අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

සැඟවුන මළ පෙරේතයන්ගෙන් ක්‍රිකට් නිදහස් කරන්න අවශ්‍යයයි… මහෙළ – සනත්… ඔයාලත් දැන් යන්න…

by editor
ජූනි 21, 2024
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

neutral-ampayerක්‍රිකට් තරග පරාද වූ පසු නායකයාත් පුහුණුකරුත් පතුරු ගැසීම සාමාන්‍ය සිරිතය. ක්‍රිකට් පරිපාලකයන් වෙත ඇඟිල්ල දික් වන්නේ ඊට පසුවය.

දැනට වසර දෙක තුනක සිට මේ අතර සිටිමින් කිසිදු වගකීමක් නොගන්නා අයකු මේ අතර සිටී.

එනම් ක්‍රිකට් ගොඩ නගන්න ඇඩ්වයිස් දෙන්න විශේෂයෙන් පත් කර සිටින උපදේශකවරයායි.

මෙසේ වසර දෙකකට අධික කාලයක් මුළුල්ලේ මේ උපදේශක තනතුරේ සිටින්නේ මහේල ජයවර්ධනයි.

මොහුව පත් කරන ලද්දේ එවකට ක්‍රීඩා ඇමති ධූරය දැරූ නාමල් රාජපක්ෂගේ බලපෑම මතය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මෙතෙක් කල් වැඩ කළේ ඩොලර් 20,000 ක මාසික වැටුපකටය.එනම් මාසිකව රුපියල් ලක්ෂ 60 ක් තම ගිනුමට බැර කර ගනිමිනි.

ඔහු මේ අතර වාරයේ තම හිත මිතුරු ටොම් මූඩිටත් කෝටි ගණනක් ගෙවූ දින 100 ක පමණක් වැඩ කිරීමට වාර්ෂික කොන්ත්‍රාත්තුවක් අරගෙන දුන්නේය. ඒ සඳහා ඔහුට ගෙවූ මුදල කෝටි ගණනකි.

ජාතික කණ්ඩායමටත් උසස් තාක්ෂණ ඒකකයටත් පුහුණුකරුවන් තෝරා ගත්තේ ප්‍රධාන වශයෙන් මේ දෙදෙනාගේ කැමැත්තටය. එසේ තෝරා ගැනුනේ හුදෙක් ඔවුන්ගේ හිතවතුන්‍ ය. මේ සියලු දෙනාගේ වැඩ කිඩ හරි හැටි තිබුණේ නම් අපේ ක්‍රිකට් මේ තරම් අගාධයකට පත් වන්නේ නැත.

පාසල් තරග පැවැත්වූයේත් මහේල හැදූ සැලැස්මවල් අනුවය. පාසල් ක්‍රිකට් මට්ටමද දැන් ඇත්තේ පහළ මට්ටමකය. ඒ අනුව මහේල ෆේල් ය.

මහේල උපදේශක ලෙස සිටියදීම හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමතිවරයාද තම ගජ මිතුරු සනත් ජයසූරියව උපදේශකයකු ලෙස බඳවා ගන්නා ලෙස ෂම්මිට කරන ලද ඉල්ලීමක් අනුව ඔහුවද මසකට ලක්ෂ 50 ක වැටුපකට ක්‍රිකට් ආයතනයට බඳවා ගන්නා ලදී.

දැන් උපදේශකයෝ දෙන්නෙකි. ඔවුන් දෙදෙනාගේ මාසික වැටුපේ එකතුව ලක්ෂ 110 කි.

එහෙකින් නොනැවතුනු මේ උපදේශක යුගල කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ක්‍රිකට් සංචාර වලටද අමතර දීමනා සමග එක් වූවෝය.

මහේල කනිෂ්ඨ ලෝක ශූරතාවට ගියද එහි අපට හිමි වූයේ නව වැනි ස්ථානයයි.

ජ්‍යේෂ්ඨ ලෝක ශූරතාවටද ගිය නමුත් අපේ කණඩායම මුල් වටයෙන්ම ආපසු පැමිණියේය

සනත්ද මේ ආකාරයෙන්ම කනිෂ්ඨ හා ජ්‍යේෂ්ඨ ලෝක ශූරතා වලට ගියත් සිදු වූයේ එම ප්‍රතිඵලයමය.

වෙන රටවල නම් මෙවැන්නන් කණෙන් අල්ලා ඉවත් කරනු ලැබුවත් ප්‍රථිඵලයක් ගෙන නොදී නිකම් කෝටි ගණන් වැටුප් ලබන නිකමුන් තව දුරටත් තියා ගන්නේ ලංකාවේ පමණි.

අපේ මාධ්‍යකරුවන්ද නියමය. මෙවන් අන්ත පරාජ වල වගකීම තමන් ගන්නේදැයි ඔවුන්ගෙන් අසන්නට එකදු මාධ්‍යකරුවකු හෝ නොමැත.

ලෝක කුසලාන තරගාවලියේ මුල් වටයෙන්ම ඉවතට විසි වී ආපසු ඒමේදී සනත් හොර බළලකු මෙන් සැඟව යද්දී සනත්ගෙන් යමක් ඇසීමට එහි සිටි මාධ්‍ය කරුවෝ අසමත් වූහ.

සනත්ගේ මාධ්‍ය උපදේශකයාද ලෝක කුසලානයේ සිටිමින් කළේ සුදු හුණු ගෑමයි.

වාර්තා වන අන්දමට සිල්වර්වුඩ්ගේ කොන්ත්‍රාත්තුවද මේ සමගම අවසන් වෙයි.

ක්‍රිකට් කණපිට ගැසීමද කළ යුතු බව පැවසේ. එයද මෙතෙක් ෆේල් වූ සනත්ටම දෙන කතාවක් කියවේ.

ඒ අනුව තම ගජ මිතුරන් රිංග වීමටද ඔහු සූදානමින් සිටින බව වාර්තා වේ.

මෙය ඉඟුරු දී මිරිස් ගත්තාක් වැනි වැඩක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

කිසිදු පුහුණු සුදුසුකමක් නොමැති විනය පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති තිලකරත්න ඩිල්ෂාන්ද සනත්ගේ හා හරීන්ගේ කරේ එල්ලී පුහුණු අංශයට රිංගීමේ ගේම් එකක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ. .
නාමල් රාජපක්ෂද මේ සඳහා ෂම්මි සිල්වාට බලපෑම් කරන බවත් කියවේ.

අපේ ක්‍රිකට් වලට අබ සරණයි කීම හැර වෙන යමක් කීමට නොමැත

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ගැන අධිකරණ ඇමති කළ අපහාසාත්මක ප්‍රකාශය පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් !

Next Post

පොසොන් පොහොය දා සැදැහැතියන් සමග සාලිය ඇත් රජු කිරි වෙහෙර වඳියි!

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.