳු හසරංග පන්දු 12ක දී ලකුණු  29ක් ලැබුවේය. ලකුණු  42කට කඩුළු 03ක් ලැබුවේය. පිටියේ මනරම් පන්දු රැකීමක නිරත වුනේය.

නොදෙවෙනි දසක්ම් පෑ වනිඳු….
Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ලක මළ සිරුරක්!

Next Post

ඖෂධ ගෙන්වා ගැනීමට ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 200ක්…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.